![Rubber plantation image (LBN)](https://sinhala.lankabusinessnews.com/wp-content/uploads/2025/02/Rubber-plantation-image-LBN.jpg)
සම්මානිත මහාචාර් ය අසෝක නුගවෙල (වැවිලි කළමනාකරණ පීඨය වයඹ විශ්ව විද්යාලයල රබර් පර් යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ)
දේශීය රබර් කර්මාන්තයට අදාළ දත්ත අනුව 2023 වසරේ දී මෙම කර්මාන්තය ඩොලර් මිලියන 930 ක විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව උපයා ගෙන ඇත. මින් ඩොලර් මිලියන 900 ක ප්‍රමාණයක් නිමි භාණ්ඩ අපනයනයෙන් ද, ඉතිරිය දළ රබර් අපනයනයෙන් ද ලබා ගෙන ඇත. කෙසේ වෙතත් එම වසරේ දී දේශීය රබර් නිෂ්පාදනය රබර් කිලෝ මිලියන 64 කි. එම නිසා දේශීය නිමි භාණ්ඩ කර්මාන්තයේ අවශ්‍යතාවය සපුරාලීමට ඩොලර් මිලියන 50 ක පමණ විදේශ විනිමයක් වැය කර රබර් කිලෝ මිලියන 30 ක් පමණ 2023 වර්ෂයේ දී රටට ආනයනය කර ඇති අතර ඒ තුළින් විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීමටත් දේශීය රබර් නිමි භාණ්ඩ කර්මාන්තයට තව තවත් ආයෝජකයින් ආකර්ෂණය කර ගරනීමට ද හැකි වනු ඇත.
ගෝලීය රබර් කර්මාන්තය ස්වාභාවික රබර් සඳහා වර්තමානයේ ගෝලීය ඉල්ලුම මෙටි්රක් ටොන් මිලියන 1,415.2 ක් වන අතර සැපයුම මෙටි්රක් ටොන් මිලියන 145 ක් පමණය. තවද ගෝලීය ඉල්ලුම වසරකට 25% ක් සහ සැපයුම වසරකට 15% ක වර්ධනයක් ඇති වේ යැයි පුරෝකථනය කර ඇත. ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායමෙහි (IRSG) අධ්යක්ෂ ජෙනරාල්ට අනුව ඉහළ පහළ යන රබර් මිළ මෑතකදී යුරෝපියානු සංගමය මගින් පවා ඇති රෙගුලාසි රබර් වගා වලට මෑතක දී වැළදෙන පත්‍ර රෝගය සහ රබර් ඉඩම් වෙනත් බෝග සඳහා යොදවා ගැනීම යන හේතු කාරණා නිසාවෙන් ගෝලීය රබර් නිපදවන රටවල් සඳහා සංගමයේ (ANRPC) රබර් වගා කරන රටවල්වල මහ ලේකම්ට අනුව මෑතකදී සිට රබර් වගාවට වැළඳෙන නව පත්‍ර රෝගය ව්‍යාප්ත වී ඇති අතර ඒ හේතුවෙන් රෝග වූ වගාවල රබර් නිශ්පාදනය 20-40% කින් පහළ වැටී ඇත.
යුරෝපියානු සංගමය පනවා ඇති නව රෙගුලාසි 2025 වසරේ දෙසැම්බර් 30 සිට බලාත්මක වන අතර ඉන් පසුව එම රටවල් සඳහා අපනයන කරන රබර් භාණ්ඩ සඳහා යොදා ගන්නා ස්වාභාවික රබර් ලබා ගන්නා වගා වල තිරසාරභාවය තහවුරු කරන කළ යුතු වේ. මෙම වැඩ පිළිවෙලට අනුගත වීමට රබර් වගාකරුවන් පෙළඹවීමට ස්වාභාවික රබර් සඳහා රබර් නිමිභාණ්ඩ නිෂ්පාදිතයින් වෙත ගෙවන මිලෙහි වැඩි වීමක් සිතිය යුතු බව බොහෝ විද්වතුන්ගේ මතයයි.
වගාවට වැළඳන නව පත්‍ර රෝගය ව්‍යාප්ත වී ඇති අතර ඒ හේතුවෙන් රෝග වූ වගාවල රබර් නිෂ්පාදනය 20-40% කින් පහළ වැටී ඇත.
යුරෝපියානු සංගමය පනවා ඇති නව රෙගුලාසි 2025 වසරේ දෙසැම්බර් 30 සිට බලාත්මක වන අතර ඉන් පසුව එම රටවල් සඳහා අපනයන කරන රබර් භාණ්ඩ සඳහා යොදා ගන්නා ස්වාභාවික රබර් ලබා ගන්නා වගා වල තිරසාරභාවය තහවුරු කරන කළමනාකරණය හා සැපයුම් ක්‍රමය තහවුරු කිරීම සිදු කළ යුතු වේ. මෙම වැඩ පිළිවෙලට අනුගත වීමට රබර් වගාකරුවන් පෙළඹවීමට ස්වාභාවික රබර් සඳහා රබර් නිමිභාණ්ඩ නිශ්පාදිතයින් වෙත ගෙවන මිළෙහි වැඩි වීමත් සිතිය යුතු බව බොහෝ විද්වතුන්ගේ මතයයි.
උක්ත සඳහන් කළ ප්රමාණතා අනුව ගෝලීය මට්ටමෙන් ස්වාභාවික රබර් සඳහා ඉතිරි වසර වල ඉහළ මිලක් සහ ඉල්ලුමක් පවතී යැයි යන්න මතය වී ඇත.
දේශීය රබර් කර්මාන්තය
2014 වර්ෂයේ කිලෝ මිලියන 98.5 ක් වූ තිබූ දේශීය රබර් නිෂ්පාදනය 2023 වසරේදී කිලෝ මිලියන 64.4 කට පහත වැටුණි. තවද මෙම අදාළ කාල සීමාව තුළ දී පරිණත රබර් වගා ඇති භූමි ප්‍රමාණය ද හෙක්ටයාර 106,000 සිට 25,000 දක්වා අඩුවීමක් ද පෙන්නුම් කරයි. දේශීය රබර් කර්මාන්තයට අනුව දත්ත පරීක්ෂා කර බැලීමේ දී පෙනී යන තවත් එක් විශේෂ කරුණක් නම් 2021 සිට 2022 සවර දක්වා කෙටි කාලය තුළ දී පරිණක භූමි ප්‍රමාණය හෙක්ටයාර 121,000 සිට 25,000 දක්වා අඩු වීමත්, ඵලදායීතාව හෙක්ටයාරයකට වසරකට කිලෝ ග්‍රෑම් 629 සිට 835 දක්වා ඉහළ යැමත්ය. වසරක කාලයක් තුළ දී මෙැවිනි විශාල වෙනස්කම් සිදුවිය නොහැකි අතර දත්ත වල එම වෙනස් වීමට හේතුව පරීක්ෂා කර බැලිය යුතු කරුණකි. ඕනෑම කර්මාන්තයක ඉදිරි ගමන සැලසුම් කිරීමට නිවැරදි දත්ත ඉතාමත් වැදගත් වන හෙයින් නිවැරදි දත්ත එකතු කර ගැනීම සහ යාවත්කාලීව කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
සෑම රබර් වගා කරන රටකම ජාතික ඵලදායීතාව ලබා ගත හැකි උපරිම ප්‍රමාණයම පහත් මට්ටමකින් පවතී. ශ්‍රී ලංකාවේ රබර් ඉඩම්වල ජාතික ඵලදියීතාවය හෙක්ටයාරයකට වසරකට කිලෝ ග්‍රෑම් 800-900 අතර මට්ටමේ පවතී. කෙසේ වෙතත් ඉන්දියාව, තායිලන්තය හා අයිවරි කෝස්ට් වැනි රටවල එම අගය හෙක්ටයාරයකට වසරකට කිලෝ ග්‍රෑම් 1,300-1,400 වැනි මට්ටමෙහි පවතී. මේ ආකාරයෙන් සමහර රබර් වගා කරන රටවලට සාපේක්ෂව ඉහළ ඵලදියීතාවක් ලැබීමට හේතු විය හැකි සමහර කරුණු නම් පසේ ගුණාත්මකභාවය සහ පාරිසරික තත්වයන් විය හැකිය. බෑවුම් සහිත ඉඩම් වලට සාපේක්ෂව තැනිතලා ඉඩම් වල කෘෂි පිළිවෙත් අනුගමනය පහසු වන අතර පාංශු ඛාදනය ද අවමය. වාර්ෂික වර්ෂාපතනය සහ වැසි දින ගණන අඩු වූ විට ගස් වලට වැළඳෙන ලෙඩ රෝග ප්‍රමාණය අඩවීම සහ වසරකට වැඩි දින ගණනක් කිරි කැපිමට හැකි වීමද ඵලදායීතාවය ඉහළ නැංවීමට හේතු වේ. කෙසේ වෙතත් සෑම රබර් වගා කරන රටකම ඵලදායීතාවය විභවයට සාපේක්ෂන් අඩුවීමට කරුණු කිහිපයක්ම බලපායි. ඉන් සමහරක් නම්, ඒකීය ඉඩම් ප්‍රමාණයක තිබිය යුතු ගස් ප්‍රමාණය අඩු වීම, කිරි කපන්නන්ගේ අඩුවීම සහ වර්ෂාව නිසා ගසක කිරි කපන වාර ගණන අඩුවීම, නුපුහුණු කිරි කපන්නන්ගේ භාවිතය නිසා කිරි කැපීම් ප්‍රමිතිය අඩුවීම, පොහොර භාවිතයේ අඩුවීම, සුදුමල් රෝගය සහ අකුණු ගැසීම හේතුවෙන් ගස් සංඛ්‍යාව තව තවත් අඩුවීමය. ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින සාම්ප්රදායිකයව රබර් වගා කරන ප්‍රදේශයන්හි මෙම තත්වයන් සුලබව දැකගත හැකිය.
රබර් නිෂ්පාදනයට ඇති අභියෝග
2019 වසරේදී දේශීය රබර් වගාව නව පත්‍ර රෝගයට ගොදුරු විය. මෙම කාල වකවානුවේදීම ලෝකයේ රබර් වගා කරන වෙනත් රටවලින් ද මෙම රෝගය ගැන වාර්තා විය. කෙසේ වෙතත් මෙම රෝගය වඩාත් තීව්ර ලෙස වැළඳෙන්නේ සාපේක්ෂව වර්ෂාව වැඩි ප්‍රදේශයන් තුළය අද දින වන විට ද මෙම රෝගය පාලනය කිරීමට නිසි ක්රමවේදයක ් නොමැති වීම ගෝලීය මෙන්ම දේශීය රබර් කර්මාන්තයට විශාල තර්ජනයක් වී ඇත. වගා කළමනාකරණ තත්වයක් යටතේදී පවා මෙම නව පත්‍ර රෝගය රබර් වගාවලට වැළඳෙයි. ශ්‍රී ලංකාවේ මෙම රෝගය වඩාත් තීව්ර ලෙස පවතින ප්‍රදේශවල පසුගිය වසර 3-4 ක කාලයක් තුළ දී අඛණ්ඩව රබර් ගස්වල වසරකට දෙපාරක් පමණ ද්විතීක පත්‍ර පතනය සිදු වී ඇත. මෙම සිදු වීම තුළින් රබර් වගා වර්ධනය සහ අස්වැන්න ලබා දීමේ හැකියාව අතින් දුර්වල මට්ටමක පවතී. ඒ අනුව සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් ලැබෙන දෙකම රබර් වගා කරන ප්‍රදේශවල එම කර්මාන්තය කරගෙන යාමට විශාල තර්ජනයක් පවතී.
මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකදී තෙත් සහ අතර මැදි කලාපවල රබර් වගාවන්හි මෙම නව පත්‍ර රෝගය වැළඳීමට පෙර සහ පසු ඵලදායීතාවයන් සංසන්දනය කරන ලදී. එම අවස්ථාවේ පැහැදිලි වූ කරුණු නම්,
- පත්‍ර රෝගයට පෙර තෙත් සහ අතරමැදි කලාපවල රබර් වගාවන් අතර ඵලදායීතාවයේ විශාල වෙනසක් නොතිබූ බව
- නවපත්ර රෝගයට පසු හතරමැදි කලාපයේ ඵලදායීතාවයේ අඩුවීම සිදු නොවූ බව
- තෙත් කලාපයේ නව පත්‍ර රෝගයට පසුව ඊට පෙර තිබූ ඵලදායිතාවෙන් 40% අඩුවීමක් පෙන්නුම් කළ බවත්ය
රූපය 1 හි මෙම නිගමනයට අදාළ දත්ත පෙන්නුම් කර ඇති අතර D වතුයාය අතරමැදි කලාපයෙන් සෙසු A,B සහ C යන වතුයාය තෙත් කලාපයේ පිහිටි වතුවායායවල්ය. මෙම නව පත්‍ර රෝගය පාලනයට සුදුසු ක්‍රමයක් නොලැබුණ හොත් තෙත් කලාපයේ රබර් ඉඩම්වල ඵලදායිතාවය මීට වඩා වැඩි ප්රතික්ෂේත්රයකින් අඩු වීමට ඉඩ ඇත.
සාම්ප්‍රදායික රබර් වගා කරන ප්‍රදේශවල වැවිලිකරුවාට මුහුණ දීමට සිදුවී ඇති තවත් ගැටළුවක් නම් පාරසරික වෙනස්කම් ය. මෙම ප්‍රදේශවලට වසරකට මිලිමීටර් 4000-5000 ක් පමණ ඉහළ වර්ෂාපතනයක් දින 250-273 තුළදී ඇද හැලේ. මෙම තත්ත්වයන් තුළ රබර් වගාවට වැළඳෙන රෝග ද වැඩිවන අතර පාලනයට ඉහළ පිරිවැයක් දැරීමට සිදුවේ. එමෙන්ම සමපතනය කරන නව රබර් වගාවල ගුණාත්මක බවයේ ද අඩුවීමක් සිදුවේ. වල් වර්ධනය, පොහොර දැමීම සහ වතුවල වැඩ කිරීමට සේවක මහත්ම මහත්මීන් සොයා ගැනීම දුෂ්කර වීමටද මෙම අහිතකර කාලගුණය හරස් වේ. පරිණත වගාවන්හි කිරි කැපීම සඳහා වැහි ආවරණ සඳහා ආයෝජනය කළ යුතුම කාර්යයක් බවට පත්වී හමාරය. වැහි ආවරණ භාවිතා කර කිරි කැපීම සිදු කළත් ලබාගන්නා අස්වැන්නේ සහ ආදායමේ ප්‍රමාණාත්මක අඩුවීමක් වර්ෂාව හේතු කොටගෙන සිදුවේ.
නවපත්ර රෝගය මත දේශගුණික තත්ත්වයන්ගේ වෙනස්වීම හේතු කොට ගෙන දේශීය රබර් කර්මාන්තය මුහුණ දෙන අසීරු තත්ත්වය රටෙහි පරිපාලනය හොඳින් වටහා ගත යුතුය. එමෙන්ම ආණ්ඩුව රබර් කර්මාන්තයට වගකිවයුතු සියලු ආයතන සහ කර්මාන්තයේ අනෙකුත් පාර්ශ්වකරුවන් හට උද්ගතවී ඇති තත්ත්වයෙන් මිදීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් කාලරාමුවක් තුළ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැක. දේශීය රබර් කර්මාන්තයේ කඩාවැටීම වළක්වා මෙම කර්මාන්තයෙන් රටට ලබා ගත හැකි ඉහළ දායකත්වය ලබාගැනීමට හැකි වැඩසටහනක් මෙන් බලාපොරොත්තු විය යුතුය. නව පත්‍ර රෝගය පාලනය කිරීමට රසායනික හෝ ජීව විද්‍යාත්මක ක්‍රමවේද, රෝගවලට ඔරොත්තු දෙන නව ප්‍රභේද සොයා ගැනීම, රෝගවලට නැඹුරු දේශගුණික තත්ත්වයන්ගෙන් මිදී වෙනත් සුදුසු ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කිරීම භාවිතා කළ හැකි උපක්‍රම කිහිපයකි.
රසායනික සහ ජීව විද්‍යාත්මක ක්‍රමවලින් රෝග පාලනයේදී එම ද්‍රව්‍ය පරිණත වගාවල වියනට ඉසීමට සුදුසු ක්‍රම ගැන ද විශේෂ අවධානයක් සිදු කළ යුතුය.
සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට රබර් වගා ව්‍යාප්ත කිරීම තුළින් භාජනයට අරමුණින් ඉඩ ඇති පසක් තිබීම, කෘෂි පිළිවෙත් අනුගමනය කිරීමට පහසු තැනිතලා, ඉඩක් ලැබීම, කම්කරුවන්ගේ ඵලදායීතාවය ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට සුදුසු තත්ත්වයක් තිබීම, අඩු වර්ෂාපතනයක් තුළින් කිරි කපන දින ගණන වැඩිවීම සහ වල් හා වල් සහ භෝග වර්ධනයට අඩු පිරිවැයක් දැරීමට සිදුවීම යන වාසි සහගත තත්ත්වයන් ද ආයෝජකයන්ට හිමිවේ. දේශීය රබර් කර්මාන්තය නගා සිටුවීමට රජය ගන්නා පියවරන් පියවරයන්ට ප්රතිලාභ වශයෙන් ඉහළ ඩොලර් රටට හිමිවේ.