ලංකාවේ එකලස් කරන Tata Ace HT කුඩා ට‍්‍රක්රථ සඳහා සියැට් නිල ටයර් සැපයුම්කරුවා බවට පත්වෙයි

OEM for Tata Ace

 



 

 

 

ඉන්දියාවේ වාහන නිෂ්පාදනයේ විශාලතම සමාගම වන TATA මෝටර්ස් සමග ඒකාබද්ධව DIMO සමාගම විසින් මෙරට එකලස් කරන Tata Ace HT කුඩා ට‍්‍රක්රථ මාලාවේ නිල ටයර් සැපයුම්කරුවා ලෙසින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත් කරගෙන තිබේ.

මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ ‘ඩිමෝ බට්ටා’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රචලිත TATA Ace HT කුඩා ට‍්‍රක්රථ සඳහා කැළණියේ පිහිටි සියැට් කැළණි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන 155R12 8PR ප‍්‍රමාණයෙන් යුතු CEAT RHINO PLUS TL ටයර් භාවිතා කරනු ඇත. මෙම ටයර සිග්සැග් කට්ට රටාවකින් සහ දේශීය මාර්ග වලට ඔරොත්තු දෙන ගුණාංග වලින් යුක්තව නිෂ්පාදනය කර ඇත.

නිල සැපයුම්කරු වන සියැට් සමාගම විසින් සපයන උපාංග ගිවිසුම පිළිබඳව සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රඞී ඩඞ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘දේශීය අගය එකතු කිරීම අතර ප‍්‍රමුඛස්ථානයේ සිටින සන්නාමයක් ලෙස සියැට් මෙම එකලස් කිරීමේ ක‍්‍රියාවලියට සහයෝගය දැක්වීමට ලැබීම පිළිබඳව අතිශයින් සතුටු වෙනවා. ශ‍්‍රී ලංකාවේ මේ වනවිට පවතින තත්ත්වයට මෙය හොඳ සහයෝගයක්. මේ ව්‍යාපෘතියේදී දේශීය මාර්ග වලට ගැලපෙන ඉහළම ගුණාත්මක තත්ත්වයෙන් යුතු ටයර් තරඟකාරී මිලකට අපි විසින් අඛණ්ඩව සපයනවා. මේ තුළින් ශ‍්‍රී ලංකාවට විදේශ විනිමය ඉතිරි කර දීමටත් අපි කටයුතු කරනවා.’

මේ වසරේ ජනවාරි මාසයේදී ඉන්දියාවේ අශෝක් ලේලන්ඞ් සමාගමට අනුබද්ධ ලංකා අශෝක් ලේලන්ඞ් පී.එල්.සී සමාගම විසින් එකලස් කරන ට‍්‍රක්රථ, ටිපර් රථ සහ සැහැල්ලූ වාණිජ වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) ලෙසින් සියැට් තෝරා ගන්නා ලදී. මේ අතර, අයිඩියල් මෝටර්ස් සමාගම සමග එක්ව ඉන්දියාවේ Mahindra & Mahindra සමාගම විසින් ශ‍්‍රී ලංකාවේදී එකලස් කරන Bolero City පිකප් වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග ලෙසින්ද 2021 නොවැම්බර් මාසයේදී සියැට් තෝරා ගත්තේය.

එසේම, 2019 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ දී එකලස් කරන Mahindra KUV100 මෝටර් රථ සඳහා එකම ටයර් සැපයුම්කරුවා වන්නේද සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමයි. මෙම මෝටර් රථ සඳහා CEAT FUELSMARRT 185/60 R 15 ටයර් මාදිලිය යොදාගනී.

ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන සියැට් කැළණි සමාගම මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකේ. මේ දක්වා මෙම ඒකාබද්ධ ව්‍යාපාරය විසින් සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය දියුණු කිරීම සහ නව නිෂ්පාදන සංවර්ධනය සඳහා තවත් රුපියල් බිලියන 3.2 ක මුදලක් 2022 වසරේදී ආයෝජනය කිරීමට එකඟවී තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, තී‍්‍ර රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, තී‍්‍ර රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව