සෙලින්කෝ ලයිෆ් විසින් ශ්වසනාධාර උපකරණ කන්තලේ මූලික රෝහලට පරිත්‍යාග කරයි

HFNC donation to Kantale Hospital

 




 

 

රෝගී වී ශ්වසන අපහසුතාවයන්ට ගොදුරුවන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් ලබාදීමට අවශ්‍යතා ඇති තවත් රෝහලක් වන කන්තලේ මූලික රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා High Flow Nasal Cannula (HFNC) උපකරණ පරිත්‍යාග කරන ලදී. මෙම උපකරණ මගින් මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි.

කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්ව තිබෙන රෝගීන් සඳහා ප‍්‍රතිකාර ලබාදෙන ප‍්‍රමුඛ ආයතන සඳහා සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ සමාගම විසින් මෙම උපකරණ පරිත්‍යාග කරන අතර මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට සහ මඩකළපුව ශික්ෂණ රෝහලට ප‍්‍රදානය කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් විසින් රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ‍්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කරන ලදී. HDU එ්කක බරපතල ලෙස රෝගී තත්වයන්ට පත්ව සිටින රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම කෙරෙහි බලපාමින් දැඩි සත්කාරවල අවශ්‍යතාව අවම කිරීමට හේතු වේ. මෙම එ්කක රෝගීන්, සැත්කම් වලින් පසු වාට්ටු වෙත මාරු කිරීමට පෙර පශ්චාත් සත්කාර කටයුතු සඳහා මෙන්ම දැඩි රෝගී තත්වයන් කෙරෙහි ප‍්‍රතිකාර ලබාදීම සඳහාද භාවිතා කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව