සෙලින්කෝ ලයිෆ් තවත් වාසනාවන්ත රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකුට රත්තරන් ප‍්‍රදානය කරයි

FS-14-4th-Gold-presentation

14 වන ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ පැවැත්වූ තවත් දිනුම් ඇදීමකදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් වෙතින් රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් දිනාගැනීමට සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් 103 දෙනෙකු සමත්විය. මෙම නවතම දිනුම් ඇදීමේදී රුපියල් මිලියනයක් වටිනා පළමු ත්‍යාගය මීගමුවේ රක්ෂණ ඔප්පුහිමියෙකු දිනාගත් බව සමාගම සඳහන් කරයි. මෙම දිනුම් ඇදීමත් සමග 14 වන ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මේ දක්වා සමස්තයක් ලෙස සමාගම විසින් රක්ෂණ ඔප්පුහිමියන් 412 දෙනෙකුට රුපියල් මිලියන 20 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත හයවන වටයේ අවසන් දිනුම් ඇදීමත් සමග සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකුට රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් බෙදාදීමට සමාගම සැලසුම් කර ඇත. කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා පැනවූ ගමන් සීමාවන් සහ සුරක්ෂිත ක‍්‍රියා මාර්ග හේතුවෙන් ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මෙතෙක් පවත්වාගෙන පැමිණි විදේශීය සහ දේශීය සංචාර වෙනුවට රත්තරන් ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් සමාගම විසින් ආරම්භ කරන ලදී.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව