අවධානයෙන් පසුවන්න, මේ ඩෙංගු මාරයාගේ හෝරාවයි

WhatsApp Image 2024-11-11 at 1.01.28 PM

මේ වන විට ශ්‍රී ලංකාවේ නිරත දිග මෝසම් වැසි තත්වයේ සක්‍රීය වීමත් සමඟ ඩෙංගු රෝගී තත්වය ඉතාමත් වේගයෙන් හිස එසවීමට සමත්ව ඇත. පසුගිය වසර කීපයක ඩෙංගු රෝග තත්වයේ ව්‍යාප්තිය පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී, මෙම කාලය තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මෙම රෝග තත්වයට ගොදුරු වීමේ අවදානමක් ඇත.

දරුවන්ට ඩෙංගු රෝගහ වැළී ඇති බවට නිරීක්ෂණය කල හැකි රෝග ලක්ෂණ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී, විශේෂයෙන් පළමු දින තුන හතරක කාලය තුළ අධික උණ තත්වය, හිසරදය, ඇස්වටේ වේදනාව සහ වමනය වැනි රෝග ලක්ෂණ දැකගත හැකිය. මෙහිදී සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණයන් පෙන්නුම් නොකරන බැවින් මෙවැනි රෝග ලක්ෂණයක් ඔබගේ දරුවාගෙන් නිරීක්ෂණය වුවහොත් වෛද්‍යවරුයෙකු වෙත හෝ රෝහලක් වෙත රැගෙන යාම වඩත් යෝග්‍ය වේ.
 



 
මූලික පරීක්ෂණ සහ ප්‍රතිකාර

ඉහත සඳහන් රෝග ලක්ෂණ දුටු විගස අපට පැය 48ක කාලයක් තුළ ඩෙංගු ඇන්ටිජන් හෝ ෆුල් බලඩ් කවුට් පරීක්ෂයක් මගින් ඩෙංගු රෝග තත්වය සම්බන්ධයෙන් පූර්ණ විස්තරයක් ලබා ගැනීමේ හැකියාව ඇත. මෙහිදී රුධිරයේ කිසියම් ආසාමන්‍ය තත්ත්වයක් අතිවුවහෝ ඔබගේ දරුවා අනිවාර්යෙයෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය. එහිදී වෛද්‍යවරයා විසින් දරුවාගේ රෝග තත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණය කර රෝහල්ගත වී හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමවේදයකට යොමු කරනු ඇත. විශේෂයෙන් රෝහල් ගතව ප්‍රතිකාර සඳහා යොමුකරන්නේ ඩෙංගු රක්තපාත හෝ රුධිරයේ ප්ලේට්ලට් සංඛ්‍යාව නියමිත ප්‍රමාණය වඩා අඩු දරුවන් පමණි.

විශේෂයෙන් රෝහල් ගතකරනු ලබන දරුවන්ගේ රෝග තත්වය සම්බන්ධයෙන් විවිධ රුධි පරීක්ෂණ සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් පරීක්ෂණ ආදිය තුළින් දරුවගේ රෝග තත්වය සම්බන්ධයෙන් නිරන්තරව අධික්ෂණය කිරිමක නිරත වේ.

නිවෙස්ගතව ප්‍රතිකාර ලබාදීමේදී

නියමිත මාත්‍රාවට පැනසිටමෝල්ට් ලබාදීම මෙන්ම නියමිත ප්‍රමාණයට දියර වර්ග ලබාදීම වැදගත් කරණකි. එමෙන්ම දරුවා මූත්‍ර පිටකිරීමේ වාර ගනන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් අනිවාර්යයේනම සිදුවිය යුතු දෙයක්. එමෙන්ම කිසිම විටෙක වෛද්‍ය අනුමැතියකින් තොරව අධික උණ තත්වයන්ට ලබාදෙන වෙනත් බෙහෙත් වර්ග ලබා නොදීමට වගබලා ගැනීම මෙන්ම දරුවන්ගේ රෝග තත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටීමටත් වැදගත්.

ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න අප අනුගමනය කළයුතු ක්‍රමවේද

ඩෙංගු රෝග‌ය දරුවා ආරක්ෂා කර ගැනීමට නම් පළමුව ඔබේ නිවස අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම මූලිකම කරුණක් වෙනවා. විශේෂයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම වැදගත් වෙනවා. මී අමතරව දරුවන් එළිමහනේ සෙල්ලම් කිරීමට යාමේදී අතපය වැසෙන ලෙස ඇඳුමක් ඇන්දවීම, මදුරු විකර්ෂක උපකරණ භාවිත කිරීම ආදියෙන් දරුවන් ආරක්ෂක ක්‍රමවේද භාවිත කල හැක.

ඩෙංගු රෝගය සම්බන්ධව නිවෙස්ගත ප්‍රතිකාර ඇතුළු නොමිලේ උපදේශන සේවාවන්  1353 ඔස්සේ Hemas Hospitals Home Care සේවාව ඇමතීමෙන් ලබාගත හැකිය.

(මෙම ලිපිය තලවතුගොඩ හේමාස් රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිලූෂා චාමිනී අතුකොරල සම්ඟ පැවැත්වූ සාකච්ඡාවකින් සම්පාදනය වූවකි.)
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව