ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පානීය ජල බෝතල් සන්නාමය ලෙස දශක 3 ක සිය පුරෝගාමීත්වය නිරූපණය කරමින් නව සන්නාම අනන්‍යතාවක්ද හඳුන්වා දෙයි
මුළු ලොවම පිරිසිදු ජලයේ වැදගත්කම සමරන ලෝක ජල දිනය මාර්තු 22 දිනට යෙදී තිබේ. එදිනට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෝතල් කළ පානීය ජල සමාගම වන American Premium Water සිය 30 වන සංවස්තරය සමරයි. පසුගිය දශක 3 ක කාලය තුළ පාරිභෝගිකයන්ට පිරිසිදු ජලය සපයමින් ඔවුන්ගේ විශ්වාසනීය හවුල්කරුවෙකු බවට පත්වීමට American Premium Water සමත් වී ඇත.
මෙවර ලෝක ජල දිනයේ තේමාව වන්නේ ‘ග්ලැසියර රැකගැනීම’ යන්නයි. එය ලොව ජල මූලාශ්‍ර රැකගැනීමේ වැදගත්කම මැනැවින් සංකේතවත් කරන තේමාවකි.
American Premium Water සමාගම සිය නිෂ්පාදන සඳහා නැවුම් ජලය සපයාගනු ලබන්නේ අඩි 200 ක් ගැඹුරු ළිඳකිනි. මෙවැනි ගැඹුරකින් ජලය ලබාගැනීම මගින්, මෙම සමාගමට ජලයේ තිබෙන ස්වාභාවික ඛනිජ ලවණ එසේම පවත්වා ගැනීමට හැකි වී ඇත. මේ ආකාරයට භූගත ජල මූලාශ්‍ර විධිමත්ව භාවිතා කිරීම යනු ජනතාවට සහ පරිසරයට යහපතක් සිදු වන ආකාරයට භූගත ජලය වගකීම් සහගත ලෙස කළමනාකරණය කිරීමේ වැදගත්කම පෙන්වා දීමකි.
American Premium Water සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆයාස් ෆසාල් මහතා පැවසුවේ American Premium Water යනු හුදෙක් බෝතල් කළ ජලය අලෙවි කරන සමාගමක් පමණක් නොව, විශ්වාසය සහ නිරෝගී බව ඔස්සේ වඩාත් යහපත් හෙට දිනයක් නිර්මාණය කිරීමට කැප වී සිටින සමාගමක් බවයි. වසර 30 කට අධික කාලයක් තිස්සේ American Premium Water සමාගම නැවුම් බව සහ විශිෂ්ටත්වය සහතික කරමින් සෑම දිය බිඳක් පාසාම ජනතාවට නිරෝගී ජීවිත උරුම කර දීමට උත්සාහ දරා තිබේ. ජලය යනු ජීවයේ පැවැත්ම සඳහා අනිවාර්ය සාධකයක් වන අතර, නිරෝගී ජීවිතයක් සඳහා පිරිසිදු ජලය පරිභෝජනය කිරීම අත්‍යවශ්‍යය. ඉදිරියේදීත් ජනතාවට සහ පරිසරයට යහපතක් සිදුවන තිරසාර ක්‍රමවේදයන් අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සිදුකිරීමට තමන් කැප වී සිටින බව ෆයාස් ෆසාල් මහතා වැඩිදුරටත් පැවසීය.
American Liquid Packaging Systems Inc. සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් වශයෙන් ආරම්භ කරන ලද American Premium Water සමාගම විසින් දශක 3 කට පෙර සිටම මෙරටට අති නවීන ජල පවිත්‍රකරණ තාක්ෂණයන් හඳුන්වා දී තිබේ. අද වන විට American Premium Water සමාගම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ වශයෙන් පරිභෝජනය කරන ජලය සඳහා මෙන්ම අලෙවිසැල්වලින් මිලදී ගත හැකි බෝතල් කළ ජලය සඳහා අංක එකේ සන්නාමය ලෙස සැලකේ. උසස් තත්වය, සේවාවේ විශිෂ්ටත්වය, විශ්වාසනීයත්වය සහ එකමුතුබව වැනි ගුණාංග සමාගමේ සාර්ථකත්වයට පදනම් වී ඇත.
නව සන්නාම අනන්‍යතාවයක් සමඟින් ‘iCan’ ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ නව ගමනක්
මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් නව සන්නාම අනන්‍යතාවක් හඳුන්වා දීමට American Premium Water සමාගම පියවර ගෙන තිබේ. සමාගමට ආවේණික ජල බිඳුවේ සංකේතය එම ලාංඡනයේ A අකුර මතට රැගෙන ඒම මගින්, පිරිසිදු ජලයේ ජීව ගුණය සංකේතවත් වේ. ලාංඡනයේ ලා නිල් පැහැය මගින් නිරූපණය වන්නේ විශ්වාසය, නැවුම් බව සහ යහපැවැත්ම යනාදියයි.
මීට අමතරව සමාගම මගින් ‘iCan’ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමටද සැලසුම් කර තිබේ. තම අරමුණු ජයගැනීම සඳහා පිරිසිදු ජලය ප්‍රමාණවත් තරම් පානය කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන මෙම වැඩසටහන, අභියෝග පිළිගනිමින් ජීවිතයේ තෘප්තිය උපරිමයෙන් අත්විඳීමට පුද්ගලයන් දිරි ගන්වයි.
තිරසාරත්වය හා සමාජයීය බලපෑම
ජනතාවට පිරිසිදු ජලය සැපයීමට අමතරව American Premium Water සමාගම සමාජයේ හා පරිසරයේ යහපත වෙනුවෙන්ද කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකර තිබේ. පසුගිය දශකය තුළ සමාගම විසින් විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ප්‍රජාවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලීටර් 800,000 කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇති අතර, පුද්ගලයන් මිලියන 1.6 කට වැඩි පිරිසක් ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් වෙත යොමු කරවීමට සමත් වී ඇත.
American Premium Water සමාගමේ කාර්ය මණ්ඩලයෙන් 45% ක් කාන්තාවන් වන අතර නායකත්ව තනතුරුවලින් 36% ක් දරනු ලබන්නේද කාන්තාවන් විසිනි. මෙවැනි පියවර ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානත්වය තහවුරු කිරීම සඳහා සමාගම කැප වී සිටී. සමාගමේ සෘජු සේවක සේවිකාවන් සංඛ්‍යාව 640 ට අධික වන අතර සමාගමේ ව්‍යාපාර කටයුතු හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් 3,000 කට අධික සංඛ්‍යාවකට ආර්ථික ප්‍රතිලාභ හිමි වී තිබේ.
2013 වසරේදී තවත් පරිසර හිතකාමී පියවරක් තබමින් American Premium Water සමාගම වීදුරු බෝතල් හඳුන්වා දුන් අතර, පසුගිය දශකය තුළ ප්ලාස්ටික් නිසා සිදු වන පරිසර දූෂණය අවම කිරීම සඳහා ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 360 කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කර තිබේ. එමෙන්ම සමාගම මේ වනවිට දිවයිනේ ළමා නිවාස 90 කට අධික සංඛ්‍යාවකට අත්වැලක් වන Orphancare වැඩසටහන සමගද අත්වැල් බැඳගෙන සිටී. මෙම හවුල්කාරීත්වය හරහා, පාරිභෝගිකයන් විසින් මිලදීගනු ලබන සෑම ජල බෝතලයකින්ම ලැබෙන ආදායමෙන් කොටසක් දෙමාපියන් අහිමි දරුවන්ගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කෙරේ.
අනාගත ඉලක්ක
දශක තුනක සාර්ථක ගමනකින් අනතුරුව American Premium Water සමාගම ඉදිරියටත් ජනතාවට පුරෝගාමී පානීය ජල විසඳුම් සපයමින්, තිරසාරත්වය ආරක්ෂා කරමින්, වඩාත් නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා කැප වී සිටී.