AkzoNobel 2021-2022 Color Awards හිදී City School of Architecture සිසු සිසුවියන්ට ඇගයුම්

AkzoNobel 1 (LBN Fill)

 



 

 

 

AkzoNobel Paints Lanka (Pvt) Ltd. සහ City School of Architecture (CSA) එක්ව සංවිධානය කළ ‘Color Awards 2021-2022’ සම්මාන උළෙල පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. AkzoNobel Paints Lanka යනු අතිශය ජනප්‍රිය තීන්ත වර්ගයක් වන ‘ඩියුලක්ස්’ නිෂ්පාදනය කරන සමාගමයි. ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණකරණ සහ නවෝත්පාදන හැකියාවන් වැඩිදියුණු කරමින් ක්ෂේත්‍රයේ තරුණ පරපුර තවදුරටත් දිරිමත් කිරීමේ අරමුණින්, වසර 4 කට පෙර මෙම සම්මාන වැඩසටහන ආරම්භ කරන ලදි.

සෑම වසරකම මෙම ත්‍යාගය මගින් City School of Architecture හි පළමුවන වසරේ සිසුන්ට නව වර්ණ සහ ගෘහ නිර්මාණ ශිල්පය තේමා කරගත් නිර්මාණ අභියෝගයකට මුහුණ දීමට ආරාධනා කරනු ලබයි. City School of Architecture හි ආචාර්ය මණ්ඩලයට අයත් වරලත් වාස්තු විද්‍යාඥයන් වන නෙලා ද සොයිසා, අනුරංගි මෙන්ඩිස් සහ ශයාන් කුමාරදාස් යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වැඩමුළු කිහිපයකින් අනතුරුව, තරගකරුවන් තම නිර්මාණ, ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් හිමි ප්‍රවීණයන් පිරිසකගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කළ යුතු ය. මෙවර මෙම විනිශ්චය මණ්ඩලයට රොමේෂ් ද සිල්වා මහතා සහ ශාමෙන් මෙන්ඩිස් මහත්මියද, වරලත් වාස්තු විද්‍යාඥයන් වන ශෙවන්ති බස්නායක, කෝසලා වීරසේකර, රෙහාන් තිලකරත්න, සහ නන්දිකා දෙනිපිටියද, AkzoNobel Paints සමාගමේ මෙරට කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත හීනටිගල මහතාද ඇතුළත් වූහ.

ඉතාමත් දැඩි ඇගයුම් ක්‍රියා පටිපාටියකින් අනතුරුව, ඉදිරිපත් වූ නිර්මාණ අතරින් නිර්මාණ 5 ක් තෝරාගන්නා ලද අතර, ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පුරෝගාමී ජාත්‍යන්තර තීන්ත නිෂ්පාදන සමාගමක් වන AkzoNobel හි ඇගයීමට අමතරව වටිනා මුදල් ත්‍යාග දිනාගැනීමටද අවස්ථාව උදා විය.

“තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ලොව ප්‍රමුඛතම සමාගමක් වශයෙන්, නව පරපුරට සිය දක්ෂතා වර්ධනය කරගැනීමට අවස්ථාව ලබා දීම තුළින් ක්ෂේත්‍රයේ අනාගතය වඩාත් යහපත් කළ හැකි බව අප විශ්වාස කරනවා. Color Awards තුළින් අප උත්සාහ කරන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මට්ටමේ පසුබිමක් තුළ තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට සුවිශේෂී වේදිකාවක් ලබාදීමටයි. එමෙන්ම මෙම සම්මාන වැඩසටහන, ක්ෂේත්‍රයේ අනාගත නවෝත්පාදනයන්ට අවශ්‍ය පූර්වාදර්ශ නිර්මාණය කරන තෝතැන්නක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” AkzoNobel Sri Lanka අලෙවි ප්‍රධානී උපේන්ද්‍ර ගුණවර්ධන මහතා පැවසී ය.

“වසර ගණනාවක් පුරා මෙම සම්මාන වැඩසටහන ඔස්සේ මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම හා නිර්මාණාත්මක හැකියාවන් වැඩිදියුණු කිරීමට AkzoNobel සමාගම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. මෙය ඔවුන්ට තම නිර්මාණකරණ හැකියාව සහ කර්මාන්තය තුළ සාර්ථක වීමේ හැකියාව යන අංශ දෙකම පරීක්ෂා කර බැලීමට ලැබෙන මහඟු අවස්ථාවක්. මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් අප AkzoNobel සමාගමට ස්තූතිවන්ත වනවා.” City School of Architecture ප්‍රධානී, වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය ලාල් බාලසූරිය මහතා පැවසී ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව