‘බැංකු අංශයේ ස්ථාවරත්වයේ ප‍්‍රමුඛතාවය යළි තහවුරු කෙරේ’ යන මැයෙන් ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් වෙතින් කෙරෙන මාධ්‍ය නිවේදනය

Sri-Lanka-Banks-Association SLBA

 



 

 

බැංකු ක්ෂේත‍්‍රයේ අග‍්‍රස්ථ නියාමකයා වන ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට ක‍්‍රියාත්මක වන දේශීය ණය ප‍්‍රශස්තකරණයේ නියාමන ස්ථාවරය බැංකු අංශයේ ස්ථාවරත්වය අවදානමකට ලක්කළ නොහැකි බව යන සහතික වීම බැංකුවලට සහනයක් වන බව ශ‍්‍රී ලංකා බැංකු සංගමය (ගැරන්ටි) ලිමිටඞ් විසින් අවධාරණය කර ඇත.

ගෙවුම් ශේෂය සහ රාජ්‍ය මූල්‍ය හිගය සමතුලිතතාවයකට ගෙන ඒම සඳහා අවශ්‍ය අනෙකුත් ක‍්‍රියාමාර්ග සමග ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ආර්ථිකයේ වර්ධනයට සහාය වීම සඳහා, බැංකුවල ප‍්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවය ප‍්‍රමාණවත් ලෙස පවත්වාගත යුතු යැයි ද එම සංගමය ප‍්‍රකාශ කරයි. වර්තමානයේ බැංකු අංශය 15%ට වැඩි සාමාන්‍ය ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් අනුපාතයක් සහ 200%ක ද්‍රවශීලතා ආවරණ අනුපාතයක් සමග හොඳින් ප‍්‍රාග්ධනීකරණය වී ඇත. එහිදී අත්‍යවශ්‍ය වන්නේ මෙම තත්ත්වය දුර්වල නොවීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, විස්තීර්ණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති දිගු හා වෙහෙසකාර උත්සාහය අපි අගය කරමු. මෙය වසරේ ඉතිරි කාලය සඳහා වෙළෙඳපොළ මනෝභාවය සහ ආර්ථික දැක්ම වැඩිදියුණු කිරීමට දායක වී ඇත. දැනට පවතින උද්ධමනය අඩු කිරීමට සහ ආර්ථිකයේ ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති දැඩි ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ගයද පිළිගත යුතුය, යැයි සංගමය කියා සිටියි.

අපේක්‍ෂිත ගෙවුම් ශේෂය සහ මූල්‍ය ප‍්‍රතිසංස්කරණයන් ප‍්‍රමාද වුවහොත් හෝ වෙනත් මගකට ගියහොත් හෝ ඉදිරි කාලය තුළදී ආර්ථිකයට සහ බැංකු පද්ධතියට මුහුණ දිය හැකි අභියෝග ආර්ථිකයට සහ බැංකුවලට බලපානු ඇත. එබැවින් අපි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහතිකයෙන් සෑහීමකට පත්වෙමු.

දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය ආරක්‍ෂා කිරීමටද වගබලා ගතයුතු බව, IMF ආයතනයේ ආසියානු සහ ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ක‍්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා මෑතකදී හොංකොං හි ආසියා සහ පැසිෆික් පිළිබඳ ජාත්‍යන්තර ආර්ථික දැක්ම දියත් කිරීමේ ප‍්‍රකාශ කළේය. මෙම පිළිගැනීම මෙම අවස්ථාවේදී බැංකුවලට සැනසීමක් එක් කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව