බ්‍රිතාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතනයක් මෙන්ම, තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර සම්බන්ධයෙන් ප්රමුඛ උසස් අධ්‍යාපනික ආයතනයක් වන, ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) මගින්පිරිනමන, InfoScholශිෂ්‍යත්ව වැඩසටහනේ ප්රතිලාභ පිළිබඳ දේශීය තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික සමාගම්50 කට අධික ප්‍රමාණයක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විණි.
Informatics Group හි නිර්මාතෘ හා සභාපති වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක වන InfoSchol ශිෂ්‍යත්ව වැඩසටහන මගින්තොරතුරු තාක්ෂණ හා ව්යාපාරඋපාධි සඳහා පූර්ණ ශිෂ්‍යත්ව හිමිකර ගැනීමට අවස්ථාව පවතී. වසර ගණනක් තිස්සේම, ශ්‍රී ලංකාව පුරා දක්ෂ පාසල් දරුවන්ට, රටේ ප්‍රධාන පෙළේ ආයතනවලරැකියා කටයුතු කරන අතරෙහිවෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් මෙහෙයවනු ලබන උපාධි පාඨමාලාවල නිරත වීමට හැකියාව ලැබේ.
බ්‍රිතාන්‍ය යේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ්, Informatics Group හි නිර්මාතෘ හා සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ, ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) හි අධ්යක්ෂ මහාචාර්ය ජයන්ත විජේරත්න, පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා, IIT සාමාජිකයින් හා ආයතන පනහකට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා සහභාගි වී තිබුණි..
ඊට සහභාගී වි සිටි Zone24x7 හිවෘත්තීය සේවා& TKM හි අධ්යක්ෂ තිලාන් වර්ණකුලසූරිය හා Google USහි Area Tech Lead, ආචාර්ය ශශක්ති අබේසිංහගේ මව වන, ටමාරා දුනුසූරිය සිය, InfoSchol අත්දැකීම බෙදා හදා ගැනීම විශේෂත්වයකි. තිලාන් හා ආචාර්ය ශශක්ති, ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ව්යාප්තවවසර ගණනක් තිස්සේ පවතින ප්රමුඛ පෙළේ බහුජාතික සමාගම් වල පදවි හොබවන,සාර්ථකත්වයට පැමිණි සිය ගණනක්InfoScholපිරිස අතරින් දෙදෙනෙක් පමණි.
“IIT InfoScholවසර ගණනක් තිස්සේ, සිසුන් ලබන වරප්‍රසාදයක් බවට පත් වී තිබෙනවා.එමගින් රැකියා අවස්ථා සමගින් වෘත්තීය විශිෂ්ටත්වය ළඟා කර දීමට අමතරව,සිසුන්ගේ ජාත්‍යන්තර උසස් අධ්‍යාපන අරමුණු සපුරා ගැනීම උදෙසා අත්‍යවශ්‍ය මාර්ගය සකස් කර දෙන බවට IITඔප්පු කර තිබෙනවා.”ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) හි අධ්යක්ෂ, මහාචාර්ය ජයන්ත විජයරත්න සඳහන් කළේය.
“InfoSchol කියන්නේ උසස් අධ්‍යාපනය තුළින් ජාත්‍යන්තර වෘත්තියක් පිළිබඳ සිහින දකින සිසුන්ට ලැබෙන විශාල අවස්ථාවක්. InfoSchol ශිෂ්‍යත්ව හිමි කර ගන්නා පාසල් සිසුන්ට බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනැමෙන තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර උපාධි පාඨමාලා ගණනාවක් හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ඉංජිනේරු විද්‍යාවේදී (ගෞරව) උපාධිය, පරිගණක තාක්ෂණ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, ව්‍යාපාර තොරතුරු ක්‍රමවේද අළලා ව්‍යාපාර විද්‍යාවේදී (ගෞරව) උපාධිය හා ව්‍යාපාර කළමණාකරණ (ගෞරව) උපාධිය ආදී පාඨමාලා ඔවුන්ට හැදෑරීමට පුළුවන්.”InfoScholහි ව්‍යාපෘති කළමණාකාර වජිර කරුණාරත්න සඳහන් කළේ ය.
“උපාධි පාඨමාලා පූර්ණ කාලීන නොවන වසර පහකින් අවසන් කළ හැකි පාඨාමාලා. පාඨමාලා කාලය ඇතුළත, InfoScholසඳහා තේරුණු සියලු සිසුන්ට රැකියා අවස්ථා ලබා දීමට ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) හා සම්බන්ධිත, බහුජාතික හා ස්ථාපිත, රටේ පිළිගත් ආයතන වෙත සිසුන් යොමු කෙරෙනවා. IIT හිදී, සියලු සිසුන්ට, වෙනස් ශිෂ්‍ය පරිසරියක, පළපුරුදු කථිකාචාර්යවරුන්, නවීනතම දේශන ශාලා, පුස්තකාල අත්දැකීම්ද ඇතුළත්ව ක්‍රීඩා, සංගම් හා සංවිධාන ආදී විෂය බාහිර ක්‍රියාකාරකම්ද සමගජාත්යන්තර ඉගෙනුම් පරිසරයක, නම්‍යශීලී අධ්‍යාපන රාමුවක් සහිත, සම්මානිත උසස් අධ්‍යාපන ආයතනයක දිදුලන සිසු දිවියකට ප්‍රවේශ වීමේ හැකියාවත් ලැබෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දෙමව්පිය පාර්ශවය වෙනුවෙන්, සිය දැක්ම ඉදිරිපත් කරමින්, Google US හි Area Tech Lead, ආචාර්ය ශශක්ති අබේසිංහගේ මව වන ටමාරා දුනුසිංහ මෙලෙස සඳහන් කළාය. “මගේ දරුවා උසස් පෙළ සමත් වුණාට පස්සේ අපිට දැන ගන්න ලැබුණා IIT InfoSchol ශිෂ්‍යත්ව වැඩසටහන ගැන. ඒ වගේම කිසිම මුදලක් වියදම් නොකර, උපාධි සිහිනය සැබෑ කර ගන්නත් එයාට පුළුවන් වුණා. IIT ලංකාවේ හොඳම ආයතන සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන නිසා ඔවුන් මගේ පුතාට හොඳ රැකියාවක් සොයලා දුන්නා.IIT පිරිනමන මෙම අපූරු ශිෂ්යත්වඅවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා මම නිතරම ගුරුවරුන්ට සහ දරුවන්ට කියනවා. ඒ හරහා, දරුවන්ගේ ජීවිතවලට හොඳ ආරම්භයක් ලබා දෙමින් තමන් අමාරුවෙන් උපයා ගත් මුදල් ඉතිරි කර ගනිමින්,් උසස් පෙළ විභාගයෙන් පසු රැකියාවක් කරන ගමන් දරුවන්ව, ඉගෙනීමට යොමු කිරීමට දෙමව්පියන්ට පුළුවන්. මෙය දෙමව්පියන් විසින් මඟ හරවා නොගත යුතු හොදම අවස්ථාවක් ලෙසිනුයි මම දකින්නෙ. ඒ වගේම, IIT කාර්ය මණ්ඩලය ලබා දුන් කාරුණික සහයෝගය පිළිබඳවත්මෙහිදීඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා”
උපාධි පාඨමාලා ඇරඹීමට පෙර, තෙමසක පුහුණු වැඩසටහනක් සඳහා සිසුන් යොමු කෙරේ. ආයතනයන්හි රැකියා සඳහා යොමු වීමට කාලවේලාවක් නොමැති පූර්ණකාලීනව පාඨමාලාවල සිසුන්ට මෙන් නොව, පස් වසරක පූර්ණ කාලීනනොවන මෙම උපාධි පාඨමාලා කාලය තුළ සිසුන්ට, තමන් උගන්නා දෙය ප්‍රායෝගිකව යොදා ගැනීමට අවස්ථාව සැලසේ. සිසුන් හදාරන උපාධි පාඨමාලාව හා බැඳුණු, රැකියාවක නිරත වෙමින් ප්‍රමාණවත් දීමනාවක්ද ලබා ගැනීමට InfoSchol සිසුන් ට හැකි වේ. ඔවුන්ගේ උපාධි පාඨමාලාවට අදාළවඇතුළත්වීමේ ගාස්තු, පන්ති ගාස්තු, ආයතන ගාස්තු හා විභාග ගාස්තු ආදිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන බැවින්,පස් වසරක පාඨමාලාව නිම වන විට සිසුන්ට රුපියල් මිලියන 1.8 කට අධික මුදලක් ඉතිරි කර ගැනීමට වුව හැකියාව පවතී. පස් වසරක වෘත්තීය අත්දැකීම සමගින් ඔවුන් උපාධිය ලැබූ සැණින්, සිය කැමැත්ත පරිදි දේශීය හෝ විදේශීය ආයතනයන්හි කළමණාකරණ මට්ටමේ රැකියා ලබා ගැනීම සඳහා ඔවුන් සුදුසුකම්වලින් සන්නද්ධය. පස් වසරක කාල සීමාව අවසානයේදී, ආසන්න වශයෙන් මිලියන 6 ක මූල්‍ය ප්රතිලාභයක සතුට සමගින්, හෙට දවසේ ව්‍යාපාර ලෝකයේ අභියෝග ජයගැනීම සඳහා එම පිරිස ශක්තිමත්ව සිටිති.
ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) තොරතුරු තාක්ෂණහා ව්‍යාපාර විෂයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමෙන ශ්‍රී ලංකාවේ මුල්ම පුද්ගලික උසස් අධ්‍යාපන ලෙසින් 1990 පිහිටුවනු ලැබිණි. එය බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ හා රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තරික උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා පිරිනමන සම්මානිත අධ්‍යාපනික ආයතනයකි. ඉකුත් වසර ගණනාව තිස්සේම, ලොව පිළිගත් උපාධි පිරිනමමින් ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අංශයන් ශක්තිමත් කිරීම සඳහා ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), සුවිශාල දායකත්වයක් දක්වා තිබේ. මෙම උපාධිධාරීන් දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ස්වයං- ව්‍යාපාරිකයින් ලෙසින් මෙන්ම, තොරතුරු තාක්ෂණික හා ව්‍යාපාරික වෘත්තිකයින් ලෙසින්ද සාර්ථකව සිටිති. ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT)ආරම්භයේ පටන්, මේ දක්වා ලොව පුරා ආයතන සිය ගණනකට උපාධිධාරීන් දහස් ගණනක් සපයා තිබේ.
InfoScholපිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා www.iit.ac.lk /Admission/InfoSchol Scholarship වෙබ් අඩවිය හෝ 0112 360212 (Ext. 108)යන දුරකතන අංකයෙන් මෙන්ම, InfoScholව්‍යාපෘති කළමණාකාර, වජිර කරුණාරත්න- 076820 9733 වෙතින් විමසීම් කළ හැකිය. ඒ සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට, අන්තර්ජාල අයදුම්පත් මගින් හෝ infoschol@iit.ac.lk යන ඊමේල් ලිපිනයෙන් හෝ ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT), අංක 57, රාමක්‍රිෂ්ණා පාර, කොළඹ 06 ලිපිනයට එවන ලද ලිපියක් මගින් විමසීම් කළ හැක. “InfoSchol2019” යන්න ලිපි කවරයේ සඳහන් කර එවීම සුදුසුය.