Daraz Cares “ඉගෙනුමට අත්වැලක්” සමාජ සත්කාරක ව්‍යාපෘතියෙන් 400 කට අධික පාසල් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය උදෙසා පහසුකම් රැසක්

1. Daraz MD and others in attendance at the event (LBN)

 



 

 

විවිධ ගැටළු රැසක් නිසා අධ්‍යාපන කටයුතු අඩාල වූ ග‍්‍රාමීය පාසැල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම e commerce වෙබ් අඩවිය වන Daraz විසින් ක‍්‍රියාත්මක කරනු ලබන  “Daraz Cares ඉගෙනුමට අත්වැලක්” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ තවත් පාසැල් සිසුන් රැසකගේ ඉගෙනුමට අත්වැලක් සපයා තිබේ. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ කෑගල්ල සහ ගලිගමුව කොට්ඨාශයන්ගේ ආර්ථික හා සාමාජීය දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තෝරාගත් පාසැල් සිසුන් 400 කට අධික පිරිසක් වෙත මෙවර  “Daraz Cares ඉගෙනුමට අත්වැලක්” ව්‍යාපෘතිය හරහා ප‍්‍රතිලාභ සලසා ඇත.

Daraz ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා Daraz Cares ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින්  “Daraz සමාජ සත්කාරක වැඩසටහන් යටතේ අප ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමෙහිලා බොහෝ කටයුතු සිදුකොට තිබෙනවා. යම් සමාජයක දියුණුව සිදුවන්නේ එම සමාජයේ අධ්‍යාපන තත්ත්වය ප‍්‍රශස්තව පැවතුනොත් පමණයි. අධ්‍යාපනයේ ඇති මෙම තීරණාත්මක ස්වභාවය අවබෝධ කරගත් Daraz Cares අප දුෂ්කරතා ඇති ප‍්‍රජාවන් දියුණුවේ මාවතට රැගෙන ඒම සඳහා ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය හරහා තෝරාගත් ප්‍රජාවන් කේන්ද්‍රීයව අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවීමට කටයුතු කරනවා. මෙවර අපි කෑගල්ල දිස්ත‍්‍රික්කයේ දුෂ්කරතා රැුසකට මුහුණ පා සිටින පාසැල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරලීම සඳහා යම් අත්වැලක් වෙන්නට තීරණය කළා. Daraz Cares ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය දීප ව්‍යාප්ත සේවාවක් ලෙස දිගින් දිගටම පවත්වා ගන්නට අප සමග අත්වැල් බැඳගන්නට කැමති ස්වෙච්ඡා සංවිධාන / ආයතන / පුද්ගලයන් යනාදී පාර්ශ්වයන් සමග එක්ව ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කරන්නට ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.

රටේ ආර්ථිකය යම් පසුගාමී ස්වභාවයක් පෙන්වද්දි ශ්‍රී ලාංකිකයන්ද විවිධ ආකාරයෙන් ගැටළු රැුසකට මුහුණපා සිටිති. දිනෙන් දින අලූත්වෙන අභියෝග රැුසකට මුහුණ දෙමින් අසීරුතාවට පත්ව සිටින දෙමාපියන්ගේ පාසැල් යන වයසේ සිසු දරු දැරියන් රැුසකගේ අධ්‍යාපන කටයුතු කිසිසේත්ම අඩාල නොවන්නට පහසුකම් සපයන්නෙකු ලෙස “Daraz Cares ඉගෙනුමට               අත්වැලක්” සමාජ සත්කාරක ව්‍යාපෘතිය පෙරට විත් තිබේ. Daraz ශ්‍රී ලංකා ආයතනයේ “Daraz Cares ඉගෙනුමට අත්වැලක්” සමාජ සත්කාරක ක‍්‍රියාන්විතය පෞද්ගලික ව්‍යාපාර ආයතනයක සමාජ වගකීම් ඉටුකිරීමේ ප‍්‍රමුඛ වැඩසටහනක් ලෙස කැපීපෙනෙන අතර අඩුවරප‍්‍රසාද ලත් ශ්‍රී ලාංකීය පාසැල් සිසු දරුදැරියන්ගේ යහපත උදෙසා තවත් ආයතන / සංවිධාන ක‍්‍රියාකාරී වීම සාමාජීය අවශ්‍යතාවක් ලෙස මේ මොහොතේ පවතියි.

Daraz ශ්‍රී ලංකා මහජන ප‍්‍රතිපත්ති සහ ආයතනික සබඳතා පිළිබඳ ප‍්‍රධානී අනිශ්කා ද සිල්වා මහත්මිය Daraz Cares ඉගෙනුමට අත්වැලක් සමාජ සත්කාරක ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් “අපේ රටේ සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපන තත්ත්වයක් හිමිවිය යුතුයි යැයි Daraz අප විශ්වාස කරනවා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇති යම් අඩුපාඩු සම්පූර්ණ කිරීම Daraz Cares ඉගෙනුමට අත්වැලක් ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථයයි. අඩු වරප‍්‍රසාද සහිත පාසල් තෝරාගෙන එම පාසල් වලට අධ්‍යාපනික උපකරණ බෙදාදීම හරහා දුෂ්කරතා ඇති දරුවන් සවිබලගැන්වීම ඒ යටතේ සිදුකරනවා. මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියළු දෙනාට, පාසල් උපකරණ සැපයුම් සහකරුවා විදිහට අප සමග එක්ව සිටින Promate කණ්ඩායමට සහ Daraz  ස්වෙච්ඡා සේවක කණ්ඩායමට මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.” යැයි පැවසීය.

Daraz ආයතනික සමාජ වගකීම් ඉටුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන ලෙස ක‍්‍රියාත්මක Daraz Cares වෙතින් දකුණු ආසියානු කලාපයේ ප‍්‍රජා සංවර්ධන කටයුතු ශක්තිමත් කරමින් ආධාර පරිත්‍යාග, සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන් හා ස්වෙච්ඡා සේවා වැඩසටහන් ක‍්‍රියාත්මක වේ. අරමුදල් ගොඩනැංවීම හා විසඳුම් ක‍්‍රියාත්මක කිරීම යන දෙආකාරයෙන් ශ්‍රී ලංකාව මේවනවිට මුහුණපා තිබෙන අභියෝග හමුවේ උපකාර අවැසි ශ්‍රී ලාංකිකයන් වෙත ශක්තිමත් අත්වැලක් සැපයීමෙහිලා Daraz Cares සක‍්‍රීය දායකත්වයක් ලබාදෙයි. Daraz වෙබ් අඩවියේ සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයන්ගේ රුචිකත්වය අනුව ශ්‍රී ලාංකීය ප‍්‍රජා සත්කාරක හා සංවර්ධන කටයුතු සඳහා දායකත්ව පරිත්‍යාග එක් කිරීමේ අවස්ථාව Daraz Cares සලසාදී තිබේ. https://www.daraz.lk/donation/හරහා ආධාර පරිත්‍යාග එක් කරමින් Daraz Cares සමාජ සත්කාරක වැඩසටහන් සමග එක්වන්නට ඔබටත් හැකිය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව