JAT Holdings PLC විසින් කේම්බ්‍රියන් බිග් මැච් එකට අනුග්‍රහය දැක්වීමට සූදානම්!

POW 2025 A (LBN)

2025 පෙබරවාරි, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැව ආලේපන සැපයුම්කරු වන JAT Holdings PLC විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වෙත තම අනුග්‍රහකත්වය ලබා දෙන බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින ලදි. මෙහි දී මෙම අනුග්‍රහය වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත් වීමට නියමිත ඓතිහාසික Battle of the Golds ක්‍රිකට් තරගාවලිය දක්වා ද විහිදෙන බව ඔවුන් එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

මෙම ඓතිහාසික තරගයට තවත් වටිනාකමක් එක් කරමින් ඔවුන් මෙම වසරේ දී “Founders Trophy” – ශ්‍රීමත් චාල්ස් හෙන්රි ද සොයිසා සහ පූජ්‍ය Fr. බොන්දානි අනුස්මරණ කුසලානය නමින් නවතම තරගයක් ඒ සඳහා එක් කර තිබේ. මෙම නව කුසලානය මගින්, පාසල් ද්විත්වය අතර ක්‍රීඩකයින්ගේ ගුණාංග වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

 



 
1933 වර්ෂයේ ඇරඹි රන් මහා සටන, ආරම්භයේ සිටම මොරටුව ක්‍රීඩා සංස්කෘතියේ ඉතා වැදගත් අංගයක් බවට පත් විය. මේ ඔවුන්ගේ 75 වැනි සටනයි. මෙවර ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගී වීමට සූදානමින් සිටින වේල්ස් කුමර කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රාහය දැක්වීමට JAT Holdings ඉදිරිපත් වීම, ඔවුන්ට මෙම තරගය සඳහාත්, අනාගතය සඳහාත් රුකුලක් වනු ඇත.

මෙම අනුග්‍රහකත්වය පිළිබඳ අදහස් දක්වමින් JAT Holdings PLC හි ප්‍රධාන විධායක නිලධාරි නිශාල් ප්‍රඩිනාන්දු මහතා දේශීය ක්‍රීඩාවට සහය දැක්වීමේ වැදගත්කම ගැන තම වටිනා අදහස් බෙදා ගන්නා ලදි. “JAT සමාගම සහ වඩු වැඩ සඳහා සුප්‍රසිද්ධ මොරටුව පුරවරය අතර ඉතා විශාල සබඳතාවක් තිබෙනවා. මෙවර රන් මහා සටනේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙත අපේ අනුග්‍රහය දැක් වීම මගින්, නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහයක් වීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් අපට හැකි දායකත්වය දැක්වීමට අප බලාපොරොත්තු වෙනවා.” ඔහු ප්‍රකාශ කළේය.

JAT Holdings PLC ට අමතරව, Elephant House and Prima KottuMee ඇතුළු තවත් පාර්ශව රැසක් මෙවර රන් මහා සටනට තම අනුග්‍රහය ලබා දීමට නියමිතය. එලිෆන්ට් හවුස් පෙර සිටම ශ්‍රී ලංකා ක්‍රිකට්වල ප්‍රධාන අනුග්‍රාහකයෙකු වූ අතර, ප්‍රීමා කොත්තු මී විසින් තාරුණ්‍ය අතර ක්‍රිකට් සහ ක්‍රීඩා උන්මාදය පවත්වා ගැනීම සඳහා ඉටු කරන ලද කාර්යභාරය අති විශාලය.

රන් මහා සටන යනු තවත් එක් ක්‍රිකට් තරගයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රිකට් තරගාවලි අතුරින් එකකි. එය පාසල් සිසුන්, ආදි ශිෂ්‍යයන් සහ ක්‍රිකට් රසිකයන් අතර එක සේ ජනප්‍රිය උත්සවයකි. එය සැමරීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් මග බලා සිටී.

 

වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති, හෂිත කේසර වෙත්තමුණි මහතා විසින් JAT Holdings ලබා දෙන සහයෝගය වෙනුවෙන් තම කෘතඥ පූර්වක ස්තුතිය පළ කර සිටියේ ය. “මෙම අනුග්‍රහය හරහා අපගේ ක්‍රීඩකයන් වෙත අවශ්‍ය උපරිම සහයෝගය ලැබෙනු ඇත. බිග් මැච් එක අප පාසලේ සියලුම දෙනාට ඉතා වැදගත් අවස්ථාවක්. JAT අනුග්‍රහය නිසා මෙවර බිග් මැච් එක පෙරටත් වඩා අමතක නොවන අවස්ථාවක් බවට පත් වේවි.”

JAT Holdings යනු පෙර සිටම ක්‍රීඩාව වෙනුවෙන් තම නොමසුරු අනුග්‍රහය ලබා දුන් ආයතනයකි. ක්‍රීඩාවට පමණක් නොව, අධ්‍යාපනය, නිපුණතා වර්ධනයට සහ අවස්ථා නිර්මාණය කිරීම සඳහා ඔවුන් තම උපරිම දායකත්වය ලබා දෙයි. JAT සමාගම සමාජය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර, වේල්ස් කුමර විදුහල වෙත අනුග්‍රහය දැක්වීම ඔවුන්ගේ එම සමාජ සත්කාරවලම තවත් එක් දිගුවකි.

JAT Holdings පෞද්ගලික සමාගමේ සහයෝගයත් සමග වේල්ස් කුමර විදුහල මෙවර රන් මහා සටන තුළ තම උපරිමය සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව