වෛද්‍ය කයාත‍්‍රි පෙරියසාමි
කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ල සීඝ‍්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිරෙමින් පවතී. මෙම වෛරසය හේතුවෙන් ඇති විය හැකි සංකූලතා නිසා දැඩි ලෙස රෝගාතුර වන හෝ මිය යෑමේ අවදානමට ලක් විය හැකි පුද්ගලයින් කණ්ඩායමක් ලෙස දියවැඩියා රෝගීන් හඳුනා ගෙන ඇත. ඒ අනුව මෙම තත්වය සෞඛ්‍ය සේවා සපයන්නන් හා රෝගීන් අතර වර්ධනය වෙමින් පවතින තවත් අවධානය යොමු විය යුතු කාරණාවක් වේ. දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගී තත්වයකින් පෙළෙන පුද්ගලයින්ට මෙය වැඩිපුර බලපාන බව පෙනී යන්නේ, පනවා ඇති ඇඳිරි නීති තත්වය හමුවේ ඔවුන්ට අත්‍යාවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම හා ඔවුන්ට මෙම වෛරසය ආසාදනය වේ යැයි දැඩි බියකින් පසුවීමයි.
වර්තමානය වන විට ලොව පුරා වැඩිහිටි දියවැඩියා රෝගීන් මිලියන 463ක ජනගහනයක් සිටින අතර දියවැඩියා රෝගීන් හා සෞඛ්‍ය උපදේශකයින් මෙම සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා එක්ව කටයුතු කිරීම වැදගත් බව පෙනී යයි. එමෙන්ම වසංගතය අතරතුර දියවැඩියා රෝගීන් රැකබලා ගැනීම මෙන්ම දියවැඩියාව මනාව පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් සැකසීම ද තීරණාත්මක සාධකයක් වී ඇත. ශ්‍රී ලංකාවේ පමණක් ආසන්න වශයෙන් වැඩිහිටියන් දසදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙයි. ඒ අනුව මෙම රෝගය වැළඳීම අවම කිරීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම ද වැදගත්ය. විශේෂයෙන්ම ලොක්ඩවුන් කාල පරිච්ෙඡ්දයේදී ව්‍යායාම වලින් තොර, සෞඛ්‍ය සම්පන්න නොවන හා ආතතියෙන් යුතු ජීවන රටාවන් පවත්වා ගෙන යෑම දියවැඩියා රෝගය උග‍්‍ර කිරීම සඳහා මනා පසුබිමක් සකසයි.
පාලනයකින් තොරව දියවැඩියා රෝගීන් අතර කොවිඞ්-19 පැතිර යන්නේ ඇයි?
එක්සත් රාජධානියේ දියවැඩියාව හා අන්තරාසර්ග විද්‍යාව සම්බන්ධ වෛද්‍ය වාර්තා පිළිබඳව ‘ලාන්සර්ට්’ (Lancet) විසින් මෑතකදී සිදු කළ අධ්‍යයනයකින් සොයා ගෙන ඇත්තේ කොවිඞ්-19 ආසාදිත මරණවලින් 30%ක් පමණ දියවැඩියා රෝගීන් වන බවයි. ජනසංඛ්‍යා දත්ත හා නිදන්ගත රෝගී තත්වයන් සැලකිල්ලට ගැනීමේදී, දියවැඩියාව නොමැති පුද්ගලයින් කොවිඞ් වෛරසයට ගොදුරු වීමේ අවදානම මෙන් තුන් ගුණයක අවදානමක් පළමු වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට පවතින අතර දෙගුණයක අවදානමක් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ට පවතී.
මෙම අවාසනාවන්ත තත්වයට තුඩු දෙන ප‍්‍රධාන හේතු දෙකකි. ඉන් එකක් නම් ජීවිත කාලය පුරාවට ග්ලූකෝස් මට්ටම පාලනය පිළිබඳ ඇති දුර්වලතා වේ. එය අපගේ පද්ධතීන්ට හානිදායක වන අතර ආඝාත, හෘදයාබාධ, වකුගඩු අක‍්‍රීය වීම, අක්ෂි ආබාධ මෙන්ම අත් පා ඇඟිලි ආදිය කපා ඉවත් කිරීමට ද හේතු විය හැකිය. දෙවැන්න නම් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක පැවතීමයි. මේ නිසා වෛරස් ආසාදනයකදී අධික ලෙස බැක්ටීරියා සංකූලතාවන්ට ගොදුරු විය හැක. බොහෝ දියවැඩියා රෝගීන්ට තරබාරු බව, අධික රුධිර පීඩනය සහ හෘද රෝග වැනි බහුවිධ රෝගී තත්වයන් පවතින අතර මේ සියලූ සාධක වෛරස් ආසාදනවලදී උග‍්‍ර සංකූලතාවන් ඇති කරයි. කොවිඞ්-19 වෛරසය සමඟ පමණක් නොව දියවැඩියාව නිසා ඇති වන ඕනෑම ආසාදනයකදී මෙවැනි ගැටළු දැකිය හැකිය. ඒ අනුව දියවැඩියා රෝගයේ ඇති බරපතලකම වසංගතය මගින් හොඳින් ඉස්මතු කර ඇත.
දියවැඩියා රෝගීන්ට මේ සඳහා ගත හැකි ආරක්ෂිත පියවර මොනවාද?
එබැවින් මෙම වසංගතය අතරතුර අනුගමනය කරන ‘කොවිඞ්-19 දැඩි පුද්ගල ආරක්ෂණ නීතිරීති’වලට අමතරව, දියවැඩියා රෝගීන් රුධිරගත ග්ලූකෝස් ප‍්‍රමාණය උච්චාවචනය වීමෙන් ඇති වන සංකූලතා මගහරවා ගැනීමට නිරන්තරයෙන් ඔවුන්ගේ සීනි මට්ටම මැන බැලීම වැදගත්ය. එමෙන්ම හොඳින් ජලය පානය කිරීම සහ දියවැඩියාව සඳහා නියමිත ඖෂධ හා සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම ද රුධිරගත සීනි ප‍්‍රමාණය පාලනය කිරීමට උපකාරී වේ. එමෙන්ම සුවපහසු දෛනික ජිවන රටාවකට හුරු වීම, දිනපතා ව්‍යායාම කිරීම, වෙහෙසකාරී වැඩකටයුතුවලින් ඈත් වීම සහ සුවබර නින්දක් ලැබීම ආදිය මගින් ද දියවැඩියාව පාලනය කර ගත හැකිය.
දියවැඩියා රෝගීන්ව හොඳින් රැකබලා ගැනීම
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඞ්-19 වසංගතය අතරතුර බෝ නොවන රෝග සඳහා සේවා සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව බොහෝ රටවල සෞඛ්‍ය අමාත්‍යංශයන් අතර සිදු කළ ඉක්මන් සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ කොවිඞ් වසංගත කාලය තුළ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් බොහොමයක් ඒ සඳහා නිසි ප‍්‍රතිකාර හෝ ඖෂධ ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
සෞඛ්‍ය සේවා සපයන්නන් ලෙස අප ද උභතෝකෝටික ප‍්‍රශ්නයකට මැදිවී සිටී. රෝගීන් අනවශ්‍ය ලෙස රෝහල් වෙත පැමිණෙනවාට අප ද අකමැතිය. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය ඖෂධ සැපයීම, වෛද්‍ය සේවා හා ඉන්සියුලින්/ග්ලූකෝමීටර පරීක්ෂණ තීරු වැනි අනෙකුත් දියවැඩියා පරීක්ෂණ උපකරණ ආදිය පිළිබඳව ද අපගේ නිරන්තර අවධානය යොමු වී ඇත. අවාසනාවකට මෙන් සංකූලතා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් ඒ සඳහා ප‍්‍රතිකාර ගැනීමට ප‍්‍රමාද වීම හේතුවෙන් බොහෝ විට හෘදයාබාධ හා ආසාදන තත්වයන්ට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇත. මේ හේතුවෙන් රෝගීයා තවත් දුර්වල වේ.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමානයේදී ටෙලිමෙඩිසින් සේවාවන් ගණනාවක් හඳුන්වා දී ඇති අතර දියවැඩියා රෝගීන්ට ඖෂධ නිවෙසටම බෙදා හැරීමේ සේවා ද ආරම්භ කර ඇත.
මෙය විසඳිය හැක්කේ කෙසේද?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ (MOH) වසංගත රෝග විද්‍යා අංශය විසින් නියම කර ඇති කොවිඞ්-19 ආරක්ෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන් හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අප දැඩිව අනුගමනය කරන්නෙමු. අපගේ හෙදියන් විසින් දුරකතනය ඔස්සේ කලින් වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු හෙල්දි ලයිෆ් වෙත පැමිණෙන සියලූ රෝගීන්ගේ අසනීප තත්වය අවබෝධ කරගත් විගස ඔවුන්ව පරීක්ෂාවට ලක් කර සෑම රෝගියෙකුටම ප‍්‍රතිකාර කරනු ඇත.
නිරෝධායන ඇඳිරි නීතිය වැනි තත්වයන්ගෙන් ඇති වන පීඩාවලින් රෝගීන්ට උපකාර කිරීමේ අරමුණින් අපගේ පළපුරුදු, සුදුසුකම්ලත් වෘත්තීයමය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම මෙම වසංගතය පුරාවටම රෝගීන්ට අඛණ්ඩව ප‍්‍රතිකාර කිරීම සඳහා oDoc හා Mydoctor.lk වැනි විශ්වාසදායී, පිළිගත් ටෙලිමෙඩිසින් සේවා සමඟ එක්ව අන්තර්ජාලය ඔස්සේ වෛද්‍ය උපදේශන සේවා පවත්වනු ලබයි. මීට අමතරව වඩාත් ඵලදායී ක‍්‍රමවේදයක් ලෙස මෙවැනි කාල පරිච්ෙඡ්දයක රෝගීන් පුද්ගලිකව හමුවී පරීක්ෂා කිරීම් අවම කිරීම සඳහා හෙල්දි ලයිෆ් ක්ලිනික් හි දිගු කාලීන දියවැඩියා උපදේශන සායන බොහොමයක් හා ශරීර බර කළමනාකරණ වැඩසටහන් මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ පැවැත්වීමට කටයතු කර ඇත.
(වෛද්‍ය කයාත‍්‍රී පෙරියසාමි MBBS (UK), MRCP (UK) ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර වෛද්‍ය ප‍්‍රතිකාර මණ්ඩල සහතිකලාභිනියක වන අතර, විශේෂඥ කායික වෛද්‍යවරියකි. එමෙන්ම කොළඹ 07, හෙල්දි ලයිෆ් සායනයෙහි නිර්මාතෘවරිය වන්නේ ද ඇයයි)