
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ලබයි. උතුරු මැද පළාතේ අනුරාධපුරයේදී පැවැත්වූ ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන් ඇගැයීමේ උත්සවයක් පසුගියදා අනුරාධපුරයේ නුවරගම් පළාත මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ආරම්භයේ සිට අද දක්වා ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන, වයඹ, උතුර, දකුණ, ඌව, මධ්‍යම සහ උතුරු මැද යන පළාත් ඇතුළු දිවයින පුරා පළාත් කිහිපයක කාන්තා ව්‍යවසායිකාවන් 400 කට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමට සහ ඔවුන්ගේ ජීවිත කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත් වී තිබේ. මෙම වැඩසටහන මඟින් මෙම ව්‍යවසායිකාවන්ට පුළුල් පුහුණුවක් හා දැනුමක් ලබාදීම පමණක් නොව ව්‍යාපාර 20 කට අධික සංඛ්‍යාවකට මූල්‍යමය සහය ලබා දී ඇති අතර එමඟින් මෙම කාන්තා ව්‍යවසායිකාවන්ට ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට අර්ථවත් ලෙස දායක වීමට උපකාරී වී ඇත.
මෙම වැඩසටහනට සහභාගී වන අයගේ ප්‍රගතිය සහ ඔවුන්ගේ හැකියාවන් වෙන වෙනම අධීක්ෂණය කරන අතර ඇගයීම් කටයුතු අවසන් වූ පසු විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම සිදු කරයි. මෙම ව්‍යවසායිකාවන් ඇගයීමේ දී, ව්‍යාපාරය ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ගිණුම්කරණය, තවත් කාන්තාවන් සඳහා රැකියා අවස්ථාවක් සලසා දීම, මාසික විකිණුම් ප්‍රගතිය, වෙළඳ නාමකරණය සහ ඇසුරුම්කරණය, නව පාරිභෝගිකයින් ගණන, නව මුල පිරීම් යන නිර්ණායක සැලකිල්ලට ගැනිණ.
වැඩසටහනට සහභාගි වූවන්ගේ ප්‍රගතිය තක්සේරු කිරීමෙන් අනතුරුව පහත සඳහන් කාන්තා ව්‍යවසායිකාවන් ජයග්‍රහණය කරන ලදී. ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන්ගේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර ඊළඟ මට්ටමට ඔසවා තැබීමට අවශ්‍ය මූල්‍යමය සහය ලබා දෙන ලදී. ඒ අනුව, ස්වභාවික වර්ණවලින් බතික් නිර්මාණ කරනු ලබන “සොබා බතික්” හිමිකාරිනිය වන එල්.කේ.එස්.පවිත්‍රී මහත්මිය ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. දෙවන ස්ථානය දිනා ගැනීමට පන් බෑග් නිෂ්පාදනය කරන “NKR හැන්ඩික්‍රාෆ්ට්” හිමිකාරිනිය වන ආර්.එම්.එන්.කේ. රත්නායක මහත්මිය සමත් විය. තෙවන ස්ථානය දිනාගැනීමට ඇඳුම් මැසිමේ ව්‍යාපාරයේ නිරත වන “තිලී ෆැෂන්” හිමිකාරිනිය වන තිලිණි ධනංජනී කුලතුංග මහත්මිය සහ “වයිට් ගෙස්ට් හවුස්” හිමිකාරිනිය වන භාග්‍යා ප්‍රියදර්ශනී දිසානායක මහත්මිය සමත් විය. සිව්වන ස්ථානය දිනාගනු ලැබුවේ ජලජ ශාක වගා කිරීමේ නිරතව සිටින “අංජානා ෆ්ලෝරා” හිමිකාරිනිය වන රුවනි මැටිවලගේ මහත්මියයි. එසේම මෙම ජයග්‍රාහිකාවන්ට අදාළ ලේකම් කාර්යාල සහ Women in Management ආයතනය විසින් සහය ලබාදෙනු ලැබීය.
“ශ්‍රී ලාංකේය කාන්තාවන්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව සිහින සැබෑ කර ගැනීම සඳහා අවශ්‍ය කුසලතා, දැනුම සහ මූල්‍යමය සහය `ලබා දීමෙන් ඔවුන් සවිබල ගැන්විය යුතු බව Diva විශ්වාස කරනවා. මෙම වැඩසටහන හරහා බොහෝ ජීවිත වලට ඇති කර ඇති ධනාත්මක බලපෑම පිළිබඳව අපි ආඩම්බර වන අතර, මෙම සවිබල ගැන්වීමේ ගමන ඉදිරියටත් කරගෙන යාමට අපි කැපවී සිටිනවා.” ගෘහ සත්කාර කාණ්ඩ කළමනාකරු නාමල් ප්‍රනාන්දු මහතා මෙසේ සිය අදහස් දැක්වීය.
වසර ගණනාවක් පුරා, Diva, රෙදි සේදුම් සන්නාමයකට එහා ගිය සුවිශේෂී කර්තව්‍යයක් සිදුකරන අතර අභියෝගාත්මක කාලවලදී තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඒවාට සරිලන එලදායී විසඳුම් ඉදිරිපත් කරනු ලැබීය. මෙම වැඩසටහන හරහා Diva, දිවයින පුරා සිටින කාන්තා ව්‍යවසායිකාවන්ට සිය දියුණුවට අවශ්‍ය සම්පත් ලබා දීම සහතික කරයි.
‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහනෙහි සාර්ථකත්වය කාන්තාවන් අතර ආර්ථික ස්වාධීනත්වය වර්ධනය කිරීම සඳහා Diva හි කැපවීම පිළිබඳව කදිම සාක්ෂියකි. මෙම මුලපිරීම තුළින් තවත් කාන්තා ව්‍යවසායිකාවන් සවිබලගැන්වීම, කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අංශයට සැලකිවයුතු බලපෑමක් ඇති කිරීම Diva හි බලාපොරොත්තුවයි.