ශ‍්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ණය අයකර ගැනීමේ ක‍්‍රියාවලිය විධිමත් කිරීම සඳහා රජයේ මැදිහත් වීම ඉල්ලා සිටියි

Sri-Lanka-Banks-Association SLBA

 



 

 

‘කොවිඞ්-19’ වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පසුව ණය පැහැර හැරීමේදී කර්මාන්තකරුවන්ට දැනෙන ආතතිය සමනය කිරීම සඳහා, පුළුල් සහ විධිමත් සම්බන්ධීකරණ ප‍්‍රවේශයක් සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව හරහා වාණිජ බැංකු සමග සම්බන්ධ වන ලෙසට, ශ‍්‍රී ලංකා බැංකු සංගමය ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටියි.

ශ‍්‍රී ලංකාවේ සියලූම බලපත‍්‍රලාභී බැංකු නියෝජනය කරන එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 2020 සිට කොවිඞ් වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ණය අයකර ගැනීමේ සාමාන්‍ය කි‍්‍රයාවලිය සඳහා ඇති වූ බලපෑම් සහ සංචාරක කර්මාන්තයට 2019 අපේ‍්‍රල් ප‍්‍රහාරයෙන් පසු ණය ගෙවීමට අදාළව ලබා දුන් සහන ක‍්‍රම අවසන් වීම සමඟ ණය අයකර ගැනීමේ නීතිමය ක‍්‍රියාමාර්ග පසුබෑමට ලක් වීම නිසා 2023 පළමු මාස හතර තුළ එවැනි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම ඉහළ ගොස් ඇති බවයි.

මෙම සන්දර්භය තුළ පාර්ලිමේන්තුවේ අවධානයට ලක් වූ වැදගත් මුලපිරීමක් වූයේ, පීඩාවට පත්වූ සමාගම් වල අවිධිමත් ණය කළමනාකරණය කීරීමෙන් සිදු වූ බලපෑමක් බව සංගමය අවධාරණය කර ඇත. ඒ සඳහා ශක්තිමත් ප‍්‍රතිව්‍යුහගත කිරීමේ රාමු හරහා හෝ විකල්ප වශයෙන් ණයගැතියන් කළමනාකරණය හරහා හෝ වැඩිදියුණු කිරීම සිදුවිය යුතුය. එසේම ඵලදායී වත්කම් නැවත වෙන් කිරීම සඳහා, ඵලදායීතාව අඩු සමාගම්වලට හැකිතාක් කාර්යක්‍ෂමව පිටවීමට පහසුකම් සැලැසීමද සිදුකළ යුතුය.

2023 මාර්තු 31 වන විට බැංකු අංශය විසින් ලබාදී ඇති දළ ණය වටිනාකම රුපියල් ටි‍්‍රලියන 10.8ක් වන අතර, එයින් පසුගිය වසර 03 තුළ ලබා දී ඇති සහන, ප‍්‍රතිව්‍යුහගත කිරීම් සහ අනෙකුත් ගෙවීම් සහන වල ප‍්‍රමාණය රුපියල් ටි‍්‍රලියන 02 ඉක්මවන බැව්ද සංගමය ප‍්‍රකාශ කළේය. ඇස්තමේන්තුවලට අනුව මෙහිදී සාමාන්‍ය වෙළඳ සහ ආයතනික අංශ දෙකෙහිම මිලියනයකට අධික ගනුදෙනුකරුවන්ට ප‍්‍රතිලාභ ලබාදී ඇත. මෙයට ආසන්න වශයෙන් රුපියල් ටි‍්‍රලියන 1.3ක පහසුකම් ද ඇතුළත් වන අතර ඉහළ අවදානම් මට්ටම් සහිත පහසුකම්ද ඇතුළත් වන අතර අපි තවමත් පහළට පැමිණ නැත.

‘ශ‍්‍රී ලංකා බැංකු සංගමයේ (SLBA) ප‍්‍රධාන අරමුණ වන්නේ, මහ බැංකු නියාමන රාමුව තුළ බැංකු පද්ධතියේ ස්ථායිතාව වර්ධනය කිරීම සහ පවත්වාගෙන යෑම සඳහා උපකාර කිරීමයි. පාරිභෝගික තැන්පතු සහ ආයෝජක කොටස් හිමියන්ගේ ප‍්‍රාග්ධනය ආරක්‍ෂා කිරීම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉතා වැදගත් වේ,’ යනුවෙන් නිවේදනයේ සඳහන් වෙයි.

‘බැංකුවලින් ණය ගත් ඇතැම් ව්‍යාපාරවලට සහ පුද්ගලයින්ට තම ණය ආපසු ගෙවීමට නොහැකිවී ඇත. ගෝලීය ‘කොවිඞ්-19’ වසංගතය වැනි බාහිර හේතූන් මෙන්ම ආර්ථිකය කඩාවැටීම වැනි සාධක ණය ආපසු ගෙවීම පැහැර හැරීමට මූලාරම්භයන් වී ඇත,’ යැයි එම නිවේදනය පෙන්වා දෙයි.

‘ණයගැතියන්ගෙන් කොටසක් ජාතියට සිදුවන සාර්ව ආර්ථික බලපෑම් ඇගැයීමකින් තොරව තමන්ගේ කැමැත්ත මත පමණක් ව්‍යවස්ථාදායක මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් යම් ක‍්‍රියාවලියක නිරත වී සිටිති. ඔවුන්ට මුදල් ණයට දුන් තැන්පත්කරුවන්ගේ අභිවෘද්ධිය නොතකා ණයගැතියන්ගේ අවශ්‍යතාවලට ප‍්‍රමුඛත්වය දීම තිරසාර නොවේ. මෙම ප‍්‍රවේශය බැංකු ක්‍ෂේත‍්‍රයේ සහ සමස්ත ආර්ථිකයේ ස්ථාවරත්වයට තර්ජනයක් වෙයි,’ යනුවෙන්ද සංගමයේ නිවේදනය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

එබැවින් අගතියට පත් ණයගැතියන් – ව්‍යාපාරිකයන් පිළිබඳව තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය පුළුල් සහ මනා සම්බන්ධීකරණයක් ඇතිව සිදුවන බැව් සහතික කිරීම සඳහා, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රධානත්වයෙන් වාණිජ බැංකු සමග එක්ව ප‍්‍රතිව්‍යුහගත කරණු ඇතැයි අපේක්‍ෂා කරන බැව්ද ශක්‍යතාවයක් සහිත ව්‍යාපාරිකයින් සඳහා ණය ලබාදීම සිදු කිරීමට කටයුතු කරන බැව් ද සංගමය ප‍්‍රකාශ කර ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව