ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කොවිඞ් වසංගතයෙන් පසුව යළි පිබිදෙන ගෝලීය වෙළෙඳපල තුළ මතුවන අවස්ථා ඉලක්ක කරගත යුතුයි

Webp.net-resizeimage

 



 

 

 

කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් විසින් පශ්චාත් කොවිඞ් අවධියේ දී යළි පිබිදෙන ගෝලීය වෙළෙඳපල තුළ මතුවන අවස්ථාවන්ගෙන් ප‍්‍රයෝජන ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට සහාය වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් නියෝජනය කරන ශ‍්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය (SLCGE) පසුගියදා පැවති 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම අදහස් පළ විය.

හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හි පැවති මෙම උත්සවයේදී Rainbow Clothing කළමනාකාර අධ්‍යක්ෂ බන්දුල ප‍්‍රනාන්දු මහතා 2022/23 වසර සඳහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස නැවත තේරී පත් විය. කර්මාන්ත අමාත්‍ය ගරු විමල් වීරවංශ මහතා ප‍්‍රධාන ආරාධිතයා වූ අතර Brandix ප‍්‍රධාන විධායක නිලධාරී අශ්රෝෆ් ඕමාර් මහතා ගෞරවනීය ආරාධිතයා විය. අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අධ්‍යක්ෂ ජනරාල් චිත‍්‍රාංජලී දිසානායක, වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් දයා රත්නායක සහ බතික් රාජ්‍ය අමාත්‍යාංශය, අත්යන්ත‍්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන ලේකම් ජානක ධර්මකීර්ති යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

”දැනට පවතින වසංගතයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇඟළුම් සඳහා වන ගෝලීය වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම e-commerce සඳහා ප‍්‍රතිචාර වශයෙන් අපි අපගේ උපාය මාර්ග සකස් කළ යුතුයි. රාජ්‍ය බලධාරීන් සහ පරිත්‍යාගශීලීන් ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව මෙම වෙනස්කම්වලට විසඳුම් සෙවීම සඳහා අපි වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් SLCGE සභාපති බන්දුල ප‍්‍රනාන්දු මහතා උත්සවය අමතමින් පැවසුවේය.

වෙළෙඳපොළ තුළ පවතින ඇමරිකා-චීන වෙළෙඳ යුද්ධය ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදකයින්ට වැඩි අවස්ථා නිර්මාණය කරන අතරම මේවායින් ප‍්‍රයෝජන ගැනීමට නිෂ්පාදකයින්ට රාජ්‍ය සහාය අවශ්‍ය බව ද මෙම මහා සභා රැස්වීමේදී පෙන්වා දෙන ලදී.

”අපගේ සාමාජිකයින්ගේ කර්මාන්තශාලා පුළුල් කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් අපි බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා. ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ නැංවීමට අත්‍යවශ්‍යයි.” කෙසේ වෙතත්, සේවා යෝජකයන් සමඟ සාකච්ඡා නොකර විවිධ කම්කරු රෙගුලාසි තාවකාලිකව හඳුන්වාදීම සහ සංශෝධනය කිරීම මඟින් කනස්සල්ලට පත්වීමට සහ ව්‍යාපාරික විශ්වාසය අඩාල වීමට හේතුවක් වෙනවා.” යනුවෙන් SLCGE ප‍්‍රධාන ලේකම් හේමන්ත පෙරේරා මහතා මෙහිදී පැවසුවේය.

අනිවාර්ය විශ‍්‍රාම වයසක් හඳුන්වාදීම සහ කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමේ පනතේ සංශෝධනය ආදිය එහිදී උදාහරණ ලෙස පෙන්වා දෙන ලදී.

නිෂ්පාදන පහසුකම් තුළ COVID-19 පැතිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ඇඟළුම් ක්ෂේත‍්‍රය වෙත චෝදනා එල්ල කළ බව කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින් මෙහිදී අවධාරණය කරන ලද අතර සේවා යෝජකයන් විසින් COVID-19 වැළැක්වීමේ පියවරයන් සියල්ල ක‍්‍රියාත්මක කර ඇති බව ද සඳහන් කළේය. වසංගත කාලයේ දී ඇඟළුම් කර්මාන්තයට ඔවුන් මිල කළ නොහැකි සහයෝගයක් ලබාදීම සම්බන්ධයෙන් ත‍්‍රිවිධ හමුදාවට, රජයට සහ අනෙකුත් රාජ්‍ය අංශයේ සංවිධානවලට මෙන්ම මෙරට ඇඟළුම් කර්මාන්තයේ නියෝජනය කරන ඉහළම ආයතනය වන JAAF වෙත ද මණ්ඩලය සිය කෘතඥතාව පළ කළේය.

2022/23 SLCGE හි නව නිලධාරී මණ්ඩලය වශයෙන් සභාපති, බන්දුල ප‍්‍රනාන්දු, ප‍්‍රධාන ලේකම්, හේමන්ත පෙරේරා, භාණ්ඩාගාරික, රන්ත තිසේරා, උප සභාපති, නිශාන්ත බක්මීගේ, සහකාර ප‍්‍රධාන ලේකම්, රුමේෂ් පෙරේරා, සහකාර භාණ්ඩාගාරික, මේනුක ගුණවර්ධන යන මහත්ම මහත්මීන් තේරී පත්විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව