ඩෙල් Save the Waves උස්වැටකෙයියාව වෙරළ පිරිසිදු කරයි

4

ඩෙල් ටෙක්නොලොජිස්‌ විසින් සංවිධානය  කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයින් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ  Road to Rights පදනම  සිය  දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා  දැනුම ලබා  දෙමින් ශ්‍රි ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද ඊට සහය විණි.

වෙරළ තීරය ආශ්‍රිතව කිලෝ ග්රෑම් 196 කට වැඩි ප්ලාස්ටික්  අපද්‍රව්‍ය එකතු කරගැනිමෙන් පසුව ඒවා ලොරි රථවල පටවා ප්‍රතික්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවනු  ලැබිණි.

ඔක්තෝබර් මාසයේ සෙනසුරාදා දින හතරකදී  දියත් කෙරුණු  මෙම ව්‍යාපෘතිය මගින් ගාල්ල, ත්‍රිකුණාමලය සහ කළුතර යන වෙරළ තීරයන්ද,  අවසන් වශයෙන් උස්වැටකෙයියාව වෙරළද තීරයද පිරිසිදු කෙරිණි. මෙම වෙරළ පිරිසිදු කිරීමේ සමස්ත සත්කාර්යය තුළින් ටොන් 1 කට අධික ප්ලාස්ටික්  අපද්‍රව්‍ය ප්‍රමාණයක්  එක් රැස් කර ගත හැකි විණි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව