ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රය තිරසාර මාවතේ ඉදිරියට යමින් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට එක් වෙයි

JAAF Logo

ශ්‍රී ලාංකීය ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ථානයක් උසුලන ඇඟලුම් අංශය තිරසාර ව්‍යාපාරකරණයෙහි තවත් ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙලේ ඇඟලුම් අපනයන සමාගම් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට (Science-Based Targets initiative (SBTi) අනුගත වී ඇත. ඇඟලුම් නිෂ්පාදනයෙහි සහ අපනයනයෙහි ප්‍රමුඛතම සමාගම් වන බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික්ස්, සහ MAS මෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් වන InQube, හෙල ක්ලෝතින්, සහ SolTrim, යන සමාගම් මෙම වැඩපිලිවෙල සමග ඒක් වෙමින් සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී සහ සැපයුම් දාම ක්‍රියාවලියේ දී පිටවන හරිතාගාර වායු ප්‍රමාණය ඉලක්ක ගත මට්ටමකින් අඩු කිරීම සඳහා කටයුතු කරනු ඇත.
 



 
ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් 3ක් යටතේ මෙම වැඩපිලිවෙළ ක්‍රියාත්මක වන අතර 1. මෙහෙයුම් ක්‍රියාවලියේදී සෘජු වශයෙන් පිටවන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කිරීම 2. බලශක්ති මිලදී ගැනීමේදී පිටවන හරිතාගාර වායු ප්‍රමාණය කපා හැරීම, 3. හෝ සැපයුම් දාමය වෙත පුළුල්ව එල්ල වන බලපෑම සඳහා ක්‍රියාමාර්ග ගැනීම වැනි වැඩපිලිවෙල තුලින් පරිසර හිතකාමී සහ වඩාත් වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රියාවලියක් වෙත සාමූහිකව යොමු වනු ඇත. මෙම වැඩපිලිවෙල තුලින් තිරසාර නිෂ්පාදන සහ හරිතාගාර වායු විමෝචනය මුලුමනින්ම නවතා දැමූ රටක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනු ඇත.

වෙනසක එළැඹුම

හයිඩ්‍රාමනි සමූහය හරිතාගාර වායු විමෝචනය මුළුමනින්ම නවතා දැමීම සඳහා වන විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට ( Science-Based Targets initiative (SBTi).අනුගත වූ ශ්‍රී ලංකාවේ පළමු ඇඟලුම් සමාගම බවට පත් වූ අතර ඉහත සඳහන් පළමු සහ දෙවන ක්‍රියාමාර්ග තුළින් හරිතාගාර වායු විමෝචනය 2033 වසර වන විට 54.6කින් කපා හැරීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත. විචක්ෂණශීලී නිර් කාබනීකෘත උපායමාර්ගයක් හරහා මෙම ඉලක්කය සපුරා ගැනීමට උත්සාහ දැරීම තුළ ඔවුන්ගේ නායකත්වය සහ ඔවුන් මුහුණ දුන් පාරිසරික බලපෑම් පිලිබඳව ද පිළිබිඹුවේ. “තිරසාරත්වය හයිඩ්‍රාමනි ව්‍යාපාරයේ ජීවන පැවැත්මයි. අපගේ ක්‍රියාමාර්ග තුළින් අරමුණු වන්නේ වඩාත් හෘදයාංගම සහ කල්පවතින වෙනසක් උදෙසායි” යනුවෙන් පරිසරය සඳහා වන තම දිගුකාලීන ධනාත්මක කැපවීම සඳහන් කරමින් හයිඩ්‍රාමනි සමූහයේ අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයකු වන බ්‍රැන්ඩික්ස් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට ( Science-Based Targets initiative (SBTi) අනුගත 2025 වසර තුළ සපුරාගැනීමට නියමිත කෙටිකාලීන වැඩපිලිවෙලක් සහ 2050දී සපුරා ගැනීමට අපේක්ෂිත 1.5°C දිගුකාලීන ඉලක්කයක් වෙත ගමන් කරමින් සිටී. එමෙන්ම ඇඟලුම් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම නාමය වන MAS Capital පුනර්ජනනීය බලශක්තියට යොමු වීම, සැපයුම්කරුවන් සමග සම්බන්ධ වෙමින් දැවැන්ත තිරසාර ඉලක්ක වෙත පියනගමින් සිටී. 2025 වන විට සමාගම ඉහත සඳහන් පළමු හා දෙවන ක්‍රියාකාරීත්වයේ හරිතාගාර වායු විමෝචනය 25.2%කින් කපා හරිමින් ඔවුන්ගේ සැපයුම්කරුවන්ගෙන් 85%ක් විද්‍යාව මත පදනම් වූ ඉලක්ක වැඩපිලිවෙලට අනුගත කිරීමට කටයුතු කරමින් සිටී. තිරසාරභාවය යනු ගමනාන්තයක් නොව එය වර්ධනය වෙමින් ඉදිරියට ඇදෙන ගමන් මාර්ගයක් ලෙස හැඳින්විය හැකියි. අපි හැම විටම අපගේ ඉලක්ක අභිබවා යමින් වටිනාකම් දාමය තුළ ධනාත්මක වෙනස්කම් සඳහා ව්‍යාපාර කටයුතු මෙහෙයවීම අප විසින් සිදු කරයි” යනුවෙන් MAS Capital හි ධනුජි ජයපාල පැවසීය.

මේ අතර හේලීස් ෆැබ්රික් ආයතනය හරිතාගාර වායු විමෝචනය මුළුමනින්ම කපා හැරීම සඳහා සැලසුම්සහගත වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩපිලිවෙලට අනුව 2023 වසර වන විට ඉහත සඳහන් පළමු සහ දෙවන ක්‍රියාකාරීත්වයන්ට අදාළව 42%කින් හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට නියමිත අතර 2030 වන විට ඉහත සඳහන් තුන්වන ks¾Kdhlh 25%කින් කපා හැරෙනු ඇත. එමෙන්ම 2050 වසර වන විට සිය හරිතාගාර වායු විමෝචනය මුළුමනින්ම නවතා දැමීම සඳහා වන පළමු සහ දෙවන ක්‍රියාකාරීත්වයේ ඉලක්කයෙන් 95%ක් සපුරා ගැනීමටත්, තුන්වන ක්‍රියාකාරීත්වය 90%කින් අඩු කිරීමටත් සැලසුම් කර ඇත. තම බලශක්ති අවශ්‍යතාවෙන් 73%ක් දැනටමත් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නා හේලීස් ෆැබ්රික් සමාගම ඉදිරියේදී සිය සූර්යබල ශක්ති උත්පාදනයට යොමු වෙමින් සාම්ප්‍රදායික පොසිල ඉන්ධන දහනයෙන් මිදී ජෛව ස්කන්ධයන් වෙත යොමු වෙනු ඇත. “තිරසාරබව යනු වගකීම්ක් සහ සාපේක්ෂතා වාසියක් බව අපගේ විශ්වාසයයි. හරිතාගාර වායු විමෝචනය මුළුමනින්ම අහෝසි කරමින් වඩාත් ආදර්ශමත් නිෂ්පාදන සමාගමක් ලෙස ක්‍රියාත්මක වීම අපගේ වෑයමයි” යනුවෙන් හේලීස් ෆැබ්රික් හි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී තිරසරකරණ, ලක්මාල් දියවත්තගේ මහතා පැවසීය.

InQube ගෝලීය නිර්ණායකයන්ට අනුගත වෙමින් සිය තිරසාරාත්මක වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත. එම වැඩපිලිවෙලට අනුව 2030 වසර වන විට ඉහත සඳහන් පළමු සහ දෙවන ක්‍රියාකාරීත්වයන් 99.34%කින් අඩු කර ලීමට නියමිත අතර නිෂ්පාදන නවොත්පාදන, ව්‍යාපාරික මෙහෙයුම් සඳහා තිරසාර ව්‍යාපාරික පිළිවෙත් ඇතුලත් කිරීම තුළ කර්මානත්යේ දිගුකාලීන ධනාත්මක බලපෑමක් අපේක්ෂා කරයි. “තිරසරකණය යනු හුදෙක් ප්‍රතිඥාවක් පමණක් නොව නවොත්පාදනය සහ වර්ධනයෙහි පදනම බව අපගේ අදහසයි. හරිතාගාර වායු විමෝචනය කපා දැමීමෙන් ඔබ්බට ගොස් වගකීම් සහගත ඇඟලුම් ක්ෂේත්‍රයක් සඳහා නව මානයන් හඳුන්වාදීමට සහ විලාසිතා සහ තිරසරබව යනු එක්ව ගමන් කල යුතු සංකල්පයක් බව සනාථ කිරීමේ වගකීම අප සතුයි.” යනුවෙන් InQube හි නියෝජිතවරයකු පැවසීය.

හෙල ක්ලෝතින් සහ Trischel Fabric යන ආයතනයන් හරිතාගාර විමෝචනය අඩු කිරීම සඳහා සිය ශක්තිමත් දායකත්වය පිලිබිඹු කර ඇත. මේ යටතේ පළමු දෙවන සහ තෙවන ක්‍රියාකාරීත්වයන්ට අදාළව 2030 වසර වන විට දැඩි හරිතාගාර වායු විමෝචන කපා හැරීමක් සඳහා සැලසුම් සකස් කර ඇත. ටීජේ ලංකා දැවැන්ත වෙනස්කමක් සඳහා සුදානම් වෙමින් සිටින අතර 2026 මාර්තු වන විට ගල්අඟුරු භාවිතයෙන් උත්පාදනය වන බලශක්ති ප්‍රභවයන්ගෙන් මුළුමනින්ම ඉවත් වෙමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීම සහ අපජලයෙන් ලවන ඉවත් කර එම ජලය නැවත භාවිතයට ලක් කිරීම වැනි වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනු ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අනාගතය රඳාපවතින්නේ තිරසාර නවෝතපාදනයට යොමු වීම සඳහා වන අපගේ හැකියාවන් මතයි. වඩාත් වගකීම් සහගත ඇඟලුම් නිෂ්පාදනයක් යනු කුමක්ද යන්න තහවුරු කිරීම අපගේ වෑයමයි.” යනුවෙන් ටීජේ ලංකා හි මෙන්දක හෙට්ටිතන්ත්‍රී පැවසීය.

ඉදිරි දැක්ම

තිරසාරබව සඳහා වන නිෂ්පාදන ක්ෂේත්‍රයේ කැපවීම මෙම අංශයේ විශාල වෙනස්කම් සඳහා අවශ්‍ය පසුබිම සලසන අතර පාරිසරික වගකීම ව්‍යාපාර උපායමාර්ගයන්හි ප්‍රමුඛස්ථානයක් ගනු ඇත. ක්‍රියාශීලිව හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට කටයුතු කිරීම තුල මෙම සමාගම් ගෝලීය තිරසාර අවශ්‍යතා සහතික කිරීම පමණක් නොව ගෝලීය වෙළෙඳපොල තුල වන තරගකාරීත්ව j¾Okh කිරීමට ද කටයුතු කරනු ඇත. මෙම සමාගම් සිය තිරසාර ගමන්මග නිරතුරුව පවත්වාගෙන යෑම තුළ මෙරට ආයතනික ක්ෂේත්‍රය වඩාත් වගකීම් සහගත ඉදිරි දැක්මක් සහිත, ව්‍යාපාරික පැවැත්මක් සහතික කරන අතර මෙය අනාගත ලෝකයේ නිෂ්පාදන සහ ඇඟලුම් ක්ෂේත්‍රයට හිමි තැන විනිෂ්චය කරනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව