2024 ජාතික ගුණාත්මක හා ඵලදායීත්ව සම්මාන උළෙලේදී CBL,Ansell, MAS, වැඩිම රන් සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී

NCQP awards 1 (LBN)

ශ‍්‍රී ලංකා  ගුණාත්මකභාවය හා ඵලදායිතා ප‍්‍රවර්ධන සංගමය විසින් සංවිධානය කරනු ලබන 2024 ජාතික සම්මේලනය සහ සම්මාන උළෙල පසුගියදා කොළඹ ගල්කිස්ස හෝටලයේදී සාර්ථකව නිමාව දැකීය. ‘ගුණාත්මකභාවය, ඵලදායීතාව හා නවෝත්පාදනය’ යන්න තේමා කරගත් එම සම්මේලනය විවිධ ක්ෂේත‍්‍රයන් තුළ විශිෂ්ටත්වය අත්පත්කර ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාව දක්වන කැපවීම මනාව ප‍්‍රදර්ශනය කිරීමටද සමත් විය.

 



 

නිෂ්පාදන අංශයයේ ප‍්‍රමුඛතම රාජ්‍ය හා පුද්ගලික ආයතන  78ක් නියෝජනය කරමින්  කරමින් 360 අධික කණ්ඩායම් ප‍්‍රමාණයක් සහභාගී වූ මෙම සම්මේලනයේදී එම ආයතන විසින් අත්පත් කර ගනු ලැබූ ගුණාත්මක පාලන චක‍්‍ර, අන්තර් ක‍්‍රියාකාරී කණ්ඩායම්, ලීන් සික්ස් සිග්මා කයිසන් සහ අනෙකුත් කණ්ඩායම් පදනම් කරගත් වැඩි දියුණු කිරීමේ සංකල්පයන් හා සම්බන්ධ ජයග‍්‍රහණයන් ප‍්‍රදර්ශනය කරන ලදී. මෙම සම්මේලනයේදී ගුණාත්මකභාවය, ඵලදායීතාව සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් රන් සම්මානයෙන් පිදුම් ලැබූ විශිෂ්ටයින් හට නොවැම්බර් මාසයේ ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තත්ව පාලන චක‍්‍ර පිළිබ`ද සම්මේලනයට සහභාගී වීමේ අවස්ථාවද උදා වනු ඇත.2024 ජාතික සම්මේලනය සහ සම්මාන උළෙෙල්දී සම්මාන ලාභීන් අතර වැඩිම රන් සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට සිලෝන් බිස්කට්ස්ල ඇන්සල් ලංකා, ඒම්.ඒ්.ඒස්, මෙල්ස්ටා හොස්පිටල්ස්, හේමාස් හොස්පිටල්ස් යන ව්‍යාපාර සමූහයන් සමත් වූහ. මීට අමතරව ගාල්ලේ මහින්ද විද්‍යාලය ඵලදායීත්වය සහ තත්වය සුරැකීමට අදාලව රාජ්‍ය අධ්‍යාපන ආයතනයක් හිමිකර ගත් ඒකම රන් සම්මානය දිනා ගත් අතර තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සම්මානයෙන් පිදුම් ලැබීය. සමස්ත සම්මාන උළෙල තුළ සම්මාන 344ක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට ස`දහා ප‍්‍රධාන අමුත්තා ලෙස ඉන්දියාවේ තත්ව චක‍්‍ර සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ ඞී.කේ. ශ‍්‍රීවස්තව් මහතා එක් වූ අතර ප‍්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ශ‍්‍රී ලංකා තත්ව ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමන්ති නාරංගොඩ මහත්මිය යි. එහි දෙවන අදියරේ ප‍්‍රධාන අමුත්තා ලෙස කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති  වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා එත් වූ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රවාහන හා සැපයුම් අධ්‍යානංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රනිල් සුගතදාස මහතා  විසින් දෙවන අදියරෙහි ප‍්‍රධාන දේශනය පවත්වනු ලැබීය. එසේම SLAAQP හි නිර්මාතෘ /සභාපති සුනිල් විජේසිංහ මහතා මෙහි ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස එක් විය.

මෙහි තවත් විශේෂත්වයක් වූයේ තිරසාරත්වයේ විශිෂ්ටත්වය මෙවර සම්මේලනය තුළින් ප‍්‍රදර්ශනය කිරීමට සමත් වීමයි. එහිදී බොහෝ කණ්ඩායම් තිරසාර සංවර්ධනයන් සාක්ෂාත් කර ගැනීම ස`දහා තම ආයතනය තත්වය ඉහළ නංවා ගත් ආකාරය පිළිබ`දව අදහස් ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන් අපද්‍රව්‍ය ඉවත දැමීම අවම කිරීම හරහා කාලගුණ ක‍්‍රියාකාරීත්වයන්, සම්පත් උපරිම ලෙස භාවිතයට ගැනීම,පරිසර බලපෑම අවම කිරීම වැනි සාධකයන් ප‍්‍රමුඛ කොට ගනිමින් සිදු කළ සංවර්ධනයන් පිළිබ`දව අවධානය යොමු විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව