කොරෝනා මැද්දේ ලංකාවේ තිරසාර කෘෂිකාර්මික ආහාර නිෂ්පාදනය සඳහා යුරෝපා සංගමයෙන් තල්ලුවක්.

Photo 1(2) (1)

 




 

ශ්‍රී ලංකාව මේවනවිට තම ජනතාවට තිරසාර ආහාර සුරක්‍ෂිතභාවය සහතික කිරීමේ අභියෝග රැසකට මුහුණ දී සිටින බවත්, COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පවතින වාතාවරණය තුළ රටේ ජනතාවට ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රමාණවත් සැපයීමක් සඳහා ශක්තිමත් හා කෘෂිකාර්මික ආහාර පද්ධතියක වැදගත්කම හා පවතින වසංගත තත්ත්වය ඊට උදාහරණ සපයන බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපයේ ආහාර සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම සඳහා සහ එහි හවුල්කාර රටවල් සමග යුරෝපා සංගමය (EU) සිය ‘ෆාම් ටු ෆෝක්’ (Farm to Fork) උපායමාර්ගය සකස් කර ඇති අතර යුරෝපා සංගමයේ ‘ෆාම් ටු ෆෝක්’ උපාය මාර්ගය තුළින් රට පුරා ආහාර සුරක්‍ෂිතභාවය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් සාර්ථක මග පෙන්වීමක් ලබාදේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා කොමිසමේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ‘ඔලාෆ් හයිඩෙල්බේච්’ මහතා පැවසුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීමේදී සහා පාරිසරික හා ආර්ථික තිරසාරභාවය ඒකාබද්ධ කිරීමේදී යුරෝපීය සංගමය සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සමානකම් පවතින බවත්, ඒ නිසා, යුරෝපා සංගමයේ ‘ෆාම් ටු ෆෝක්’ උපායමාර්ගික ගෝලීය බලපෑම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යුරෝපා සංගමය කැමැත්ත පළකර ඇති බවයි.

මෙම උපාය මාර්ගික සැලැස්ම මෙරටේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තිරසාර ගොවිතැන සඳහා ශ්‍රී ලංකාව මුහුණපානු ලබන ගැටළු වලට විසඳුම් ලබාදීමට විශේෂඥ කණ්ඩායමක් මීට අදාලව සිටින අතර චම්පා මාගමගේ (උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය- HORDI), ආචාර්ය J.A. සුමිත් (පළිබෝධ නාශක රෙජිස්ටාර්), කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්නා රත්නසිංහ, සහා රන්මලී ගමගේ (GIZ Sri Lanka) යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය හා වත්මන් ගැටළු පිළිබඳව අවධානය යොමුකරමින් සිටී.

මේ සඳහා යුරෝපා සංගමය විසින් අරමුදල් සපයා දෙනු ලබන අතර ‘කෘෂිකර්මික නවීකරණය සඳහා තාක්ෂණික සහාය’ ටැමැප් ‘ (TAMAP) වැඩසටහන මගින් ඊට ආහාර පද්ධතිවල තිරසාරභාවය පිළිබඳ නව උපායමාර්ගික ප්‍රවේශය ලබාදෙන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සම්බන්ධීකරණය යටතේ ලෝක ආහාර වැඩසටහනට (WFP), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල (IFAD) ළඟදීම ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර ඒ සඳහා ජාතික උපදේශන මාලාවක් ඉදිරපත් කිරීමට නියමිතය.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව