කොළඹ මහ නගර සභාව, ජෝන් කීල්ස් පදනම සහ ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමඟින් එක්ව 2019 දෙසැම්බර් 9 වන දින කොළඹ 02 හි නව ද මෙල් පාර්ක් ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කරන ලදී.
කොළඹ මහ නගර සභාව සහ කොළඹ නගරාධිපති ගරු රෝසි සේනානායක මහත්මිය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහයේ සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනම අරමුදල් සපයන ලද අතර ජෝන් කීල්ස් ප්‍රොපටීස් ආයතනයේ සමාජ වගකීමක් ලෙස මෙය ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් පදනමෙහි ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන වන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන සමඟින් පෙලගැසී ඇත. ඒ හරහා ජෝන් කීල්ස් සමූහයේ ව්‍යාපාරික ස්ථානවල ප්‍රජාවන් සමඟ දිගුකාලීන සහ තිරසාර සමාජ බලගැන්වීමේ ව්‍යාපෘති කෙරෙණු ලැබේ.
ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ සිට මෙම ප්‍රජා මධ්‍යස්ථානය සම්බන්ධ සම්පාදන කටයුතු, කළමනාකරණ කටයුතු සහ භාණ්ඩ සැපයීම සිදු කරණු ලැබුණේ කොළඹ මහ නගර සභාව පූර්ණ සහයෝගය මත ය.
බහුවිධ පහසුකමක් සපයන මධ්‍යස්ථානයක් වන මෙම ප්‍රජා ශාලාව, ප්‍රජාව වෙත පවරා දීම කොළඹ නගරාධිපති ගරු රෝසි සේනානායක මහත්මිය සහ ජෝන් කීල්ස් කළමනාකරණ නියෝජිතයින් විසින් සිදු කරන ලදී. මෙම ප්‍රජා ශාලාව වෑකන්ද පෙර පාසලට ළමා හිතකාමී පරිශ්‍රයක් සලසා දෙන අතර එය දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස ද ළමුන් 20 කට පිරිසක් සඳහා ඉඩකඩ සපයා දෙයි. මීට අමතරව, 50 කට අධික පිරිසකට අසුන්ගත හැකි ශ්‍රවණාගාරයක්/පුහුණු මැදිරියක් සහ කියවීමේ ඉඩකඩක් සියලු වයස් කාණ්ඩවල පුද්ගලයින්ට භාවිතා කිරීම සඳහා සැලසුම් කර ඇත.
සමාරම්භක උත්සවය සඳහා කොළඹ නගරාධිපතිනිය සහ කොළඹ නියෝජ්‍ය නගරාධිපති මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ මානව සම්පත්, නීතිමය සහ ලේඛක කටයුතු සමුහාධිපති – ඩිලානි අලගරත්නම් මහත්මිය, ජෝන් කීල්ස් සමූහයේ දේපළ අංශයේ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා, ජෝන් කීල්ස් සමූහයේ නීති හා ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී නඩීජා තම්බයියා මහත්මිය සහ ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් අංශ ප්‍රධානී කාමලින් ජයසූරිය මෙනවිය විසින් සමරු පලකය නිරාවරණය කර චාරිත්‍රානුකූල පීත්ත පටිය කපන ලැබුණි.
සමාරම්භක උත්සවය අමතමින් කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පැවසුවේ “බහුවිධ පහසුකමක අරමුණ පෙර පාසලකට හා ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට පමණක් සීමා නොවී ප්‍රජාව සංවර්ධන කිරිමට හා කුසලතා වැඩි දියුණු කිරිමට අවශ්‍ය වැඩසටහන් පැවැත්විය හැකි අවකාශයක් විය යුතුය ය. මෙම ප්‍රජා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා කොළඹ මහ නගර සභාවට සහයෝගය දක්වන ලෙස මම බොහෝ සංවිධාන වලට ආරාධනා කලද මෙම බහුවිධ පහසුකම් සහිත මධ්‍යස්ථානය ඉදිකිරීමේ පූර්ණ වගකීම භාරගත් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට මම ස්තූතිවන්ත වෙමි. ඔවුන්ගේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් මෙම මධයස්ථානයක් ඉදිරියට සිදු කරන ලෙස මම ආරාධනා කරමි.” යන ලෙස ය.
ජෝන් කීල්ස් සමූහය වෙනුවෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලීන් ජයසුරිය මහත්මිය මෙසේ පැවසුවාය “අපගේ ප්‍රධාන කාර්යාලය සහ තවත් බොහෝ ජෝන් කීල්ස් ආයතන කොළඹ 02 හි පිහිටා තිබීමත් සමඟ අපි දිගු කාලීන ප්‍රජා සංවර්ධන හා සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් මෙම ප්‍රදේශයේ සිදු කරමින් සිටිමු. ඉංග්‍රීසි හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිෂ්‍යත්ව පන්ති, වෘත්තීය මාර්ගෝපදේශනය සහ වෘත්තීය පුහුණුව, ජීවනෝපාය සංවර්ධන සදහා වැඩසටහන්, ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි වැඩසටහ්යන් “බලගන්වමු දේශය හෙට දිනට” නම් වූ දැක්ම යටතේ ජෝන් කීල්ස් පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබේ. එවිට, අප විසින් මුහුණපාන්නට සිදුවුණ එක් අභියෝගයක් වුයේ මෙම වැඩසටහන් පැවැත්වීමට ප්‍රජා සාමාජිකයින්ට එක්රැස් වීමට පොදු සහ පහසු ස්ථානයක නොමැති වීමයි. මෙම හේතුව නිසා මෙම බහු-විධ ප්‍රජා මධ්‍යස්ථානය ඉදි කරන ලද අතර අනාගතයේ දී ප්‍රජා පාදක ක්‍රියාකාරකම් සඳහා මෙය සුදුසු වේදිකාවක් වනු ඇත. ආයතනික වශයෙන්, තරුණ දෙමව්පියන්ට සහ වැඩ කරන මව්වරුන්ට තම දරුවන්ගේ රැකවරණය සහතික කිරීමට හැකි වන පරිදි ළමා සුරැකුම් පහසුකමක් ලබා දීමට කොළඹ මහ නගර සභාව දරන උත්සාහය ගැන අපි විශේෂයෙන් සතුටු වෙමු.”
ජෝන් කීල්ස් පදනම වෙනුවෙන්, කොළඹ නගරාධිපතිනිය සහ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට, ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි ව්‍යාපෘති කණ්ඩායමට, ප්‍රජා නායකයින්ට සහ ප්‍රජාව සඳහා මෙම බහුවිධ පහසුකම සැලසුම් කිරීමට හා ඉදිකිරීමට සහාය දුන් අයට ස්තූතිවන්ත වෙමි. ”
සමාරම්භක උත්සවයට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ මහ නගර සභාවේ සාමාජිකයින් සහ නිලධාරීන්, කොම්පඤ්ඤවීදිය, හුනුපිටිය සහ වෑකන්ද ප්‍රදේශවල ග්‍රාම නිලධාරි නිලධාරීන්, ජෝන් කීල්ස් පදනමෙහි හවුල්කාර සංවිධානවල නියෝජිතයින් සහ කොළඹ 02 ප්‍රජාව සහභාගී වූ අතර එය වෑකන්ද පෙර පාසල් සිසුන්ගේ විචිත්‍රවත් අංග වලින් වර්ණවත් විනි. ප්‍රසංගය උත්සවය වර්ණවත් කරන ලදි.
කොළඹ 02 හි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන් මෙන්ම ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් වැනි සමාජ බලගැන්වීමේ වැඩසටහන් ජෝන් කීල්ස් පදනම විසින් අවුරුදු 15කට අධික කාලයක් කොළඹ 02 ප්‍රදේශයේ පවත්වන ලදී. එයට අමතරව කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය නඩත්තු කිරීමද වසර ගණනාවක සිට කරනු ලබන්නේද ජෝන් කීල්ස් පදනම විසින්ය. මහා නගර සභාව සමග එක්ව මෙවැනි වැඩසටහන් අනාගතයේදීද කිරීමට ජෝන් කීල්ස් පදනම බලාපොරොත්තු කර ඇත.