ඩෙල් ටෙක්නොලොජීස් වසරකට දෙවතාවක් පවත්වන වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යය මසක් පුරාවට ගාල්ල, ත්‍රිකුණාමලය, කළුතර හා උස්වැටකෙයියාව වෙරළ තීරයන්හි සිදු කෙරිණි. ස්වේච්ඡා පිරිස් එක්රැස් කර ගනිමින් පැවති මෙම වැඩසටහනෙන් වෙරළාශ්‍රිතව ප්ලාස්ටික් ටොන් 1 කට වඩා එකතු කර ගැනුණු අතර, අනතුරුව ඒවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන කරා යැවිණි.
විශාල ස්වේච්ඡා පිරිසක් සහභාගී වූ මෙම පිරිසිදු කිරීමේ සත්කාර්යය සඳහා ‘Travel with Wife හා Sailor ද Road to Rights පදනම මෙන්ම, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සියල්ල පුරාවට උපදෙස් හා මග පෙන්වීම ලබා දෙමින් ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද සහයෝගය දැක්වූහ. විශේෂයෙන්, Plastech Polymer Recycling හි කළමණාකාර අධ්යක්ෂ අබ්දුල් සෆ්තාර් ඉල්ලියාස් මහතාගේ කණ්ඩායම ප්ලාස්ටික් අපද්‍රව්‍ය බර හා ප්‍රමාණය අනුව වෙන්කර නියමිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු සැලැස්වීමෙන් මහඟු දායකත්වයක් දැක්විය.
ඩෙල් ටෙක්නොලොජිස් වෙනුවෙන්, එහි ශ්‍රී ලංකා කළමණාකාර, ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතාද වෙරළ පිරිසිදු කිරීමේ කාර්යන් වෙනුවෙන් එක්විය. සත්කාර්යය සඳහා එක්වුණු ස්වේච්ඡා පිරිස් අමතමින් 2030 ඩෙල් ටෙක්නොලෝජීස් දැක්ම සැබෑවක් කරලන මෙම සත්කාර්යයයේ වැදගත්කම පිළිබඳව හෙතෙම අවධාරණය කළේය. “සමාජයට හා කර්මාන්ත ක්ෂේත්රයට වඩා හොඳ සත්කාර්යයන් සිදු කිරීම අතින් ඩෙල් ඉදිරියෙන්ම සිටිනවා. මෙම සාර්ථක වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්ය තුළින් මිහිතලය ආරක්ෂා කිරීම සඳහාත්, දේශීය වශයෙන් මිනිසුන් බලගැන්වීම සඳහාත් අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. ” ඩෙල් ටෙක්නොලොජීස් ශ්‍රී ලංකා කළමණාකාර, ක්‍රිෂාන් ප්‍රනාන්දු, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති අවසන් උත්සවයේදී රැස්ව සිටි අමතමින් සඳහන් කළේය.
“තවද ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා වූ මෙම උත්සාහය තව දුරටත් පුළුල් කරමින් රට පුරා ප්‍රචලිත කිරීමට අප සුදානම්. 2030 වර්ෂය සඳහා අපගේ දැක්ම වනුයේ ඩෙල් නිෂ්පාදන ඇසුරුම්කරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සියයට සියයක්ම ප්‍රතිචක්‍රීකරණය කල ද්‍රව්‍ය වලින් ලබා ගැනීම සහතික කිරීමයි. අප විසින් මේ වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය 14 සඳහා සහය දක්වමින් ප්ලාස්ටික් රාත්තල් 40,000 ක් පමණ මෙහෙයුම් ක්‍රියාවලීන් සඳහා භාවිත කර ඇති අතර වර්ෂ 2025 වන විට එම සංඛ්‍යාව දස ගුණයකින් වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටී”ක්‍රිෂාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
සාමාන්‍ය යෙන් වාර්ෂිකව මෙ. ටො. මිලියන 8 ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුද්‍ර ගෝලයට එකතු වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන අතර එම ප්‍රමාණය වාර්ෂිකව සියයට 7 කින් ඉහළ යමින් පවති. ප්‍රකට විද්‍යාඥයින් අනාවරණය කර ඇත්තේ 2050 වන විට, සාගරයේ මත්ස්‍ය ගහනයට වඩා ප්ලාස්ටික් පැවතිය හැකි බවයි. මෙම දැවෙන පාරිසරික හානියට එකම විසඳුම නම් සාගරයට බැහැර කරන සියලුම ආකාරයේ කසළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවැත්වීම මිස අන් කිසිවක් නොවේ.
වගකිව යුතු ආයතනික පුරවැසියකු වශයෙන් පරිසරයට මුල් තැන දෙමින් ඩෙල් ටෙකනොලජිස් විසින් සිය මෙහෙයුම් ක්‍රියා දාමයන් සඳහා ඉවතලන ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රවයන් භාවිත කිරීම සඳහා විශාල අවධානයකින් කටයුතු කරයි. විශේෂයෙන්ම සිය නිෂ්පාදන ඇසුම්කරණය සඳහා ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් භාවිත කිරීමට ප්රමුඛත්වයක් ලබා දීම තුලින් පාරිසරික හානිය අවම කිරීමට ඔවුන් සිය උපරිම දායකත්වය ලබා දේ.
පාරිසරික සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ සාගර දූෂණයෙන් ඇති විය හැකි ප්‍රතිවිපාක අවධාරණය කිරීම සහ අනාගත පරපුර ඒ සඳහා දැනුවත් කිරීමට ඩෙල් ටෙක්නොලොජීස් විසින් චිත්‍ර තරඟයක් “Save the Waves” මැයෙන් සංවිධානය කළේය.මෙහිදී ජයග්‍රහණය කල තිදෙනෙකු සඳහා ඩෙල් ටෙක්නොලොජීස් විසින් වටිනා ලැප්ටොප් සහ උපාංග පිරිනමන ලදී.