ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ පුරෝගාමියෙකු වන හේලීස් වැවිලි සමාගම විසින් දෙවන වරටත් පවත්වන ලද වාර්ෂික කළමනාකරණ සමුළුවේදී මෙරට වැවිලි ක්ෂේත්‍රයේ තිරසාරභාවය සහ නවෝත්පාදනය සඳහා වූ සිය කැපවීම මැනවින් ප්‍රදර්ශනය කළේය.
“Intellectual Intervention & Innovation in Plantations towards Sustainability” යන තේමාව යටතේ කිංග්ස්බරි හෝලයේදී පැවැති මෙම සමුළුවට වැවිලි ක්ෂේත්‍රයේ නායකයින්, පාර්ශවකරුවන් සහ විද්වතුන් සහභාගී විය. මෙහිදී තිරසාරභාවය සහ ප්‍රජාවන් සවිබලගැන්වීම කෙරෙහි අවධානය යොමු කරමින් කැළණි වැලි වැවිලි සමාගම (KVPL) තලවකැලේ වතු සමාගම (TTE) සහ හොරණ වතු සමාගම (HPL) යන වැවිලි සමාගම්වල නව්‍ය ව්‍යාපෘති 11 ක් හඳුන්වා දුන්නේය.
මෙම සමුළුව අමතමින් නවෝත්පාදනය, පාරිසරික තිරසාරභාවය සහ ප්‍රජා බලපෑම කෙරෙහි හේලීස් වැවිලි සමාගමේ අරමුණ අවධාරණය කරමින් හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා පැවසුවේ “හේලීස් සමූහයේ සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ ව්‍යාපාර ආචාරධර්ම සහ තිරසාර නවෝත්පාදන මූලධර්ම මතයි. දැනුම බෙදාහදා ගැනීම හා හොඳම භාවිතයන් සඳහා මෙවැනි නව ව්‍යාපෘති හරහා හේලීස් වැවිලි සමාගම නැවතත් Hayleys Lifecode හි සඳහන් පරිදි මෙම වටිනාකම් කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කර තිබෙනවා.” යනුවෙනි.
“ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය තීරණාත්මක අවස්ථාවකට පැමිණෙමින් සිටිනවා. වෙනස්වන ගෝලීය සහ දේශීය ප්‍රවණතාවලට අනුවර්තනය වීම සඳහා අප ජාතියක් ලෙස තිරසාරභාවය සහ නවෝත්පාදනය උපරිම ලෙස භාවිත කිරීම ඉතා වැදගත්. මෙම මූලධර්ම කෙරෙහි හේලීස් වැවිලි සමාගමේ ශක්තිමත් සහ ස්ථාවර කැපවීම එහි අනෙක් සමාගම්වලට ගෝලීය වශයෙන් ඉහළ විශිෂ්ටත්වයක් අත්කර ගැනීමට උපකාරී වී තිබෙනවා.” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා වැවිලි ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය වන නවීන කෘෂි ව්‍යාපාර උපායමාර්ග අනුගමනය කිරීමේ වැදගත්ම පෙන්වා දුන්නේය.
“අපගේ මෙහෙයුම්වල සියලුම අංශ පුළුල් ලෙස කළමනාකරණය කිරීමෙන් සහ අපගේ ජනතාව සවිබලගැන්වීමෙන් අපි ව්‍යාපාර කාර්යසාධනය වැඩි දියුණු කරන අතරම අපගේ කර්මාන්තයට සම්බන්ධ ප්‍රජාවන්ට සහ අනෙකුත් සියලුම කොටස්කරුවන්ට නිරන්තරයෙන් වටිනාකමක් එක් කරමින් සිටිනවා,” ආචාර්ය රාජදුරෙයි මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
දේවාලකන්ද වතුයායේ කර්මාන්තශාලාවේ ශුද්ධ විකුණුම් සාමාන්‍යය (NSA) 10% කින් ඉහළ නැංවීමට සහ නිෂ්පාදන පිරිවැය 20% කින් අඩු කිරීමට දේවාලකන්ද වතුයාය විසින් ඉදිරිපත් කළ නව ව්‍යාපෘතිය මීට කදිම නිදසුනක් විය. මීට අමතරව Western High Grown අංශයේ ඉහළම දළ විකුණුම් සාමාන්‍යය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් ග්‍රේට් වෙස්ටර්න් වතුයාය විසින් ඉදිරිපත් කරන ලද අතර ගෞරවිල වතුයාය විසින් උණ බම්බුවලින් තැනූ බඳුන් භාවිත කරමින් පරිසර හිතකාමී තේ තවාන් කළමනාකරණය ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වා දෙන ලදී.
මීට අමතරව වැසි ආවරණ නොමැති රබර් වගා භූමිවල සිදුවන රබර් බෝගවලට සිදුවන හානි වැළැක්වීම සඳහා එඬෙිරපොල වතුයාය විසින් හඳුන්වා දුන් විසඳුම මෙන්ම සේවක සෞඛ්‍යය හා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා රදැල්ල වතුයාය ඉදිරිපත් කළ පෝෂණ වැඩසටහන ද මෙම සමුළුවේදී හඳුන්වා දුන් අනෙකුත් විශිෂ්ට ව්‍යාපෘති අතරට ඇතුළත් විය. තවද ෆ්‍රොසෙස්ටර් වතුයාය විසින් ඉදිරිපත් කළ නව ව්‍යාපෘතිය වූයේ කුඩා, වියළන ලද පොල්වලින් සුදු පොල්තෙල් නිපදවීමයි. හේලීස් කළමනාකරණ සමුළුවේදී ඉදිරිපත් කළ මෙම සියලු නව ව්‍යාපෘති තුළින් සමූහයේ වතු පුරා ක්‍රියාත්මක වන පුළුල් පරාසයක නවෝත්පාදන පිළිවෙත් අවධාරණය කෙරිණි.
වසර 150ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති වැවිලි කර්මාන්තය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු අභියෝග රැසකට මුහුණ දී ඇති අතර එයට සාර්ථකව මුහුණ දීම සඳහා නව්‍ය සහ එඩිතර ප්‍රවේශයන් අවශ්‍ය වේ. මේ සඳහා බිම් මට්ටමේ විසඳුම් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම මගින් මෙම ගැටළු විසඳීමට හේලීස් වැවිලි සමාගම ප්‍රමිතීන් සකස් කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/පීඨ සාමාජික සහ මෙවර සමුළුවේ තාක්ෂණික ඇගයීම් කමිටුවේ මෙන්ම විනිසුරු මඩුල්ලේ සභාපති ආචාර්ය සමන්ත රත්නායක මහතා වැවිලි ක්ෂේත්‍රයේ සේවය කරන සාමාජිකයින්ගේ වටිනා අදහස්වල වැදගත්කම මෙහිදී පෙන්වා දුන්නේය. “මෙම සම්මන්ත්‍රණයේ සැබෑම ශක්තිය වන්නේ වතු ක්ෂේත්‍රයේ සේවය කරන කණ්ඩායම්වලට ඔවුන්ගේ සැබෑ ජීවිත අත්දැකීම් බෙදාහදා ගැනීමට ඉඩ සැලසීමයි. එම බෙදාහදාගත් අත්දැකීම් ප්‍රායෝගික, නව්‍ය විසඳුම්වලට හේතු වන්නේ ඒවා ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලදී මුහුණ දෙන අභියෝග සමඟ බැඳී ඇති නිසයි.”
“වැවිලි කර්මාන්තයේ එදිනෙදා සිදුවන මෙහෙයුම් තුළ කැපී පෙනෙන සහ ප්‍රායෝගික වෙනස්කම් ඍජුවම දැකිය හැකියි. මෙම වෙනස්කම් කර්මාන්තයේ ලාභය ඉහළ නැංවීමට සහ සේවක යහපැවැත්මට හේතු වනවා. කණ්ඩායම්වලට ඔවුන් මුහුණ දෙන සැබෑ අභියෝගවලට මුහුණ දීමට බලය ලබා දීමෙන් සහ ඔවුන්ගේ විසඳුම් අන් අය සමඟ බෙදාහදා ගැනීමට ඔවුන් දිරිමත් කිරීමෙන් වැවිලි කර්මාන්තයේ අර්ථවත් ප්‍රගතියක් අත්කර ගත හැකියි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.
නවෝත්පාදනය සහ තිරසාර උත්සාහයන් ඇගයීම සඳහා සම්මාන පිරිනැමීම ද මෙම සමුළුවට සමගාමීව සිදු විය. වතු කළමනාකරණයේ තිරසාර භාවිතයන් අනුගමනය කිරීමේදී වතුවල ජයග්‍රහණ අගයමින් මෙහිදී විනිසුරු මඩුල්ල ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදා ගත්හ.
හේලීස් වැවිලි සමාගම වැවිලි කර්මාන්තයේ නව අදහස් සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින අතර අනාගතයේදී වඩාත් අර්ථවත් හා ඵලදායී ව්‍යාපෘති දිරිගැන්වීම සඳහා මෙම සමුළුව තුළින් වැඩි ඉඩක් ලබා දීමට අරමුණු කරයි.