COVID-19 ප්‍රතිචාර සඳහා ඩිජිටල් තාක්ෂණය

who-health

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා තාක්‍ෂණ සමාගම් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවශ්‍ය වෘතීයමය සේවය ස්වේච්චාවෙන් ලබා දීමට පෙලගැසී සිටී. COVID-19 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයහි (WHO)සහයෝගී ප්‍රතිචාරය වැඩි දියුණු කිරීම මෙහි මූලික අරමුණ වන අතර ඒ පිලිබද සාකච්ඡා කිරීම සදහා ලොව ප්‍රමුඛ පෙළේ ඩිජිටල් තාක්‍ෂණ වෙශේෂඥයින් 30 දෙනෙකු අප්‍රේල් 2 වන දින අතථ්‍ය වටකුරු රැස්වීමකට (Virtual round table meeting) සහභාගී විය.

මෙම වසංගතය ඩිජිටල් සෞඛ්‍ය තාක්‍ෂණ විසඳුම් සඳහා පෙර නොවූ විරූ ඉල්ලුමක් ඇති කර ඇති අතර ජනගහනය පරීක්ෂා කිරීම, ආසාදනය නිරීක්ෂණය කිරීම, සම්පත් භාවිතා කිරීමට හා වෙන් කිරීමට ප්‍රමුඛතාවය දීම සහ ඉලක්කගත ප්‍රතිචාර සැලසුම් කිරීම වැනි සාර්ථක විසඳුම් හෙළි කර තිබේ.

“අපට ඔබගේ කැපවීම අවශ්‍යයි. එම නිසා අපට එම අදහස් යථාර්ථයක් බවට පත් කර මහජන සෞඛ්‍ය ආයතන හා පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින් සමඟ එක්ව මෙම වසංගතය සමනය කර ගත හැකිය” යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සිය පිළිගැනීමේ කතාවේදී පැවසීය. “අපට කළ හැක්කේ මෙම ගෝලීය තර්ජනයට එක්ව මුහුණදී එකට වැඩ කිරීමෙන් මෙම ගෝලීය තත්වය පාලනය කිරීම ඔස්සේ අපගේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමයි.”

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩිජිටල් සෞඛ්‍ය තාක්ෂණික උපදේශක කණ්ඩායමේ සම සභාපතිවරුන් වන ස්ටීව් ඩේවිස් සහ වටිනා මැලේබොනා මැට්සෝසෝ විසින් මෙම රැස්වීමට සම පහසුකම් සපයන ලදී.

 

රැස්වීමේ අරමුණු පහත පරිදි වේ:
1. COVID-19 සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හි ඩිජිටල් සෞඛ්‍ය සහ නවෝත්පාදන උත්සාහයන් හඳුන්වා දීම සහ එම මුල පිරීම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන තාක්‍ෂණ සමාගම්වල සහාය ලබා ගැනීම.

2. මෙම වසංගතයේ අවධීන් මුහුණ දෙන රටවලට විවිධ ආකාරවලින් සහ විවිධ කාලවලදී සහාය දැක්වීම සඳහා සම්බන්ධීකරණ උත්සාහයක් තුළින් ඉලක්කගත විසඳුම් ලබා දීම සඳහා නව සහයෝගීතාවයෙන් හා දැනුම හුවමාරු කර ගැනීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයහි (WHO) COVID-19 උත්සාහයන් ගොඩනංවන්න අවශ්‍ය තාක්ශණි සහය

3. අවධානය යොමු නොවූ හදුනාගත් ගැටලු සහ ප්‍රදේශ බෙදාගෙන ගවේෂණය කිරීම. පරිශීලකයින් ඉලක්ක කරගත් විසඳුම්, වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීම, සැපයුම් දාම කළමනාකරණය, සෞඛ්‍ය සේවකයින්ට සහාය වන යෙදුම්, ප්‍රජා සම්බන්ධතා වේදිකා, දැනුම කළමනාකරණ හැකියාවන්ට සහාය වීම, පර්යේෂණ හා සංවර්ධන සහාය, ප්‍රතිසාධන සැලසුම් කටයුතු.

4.ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය තාක්ෂණික සමාගම් වෙතින් ස්වේච්ඡා හා වෘතීයමය සේවා සම්පත් සුරක්ෂිත කිරීම.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩිජිටල් සෞඛ්‍ය හා නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බර්නාඩෝ මරියානෝ (response efforts) ප්‍රතිචාර දැක්වීමේ ප්‍රයත්නයන්හි දී සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දුන් අතර සියලු දෙනාටම එකමුතුව කටයුතු කිරීමට අරාධනා කලේය. “COVID19 සඳහා තනි ආයතනයක් හෝ තනි රටක මුලපිරීම ප්‍රමාණවත් නොවේ. අපිට හැමෝම අවශ්‍යයි. ” යනුවෙන් ඔහු නිරතුරුවම පසක් කරමින් සාකච්චාවටය සාර්ථකව නිමාවට පත්වුයේ අනාගතය ගැන සුභවාදී බලාපොරොතු සමගිනි.

සටහන: අංජන ගුණතිලක | ලෝක සෞඛ්‍ය සංවිධානය ඇසුරිනි

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව