ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් මහජන යටිතල පහසුකම් (DPI) සමුළුව 2025 – ඇතුළත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ ඉදිරි පියවර

Key partners marking the inauguration of the Sri Lanka DPI Summit 2025 (LBN)

2025 පෙබරවාරි මස 05, කොළඹ , ශ්‍රී ලංකාව: අදදින, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ තවත් ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ එක්ව ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) 2025 සමුළුව ආරම්භකරන ලදී. 2025 පෙබරවාරි 5 සිට 6 දක්වා කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව, රටේ ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමට උපකාරකයක් ලෙස ආරක්ෂාව සහ ඇතුළත් භාවය සහතික කරන විශ්වීය ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) හි තීරණාත්මක කාර්යභාරය අවධාරනය කරයි.

විනිවිදභාවය, ආරක්‍ෂාව සහ ඇතුළත් භාවය  සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින්, 2025 සමුළුව, විවිධ අංශවල ගෝලීය නායකයින්, විශේෂඥයින්, නවෝත්පාදකයින් සහ පාර්ශවකරුවන් එක් කරමින්, DPI ආශ්‍රිතව පවතින අභියෝග සහ අවස්ථා පිළිබඳ මෙන්ම ආර්ථික වර්ධනය සහ තිරසර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිලිබඳ සංවාදයක් ගොඩනැගීමට උත්සාහ කරයි. මෑතකදී සම්මත කරන ලද ලෝක ඩිජිටල් සංයුක්තය (Global Digital Compact) නිසා, මෙම සමුළුව කාලෝචිත වන අතර, එය පවතින රටවල අන්තර්ගතභාවය ඇති  ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා DPI හි හැකියාව ඉස්මතු කරයි.

මෙහි ආරම්භක සැසියට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු. එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා; ආසියානු සංවර්ධන බැංකුවේ (ADB)  ඩිජිටල් අංශ කාර්යාලයේ අධ්‍යක්ෂ ඇන්ටෝනියෝ සබල්ලොස් මහතා; එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ; ආධාර් (Aadhaar) හි නිර්මාතෘ තාක්ෂණ අධ්‍යක්ෂ ශ්‍රිකාන්ත නධමුනි මහතා; එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ඩිජිටල් සහ කෘතිම බුද්ධි වැඩසටහන් ප්‍රධානී කෙයිසොම් න්ගොඩප් මාසලි මහත්මිය මෙන්ම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අනෙකුත් ඉහළ මට්ටමේ නියෝජිතයන් සහභාගී විය.

අමාත්‍යාංශයේ නායකත්වය අවධාරණය කරමින්, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ගරු එරංග වීරරත්න මහතා අදහස් ඵල කරමින් පවසා සිටියේ, “රජයට ඩිජිටල් පරිවර්තනය ප්‍රවණතාවක් පමණක් නොවන බව සඳහන් කළ යුතුය. – එය අපගේ ආර්ථිකය නව තලයකට ගෙන යා හැකි මූලික පෙරළියක් නියෝජනය කරයි. ඩිජිටල් පොදු  යටිතල පහසුකම් (DPI) යනු හුදු වචනයක් පමණක් නොවේ – අපි එහි වටිනාකම හඳුනාගෙන ඇත. එය අප ආරම්භ කරන ඕනෑම ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයක් සඳහා අඩිතාලමක් ලෙස කටයුතු කරනු ඇත. ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා වන අපගේ දැක්ම අනුව 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඩොලර් බිලියන 15 දක්වා ළඟා වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.”

අවදානම් පූර්ව නිගමනය කිරීමට සහ අවම කිරීමට අවශ්‍ය ආරක්ෂණ ක්‍රම සමඟින්, විශාල පරිමාණයෙන් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සාර්ථකව සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මෙන්ම ක්ෂේත්‍ර අතර සහයෝගීතාවයේ වැදගත්කම මෙම සමුළුව අවධාරනය කරයි.

 



 
මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් සැලැස්ම පිළිබඳව අවධාරණය කරමින්,ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.“ශ්‍රී ලංකා රජය විසින් ඩිජිටල් ආර්ථික ප්‍රගමනය සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය, අතිගරු ජනාධිපතිතුමාගේ ඍජු අධීක්ෂණය යටතේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ස්ථාපිත කිරීමෙන් පැහැදිලි වේ. සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ ලැබෙන ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට මෙම අමාත්‍යාංශය කැපවී සිටී. ඩිජිටල් පරිවර්තනය තුලින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමත්, පුරවැසි සහ ව්‍යාපාර සේවාවන් නව පරාසයකට ඉහළ නැංවීමත්,  සමාජ-ආර්ථික පිරමීඩයේ  ඇති අසමමිතිය මුලිනුපුටා දැමීම අපගේ අරමුණ වන්නේය. ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ස්ථාපිත කිරීම සහ කඩිනම් කිරීම මෙම උපාය මාර්ගයේ මූලික සන්ධිස්ථානයකි. DPI සමුළුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා සමාන අදහස් ඇති පාර්ශ්වකරුවන්ගේ උත්සාහය, කැපවීම සහ සහාය එක් කරනු ඇතැයි අපට විශ්වාසයි.”

සමුළුවේ සම-සත්කාරක ලෙස අදහස් බෙදා ගනිමින්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ, ටකෆුමි කඩෝනෝ මහතා මෙසේ අදහස් දැක්වීය. “ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) යනු ඩිජිටල් පරිවර්තනය සඳහා අත්‍යවශ්‍ය ක්‍රියාන්විතයකි. අපගේ ආර්ථිකය සහ සමාජය ඩිජිටල්කරණය වී ඇති හෙයින් , මේ සඳහා අවශ්‍යවන ඩිජිටල් රාමු සහ ප්‍රවීණත්වය ලබා දීමට රජයට සිදුවේ. ඩිජිටල් ආර්ථික ප්‍රමුඛයෙකු වීමේ ශ්‍රී ලංකාවේ අභිලාෂයන්ට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වෙමු.”

ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවනු ලබන “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කරගැනීම වේගවත් කිරීම සඳහා දේශීය පරිපාලන දත්ත එකතු කිරීමේ පද්ධති පරිවර්තනය” ව්‍යාපෘතිය මෙම උත්සවයේදී අවධාරණයට ලක්විය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා SDG අරමුදල (UN Sri Lanka SDG Fund) විසින් අරමුදල් සපයනු ලබන මෙම ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ක්‍රියාත්මක කරන අතර වැඩිදියුණු කළ සේවා සැපයීම, ආර්ථික කාර්යක්ෂමතාව සහ පුරවැසියන් සවිබල ගැන්වීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය කරයි. එසේම, 50-in-5 ගෝලීය ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙලේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ කැපවීම ද පෙන්නුම් කරයි.

සමුළුවේදී අදහස් දක්වමින්, එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය, “ඩිජිටල් වේදිකා, රාජ්‍ය ආයතන සහ පුරවැසියන් අතර විශ්වාසය ගොඩනැගීමට සේවාවන්ගේ ප්‍රවේශය, විනිවිදභාවය, ආරක්ෂාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩිදියුණු කිරීමෙන් මහත් ලෙස දායක විය හැක. SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා වගකියන ආයතන ඉදිරියට ගෙන යාම සඳහා අපගේ කැපවීමේ කොටසක් ලෙස, එකසත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ගෝලීය සහ දේශීය වශයෙන්, ජාතික ප්‍රතිපත්ති රාමු සැලසුම් කිරීමට, ඩිජිටල් භාවිතය ගොඩනැගීමට මෙන්ම සේවා සැපයුම වැඩිදියුණු කිරීම සඳහා සුලභ ඩිජිටල් විසඳුම් හඳුන්වා දීමට සහාය වේ. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට ප්‍රමුකත්වය දෙන බැවින්, මෙම මංගල සමුළුව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමනේ වැදගත් පියවරකි. මෙම පරිවර්තනීය ගමනෙන් සැමට ප්‍රතිලාභ සහතික කරන අතරම ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ආරක්ෂිත, ඇතුළත් සහ තිරසර ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) උපයෝගීකර ගැනීම ඉතා වැදගත් වේ”, යැයි ඇය පැහැදිළි කළේය.

දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුවේදී, සිට්‍රා පර්යේෂණාගාරය (Citra Lab) විසින් රාජ්‍ය නියෝජිතයින්, ක්ෂේත්‍ර විශේෂඥයින් සහ  ප්‍රවීණයන් සමඟ එක්ව මෙහෙයවනු ලබන අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා සහ වැඩමුළු පැවැත්වෙන අතර, ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI)හි විවිධ යෙදුම් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිදු කරනු ඇත. මේවා බදු සහ ආදායම්, ප්‍රවාහනය සහ සංචාරක ව්‍යාපාරයට අදාළ ආංශික යෙදුම්වල සිට සිවිල් ලියාපදිංචිය සහ මූලික සංඛ්‍යාත්මක දත්ත (CRVS) සහ පුළුල් නීතිමය අනන්‍යතාවය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) දක්වා විහිදේ. නියෝජිතයින් 350කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම අවස්ථාව, සහයෝගීතාව වර්ධනය කිරීමට, ක්‍රියාකාරී දර්ශනය ජනනය කිරීමට සහ ජාතියේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමට වේදිකාවක් ලෙස සේවය කරනු ඇත.

ඩිජිටල් පොදු යටිතල පහසුකම් මධ්‍යස්ථානය (CDPI), ඩිලොයිට් (Deloitte) ශ්‍රී ලංකා, සහ Vital Strategies ඇතුළු දැනුම් හවුල්කරුවන් සමඟ එක්ව සිට්‍රා පර්යේෂණාගාරය (Citra Lab) විසින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සමුළුවට පහසුකම් සපයයි. කර්මාන්ත සහයෝගීකරුවන් ලෙස ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) සහ ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) ඇතුළත් අතර, Huawei, උපායමය අවස්ථා සහයෝගීකරු ලෙස එක්ව, නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය රැගෙනයාම සඳහා පුළුල් සහයෝගීතාවයක් ප්‍රකාශ කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව