මත්ද්‍රව්‍ය අවභාවිතාව වැළැක්වීම පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන ජෝන් කීල්ස් පදනම විසින් හික්කඩුව ප්‍රදේශයේ  සමාරම්භ කෙරේ

2J

ශ්‍රී ලංකාවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ළමුන් විසින් මත්ද්‍රව්‍ය භාවිතාව දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලකිය යුතු ගැටළුවක් බවට පත්ව ඇත. විශේෂයෙන් එවැනි සංවේදි වයසක භාවිතය දිගුකාලීන ඇබ්බැහිවීම්වලට මඟපාදන අතර සෞඛ්‍ය සහ සමාජීය ගැටළු ඇති කිරීමට ද හේතු වේ. මත්ද්‍රව්‍ය භාවිතයේ යෙදී සිටින බොහෝ දරුවන් පාසලෙන් ඉවත් වී ඇති බව සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන ළමුන් සහ තරුණයින්ගේ ආශ්‍රිත චර්යා ඔවුන්ගේ ඥානාත්මක කුසලතා, පවුල් සහ වෙනත් සම්බන්ධතා, රැකියා ජීවිතය යනාදියට  බලපාන බවද සොයා ගෙන ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සාමාන්‍යයෙන් නව යොවුන් වියේදී හෝ තරුණ වැඩිහිටිවියේදී එසේ කිරීමට පටන් ගන්නා අතර, ජීවිතයේ පළමු  වසර 5-8 තුළ ළමුන්ට  බලපාන තත්ත්වයන් සහ සිදුවීම් අනුව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පසුබිම වඩා කලින් සිදුවිය හැකි බව මනෝ විද්‍යාව, මානව සංවර්ධනය හා වෙනත් ක්ෂේත්‍රවල පුළුල් පර්යේෂණ වලින් හෙළි වී ඇත.  ඒ අනුව, ළමා වියේ මුල් අවධියේදී මැදිහත් වීමෙන් දරුවන්ගේ ජීවන මාර්ගය ධනාත්මක දිශාවකට වෙනස් කළ හැකිය. මත්ද්‍රව්‍ය වල අවදානම් සහ අන්තරායන් පිළිබඳව නිසි අවබෝධයක් ගුරුවරුන්ට සහ දෙමාපියන්ට ලබා දීමෙන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා භෞතික පරිසරයක් සැකසීමෙන් ළමයින් මත්ද්‍රව්‍ය භාවිතයේ  නිරත වීමේ සම්භාවිතාව අවම කර ගත හැකි බව විශ්වාස කෙරේ.

මෙම පසුබිම හේතු කොට ගෙන‍ ජෝන් කීල්ස් සමූහයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් මත්ද්‍රව්‍ය අවභාවිතාව වැළැක්වීම පිළීබ‍ඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2020 ජූලි 31 වන දින හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සමාරම්භ කරන ලදී. මෙම සමාරම්භක සැසිවාරය හික්කඩුවාවේ ග්‍රාම නිලධාරි වසම් පහක පෙර පාසල් ගුරුවරුන් සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරීන්, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ හික්කඩුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත 39 දෙනෙකුගේ සහභාගීත්වයෙන්  පවත්වන ලදී. මෙම වැඩසටහන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති – හික්කඩුව ව්යාපෘතියේ කොටසක් ලෙස සහ හික්කා ට්‍රාන්ස් බයි සිනමන් (Hikka Tranz by Cinnamon) සහ තාක්ෂණික හවුල්කරු වන හ්‍යුමෙඩිකා ලංකා (Humedica Lanka)  සමඟ හවුල්කාරත්වයෙන් පවත්වන ලදී.

රැස්ව සිටි පිරිස අමතමින්, ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් අංශ ප්‍රධානී කාමලින් ජයසුරිය මෙනෙවිය පැවසුවේ, “ජෝන් කීල්ස් පදනම මගින් ක්රියාත්මක වන ක්ෂේත්‍ර හයෙන්, මෙම වැඩසටහන සෞඛ්‍ය  ක්ෂේත්‍රයට අයත් වන අතර, එමඟින් පරිපූර්ණ යහපැවැත්ම සහ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා නිරෝගී ප්‍රජාවන් පෝෂණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මත්ද්‍රව්‍ය අවභාවිතාව ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන උවදුරක් බවට පත්ව ඇති බව සහ පසුකාලීන ජීවිතයේ දී මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් ඇබ්බැහිවීම්වලට තුඩු දෙන හේතු වළක්වා ගැනීම මුල් ළමාවියේ මැදිහත්වීම් මගින් ඇති කළ හැකිය යන ධනාත්මක සාධක සැලකිල්ලට ගනිමින්, ගුරුවරයෙක්, දෙමව්පියෙක් හෝ භාරකරුවෙක් ලෙස, දරුවෙකුගේ ජීවිතයේ ඉතා මුල් අවධියේදි ඔබට මැදිහත් විය හැකි ආකාරය සහ එමඟින් අසම්මත ඇබ්බැහිවීම සහ මත්ද්‍රව්‍ය අවභාවිතය සහ වෙනත් ආශ්‍රිත චර්යා ගැටළු රාශියක් වළක්වා ගත හැකි ආකාරය අවබෝධ කර ගැනීම සඳහා සැසි කිහිපයක් අතරින් එකක් වන මෙම සැසිවාරය සහාය වනු ඇති බවට අපට විශ්වාසයි. තවද, පාසල් ළමුන් අතර අසම්මත ඇබ්බැහිවීම සහ මත්ද්‍රව්‍ය අවභාවිතය අවම කිරීම සඳහා තිරසාර පියවරයන් හඳුනා ගැනීම සඳහා ජෝන් කීල්ස් පදනම ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සහ අනෙකුත් පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් සිටී. මෙම වැඩසටහන සඳහා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් සහ ඇයගේ නිලධාරීන්ගේ නොමද සහයෝගය අපි බෙහෙවින් අගය කරමු” යන්නයි.

රැස්වීම අමතමින්, හ්‍යුමෙඩිකා ලංකා (Humedica Lanka)  හි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය ප්‍රිතිවිරාජ් මහතා පැවසුවේ “පෙර පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් ළමා සංවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර අසම්මත ඇබ්බැහිවීම සහ මත්ද්‍රව්‍ය අවභාවිතයයෙන් තොර අනාගතයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් අපි එක්ව වැඩකිරිම අවශ්‍ය වන” බවයි.

ළමුන්ගේ සංවර්ධනයට ඇබ්බැහිවීම බලපාන ආකාරය සහ තරුණ වයසේ සිටම මත්ද්‍රව්‍ය අවභාවිතය වලක්වා ගත හැකි ආකාරය  නිරීක්ෂණය කිරීමට අවශ්‍යවන සන්නිවේදන ක්‍රම,මෙවලම් සහ කුසලතා ගුරුවරුන්ට සහ රජයේ නිලධාරීන්ට ලබාදීම මඟින් ඔවුන් සවිබල ගැන්වීම කෙරෙහි මෙම  වැඩමුළුුව විසින් අවධානය යොමු කරන ලදී.

මෙම වැඩසටහනට සහභාගී වූ පෙර පාසල් ගුරුවරයෙකු පැවසුවේ “විශේෂයෙන් කුඩා අවධියේදී දරුවෙකුගේ ඥානාත්මක සංවර්ධනයේ වැදගත්කම සහ කුඩා කල සිටම ඇබ්බැහිවීම වලක්වා ගැනීම සඳහා  පෙර පාසල් ගුරුවරුන් වශයෙන් අපට ප්‍රායෝගිකව කළ හැකි දේ පිළිබඳව අවබෝධයක් ලබා දීම නිසා  මෙම සැසිය සැබවින්ම අපට ශක්තියකි” බවයි.

ජෝන් කීල්ස් පදනමේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ව්යාපෘති යටතේ ජෝන් කීල්ස් අක්ෂි ව්‍යාපෘතිය පුද්ගලයින් 27,000ක වැඩි පිරිසක් ඇසේ සුද ඉවත් කිරීමේ සහ පාසල් අක්ෂි සායන වැඩසටහන් තුළින් ප්‍රතිලාභ ලබා ඇති අතර පුද්ගලයින් 334,600කට වැඩි පිරිසක් WAVE ව්‍යාපෘතිය (Working Against Violence through Education – අධ්‍යාපනය තුළින් හිංසනයට එරෙහිව ක්‍රියා කිරීම) යටතේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය සහ ළමා අපචාර වැළැක්වීම පිළිබද වැඩමුළු තුළින් සවිබල ගන්වා ඇති අතර ජෝන් කීල්ස් එච්.අයි.වී සහ ඒඩ්ස් ව්‍යාපෘතිය තුළින් පුද්ගලයින් 130,900කට වැඩි පිරිසක් දැනුවත් කර ඇත.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) යනු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන අතර විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7 ක් තුළ  සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගී සාමාජිකයෙකි. අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, ජීවනෝපාය සංවර්ධනය, කලාව සහ සංස්කෘතිය සහ ආපදා සහන යන ක්ෂේත්‍ර හයක් යටතේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම තුළින් “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම ක්‍රියාත්මක කරයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව