මිශ‍්‍ර ඉගෙනුම් ක‍්‍රමේවදයක් සහ කඩදාසි රහිත සංස්කෘතියක් හඳුන්වාදීමේ පෙරගමන්කරු, නෝර්ත්ෂෝර් කැම්පස් ආයතනය

Prof-Sisuru-Sendanayake

 

ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් වන නෝර්ත්ෂෝර් ඉන්ටර්නැෂනල් කැම්පස් ආයතනය :භදරඑයියදරු ෂබඑැරබ්එසදබ්ක ක්‍්පචමි*, මෑතදී පැවති කෝවිඞ් 19 වසංගතයට සැබෑ ශ‍්‍රී ලාංකික බවින් යුතුව සාර්ථකව මුහුණ දුන් අධ්‍යාපනය ආයතනයකි.
ඉහළ පෙළේ බි‍්‍රතාන්‍ය විශ්ව විද්‍යාල වලින් ඉංජිනේරු, ව්‍යාපාර සහ පරිගණක / තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් උපාධි පිරිනමන නෝර්ත්ෂෝර් කැම්පස් ආයතනය, කෝවිඕ 19 වසංගතය හමුවේ රටේ වැඩකටයුතු නතර වූ පළමු සතියේ සිටම දේශන අන්තර්ජාලය හරහා ලබා දීම ආරම්භ කර එය සාර්ථකව දිගටම පවත්වා ගෙන ගිය උසස් අධ්‍යාපන ආයතන කිහිපය අතරින් එකකි. තවද, මේ අධ්‍යයන වාරයට අදාළ ව්‍යුහාත්මක විභාග සහ ඇගයීම් සාර්ථකව අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ පළමු ආයතනයන් කිහිපය අතරින් එකකි.

නෝර්ත්ෂෝර් ජාත්‍යන්තර කැම්පස් හි නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සිසුරු සෙන්දනායක මහතා :ඡුයෘල ඵීජල ඊීජ ෑබට – ්‍යදබි* මේ පිළිබඳව අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ, ”ඇත්ත වශයෙන්ම අපේ අංගසම්පූර්ණ හා නවීන ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය :ඛැ්රබසබට ඵ්බ්ටැපැබඑ ීහිඑැප* සහ මනා පුහුණුව ලත් කාර්යමණ්ඩලය නිසා සම්පූර්ණ දේශන මාලාවන්, ඇගයීම් ඇතු`ඵව අධ්‍යයන වාරයේ සම්පූර්ණ කටයුතු අන්තර්ජාලය ඔස්සේ අවසන් කිරීමට අපට හැකි වුණා. මෙය සැබැවින්ම සඳහන් කිරීමට වටිනා ජයග‍්‍රහණයක්”.

‘‘සජීවී වීඩියෝ කණ්ඩායම් ඇමතුම් ඇතු`ඵව විවිධ ක‍්‍රමවේදයන් හරහා මීට සම්බන්ධන වුණු ශිෂ්‍යයින්ගේ උනන්දුව සහ සහභාගීත්වය අන්තර්ජාල ඉගෙනුම් වැඩසටහන සාර්ථක වීමට හේතුවක් ලෙස සඳහන් කළ හැකියි. ඒ වගේම අපි නිරන්තරයෙන්ම සිසුන්ගේ අදහස් හා ප‍්‍රතිචාර ලබාගැනීමට සමීක්ෂණ සිදු කරමින් වැඩසටහනේ ගුණාත්මක බව ඉහළ නැංවීමට කටයුතු කළා. සාමාන්‍යයෙන් පංති කාමරයේදී එතරම් ක‍්‍රියාකාරී නොවූ සිසුන් පවා අන්තර්ජාල ඉගෙනුම් කටයුතු වලදී ඉතා උනන්දුවෙන් කටයුතු කරන ආකාරයක් අපට දැකගැනීමට ලැබීම විශාල සතුටක්”

නෝර්ත්ෂෝර් අධ්‍යයන කාර්ය මණ්ඩලය සූක්ෂම සැලසුම් කිරීමක් සහ ක‍්‍රමානුකූල උපදේශන සැලසුමක් අවශ්‍ය කරන ‘දුර සිට ඉගැන්වීම‘’ ක‍්‍රමවේදයට ඉතා ඉක්මනින් අනුගත වූ අතර ශිෂ්‍යයින් දේශකයින් සහ ශිෂ්‍යයින් ශිෂ්‍යයින් අතර අන්තර්ක‍්‍රියා කළ හැකි විශේෂයෙන් සැකසූ චැට් කණ්ඩායම් හරහා ශිෂ්‍යයින්ගේ ප‍්‍රතිචාර ලබාගැනීමටත් කටයුතු කළහ. එක්සත් රාජධානියේ සිය හවුල්කාර විශ්ව විද්‍යාල වල අන්තර්ජාල ඉගෙනුම් සම්පත් විශාල ප‍්‍රමාණයක් සඳහා මෙන්ම නෝර්ත්ෂෝර් කැම්පස්හි ඩිජිටල් පුස්තකාලයට ප‍්‍රවේශ වී අධ්‍යයනයන් සඳහා අවශ්‍ය පතපොත ලබාගැනීමට අවස්ථාව නෝර්ත්ෂෝර් සිසුන් හට හිමි වී තිබිණි.
‘‘අන්තර්ජාල අධ්‍යයන වැඩසටහනේ සාර්ථකත්වය අපව දිරිගැන්වූ නමුත් අධ්‍යාපනය තුළ තිබිය යුතු ශිෂ්‍යයින්ගේ අන්තර්ක‍්‍රියාකාරීත්වය සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම් වල වැදගත්කම පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කරනවා. සම්පූර්ණ උපාධිධරයෙක් බිහි කිරීමට එය ඉතා වැදගත්. ඒ නිසා ඉදිරියේදී සෞඛ්‍ය නියාමනයන් හා මාර්ගෝපදේශනයන්ට සම්පූර්ණ වශයෙන් අනුගත වෙමින් විශ්වවිද්‍යාලය තුළ ඉගැන්වීම සහ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම යන ක‍්‍රමවේදයන් දෙකම මිශ‍්‍ර කළ නව ක‍්‍රමවේදයකට ප‍්‍රවේශ වීමට අපි අපේක්ෂා කරනවා. ඒ හරහා අප විසින් පිරිනමනු ලබන සිය`ඵම උපාධි පාඨාමාලා සඳහා දේශන, වැඩමු`ඵ සහ පර්යේෂණාගාර කටයුතු ඉතා සාර්ථකව ඉදිරියටත් පවත්වා ගෙන යාමට අපි අපේක්ෂා කරනවා” යැයි මහාචාර්ය සෙන්දනායක මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නෝර්ත්ෂෝර් කැම්පස් ආයතනය විසින් සිසුන් ඇතුළත් කරගැනීමේ සිට ඇගයීම් දක්වා සිය`ඵම අධ්‍යයන කටයුතු වලදී කඩදාසි රහිත සංස්කෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. විභාග පිළිතුරු ඇතුළුව සියලූම ඇගයීම් අන්තර්ජාලය හරහා ලකුණු කර ඇති අතර එහි වාර්තා සහ දත්ත අන්තර්ජාලය තුළ පවත්වා ගෙන යාමේ ප‍්‍රතිලාභ රැසක් දැනටමත් තහවුරු වී ඇත. නව සංස්කෘතිය සමඟින්, ඩිජිටල්කරණය කරන ලද ලෝකයක නව සම්මතයන්ට පහසුවෙන් අනුගත විය හැකි උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ ඇතිව සිය සිසුන්ට අනාගත අත්දැකීමක් ලබා දෙමින් කෙටි කාලයක් තුළ සිය සමස්ත ක‍්‍රියාකාරිත්වයම ඩිජිටල්කරණය කිරීමට නෝර්ත්ෂෝර් කැම්පස් ආයතනය බලාපොරොත්තු වේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව