ප්ලැටිනම් අනුග්‍රාහකත්වයක් පිරිනමමින් ෆස්ට් කැපිටල් ආයතනය, CR&FC සමග රග්බි පිටියට පිවිසෙයි

First Capital Announces Platinum Sponsorship and Steps onto the Rugby Field with CR&FC_1 (LBN)

 



 

 

ජනශක්ති සමූහයේ  සමාගමක් වන ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ආයතනය, ඉදිරියේ එළඹෙන රග්බි ක්‍රීඩා සමයේ දී  ප්ලැටිනම් අනුග්‍රාහකයා  වශයෙන් සිලනීස්  රග්බි ඇන්ඩ් ෆුට්බෝල් ක්ලබ් (CR&FC) සමග ඇති කරගත් හවුල්කාරිත්වය සාඩම්බරයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ෆස්ට් කැපිටල් ආයතනය රග්බි ක්ෂේත්‍රයට පිවිසෙන පළමු  අවස්ථාව මෙම සහයෝගීතාව මගින්  සනිටුහන් කෙරෙයි. විශාල ක්‍රීඩාලෝලීන් සංඛ්‍යාවකගේ ආදරයට පාත්‍රව තිබෙන ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවෙහි වර්ධනය උදෙසා කටයුතු කිරීමට මේ හරහා ඉලක්ක කෙරෙයි. ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන්  වසර100ක සාඩම්බර උරුමයක් CR&FC ක්‍රීඩා සමාජය සතුව පවතියි. අප රට නියෝජනය කරන සුවිශේෂී රග්බි ක්‍රීඩකයන් බිහි කළ විශිෂ්ට ක්‍රීඩා සමාජයක් වශයෙන් CR&FC හිමි කරගෙන ඇති ඉහළ පිළිගැනීම  ඊට කදිම නිදසුනකි. එවන් මෙහෙවරක් ඉටු කළ මෙම ක්‍රීඩා සමාජය තවත් අගනා අනාගත සැලසුමක් වෙත අවධානය යොමු කර ඇත. ඒ,  රග්බි ඇකඩමියක් ආරම්භ කිරීමටයි. සුවිශේෂී ශක්තියක් පෙන්නුම්  කරනු ලබන මෙම කණ්ඩායම සමග එක්ව, එකී කර්තව්‍යයට හවුල්කාරිත්වය දරන්නට  ලැබීම ගැන ෆස්ට් කැපිටල් ආයතනයට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. තවත් එක් අතිසාර්ථක රග්බි සමයක් වෙනුවෙන්  CR&FC වෙත උපරිම සහය ලබාදීමට ද ෆස්ට් කැපිටල් ආයතනය ඉතා ඕනෑකමින් එක්ව සිටියි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රග්බි ක්‍රීඩා සමාජ අතරින්  සුවිශේෂී ක්‍රීඩා සමාජයක් වන CR&FC  සමග හවුල්කාරිත්වය දැරීම තුළින්  ෆස්ට් කැපිටල් ආයතනය අදහස් කරන්නේ, රටේ ක්‍රීඩාලෝලී බහුතරයක් ඉහළ ම ලැදියාවක් හා ආශාවක් දක්වන ක්‍රීඩාව වැඩිදියුණු  කිරීමටයි. ෆස්ට් කැපිටල් ආයතනය සිය ශක්තීන් සම්බන්ධයෙන්  ඉදිරියෙන්  තබා සිටින්නේ ‘Performance First’ නම් වූ තේමාවයි. සැමට අනේක ප්‍රතිලාභ සැලසෙන දැවැන්ත සාර්ථකත්වයක් මෙම හවුල්කාරිත්වය හරහා ළඟා කරගැනීමේ හැකියාව අත්පත් කරගැනීමට එකී තේමාව ඉවහල් වනු ඇත.

ෆස්ට් කැපිටල් ආයතනයේ අලෙවිකරන ප්‍රධානී, රන්දිනිත් මදනායක  මහතා මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම ගැන සිය අදහස් පළ කරමින් කියා සිටියේ, “ෆස්ට් කැපිටල් හි අපට මගපෙන්වන  මූලධර්මය වන්නේ ‘Performance First’ යන අගනා තේමා පාඨයයි. ක්‍රීඩා පිටියේ විශිෂ්ටත්වයේ සැබෑ ප්‍රතිමූර්තිය බඳු CR&FC  සමග හවුල්කාරිත්වයක් දැරීම තුළින්  අපට එකී සාරධර්ම පුළුල් ප්‍රජාව වෙත ගෙන යාමේ අවස්ථාව සැලසී තිබෙනවා. එසේම, මෙවන් විශේෂිත දුෂ්කර සමයක දී  ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සම්බන්ධයෙන්  අපගේ කැපවීම පෙන්නුම්  කිරීමේ හැකියාව ද ඒ හරහා අපට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාවට දීප්තිමත්  අනාගතයක්  ඇති බව අප විශ්වාස කරනවා. එම නිසාම, එම ක්‍රීඩාව විශිෂ්ට මට්ටමක් කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනයට ද අප ඇප-කැප වෙනවා. එපමණක් නොව, ක්‍රීඩකයන්ගේ මූල්‍යකරණ දැනුවත්භාවය වෙත සහය සැලසීමට ද ෆස්ට් කැපිටල්

ආයතනය දායකත්වය සපයනවා. මෙම අනුග්‍රාහකත්වය  මගින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් පරිපූර්ණ සංවර්ධනයක් කෙරෙහි පමණක් නොව, මූල්‍ය  විසඳුම් තුළින්  සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වැඩිදියුණුවට  පත් කිරීම කෙරෙහි ද මනා අවධානයක් යොමු කිරීමට අප අදහස් කරනවා. එවන් ප්‍රගතියක් උදෙසා මූල්‍යකරණ බලගැන්වීම අතිශයින්  වැදගත් බව අප දැඩිව විශ්වාස කරන අතර, එම සහය නොමඳව ලබාදීමට අපි හොඳ සූදානමකින්  සිටින බව ද අවධාරණය කරනවා.” යනුවෙනි.

ස්ථාවරත්වය තහවුරු කිරීමට, තරගකාරිත්වයේ වාසියට අවස්ථාව ලබාදීමට, සහ සුවිශේෂී පාරිභෝගික අත්දැකීමක් ලබාදීමට දැඩි ඕනෑකමකින්  හා අවධානයකින්  යුතුව කටයුතු කරන ු ලබන ෆස්ට් කැපිටල් ආයතනය ‘Performance First’  නමැති සිය තේමා පාඨයේ ජීවගුණය සුපුරුදු පරිදී  ඒ  අයුරින්ම පවත්වාගෙන යනු ඇත. සවිමත් මූලධර්ම, කැපවීමෙන් කටයුතු කරන කණ්ඩායම්, සහ ජනශක්ති සමූහයේ සහය සහිත ෆස්ට් කැපිටල් ආයතනය ජවය හා සවිමත් බවින් පිරිපුන් දැවැන්තයෙකි. එවන් පදනමක් සහිත ආයතනයක් හැටියට, අභියෝගාත්මක වෙළඳපොළ චක්‍රයන්ට නොබියව හා සාර්ථකව මුහුණ දීමේ හැකියාව ඊට ලැබී ඇත. දිනෙන් දින අලුත් වන ඩිජිටල් වේදිකාවක්  සිය කාර්යයන් වෙනුවෙන්  යොදා ගනිමින්, තම ඩිජිටල් ධාරිතාවන් සවිමත් කරගනිමින්, සහ සිය මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ  කරමින්, රටේ සියලු ජනතාව වෙත ළඟා වීමේ පුළුල් වෑයමක යෙදී සිටින ආයතනයක් වශයෙන්, එකී වෑයම් මගින්  පාරිභෝගික අත්දැකීම් මනා අන්දමින් හැඩ ගැන්වීමට, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඇති කිරීමට, සහ සමස්ථ වර්ධනය සහ තිරසර බව ඇති කිරීමට ද ඉලක්ක කෙරෙයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව