සෙලින්කෝ ලයිෆ් වෙතින් 2023 වර්ෂයේ දී දිවයින පුරා 2300 දෙනෙකුට නොමිලේ වෛද්‍ය සේවා

Waidya Hamuwa 2023 (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ දිගු කාලීන ප්‍රජා ව්‍යාපෘතියක් තුළින් 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 2300 කට ආසන්න පිරිසක් නොමිලේ වෛද්‍ය සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ.

 



 

ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් ගෙවී ගිය වසර තුළ දී ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 10ක් පැවැත්වීය. වෛද්‍යවරුන්, වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් සමඟ සෞඛ්‍ය පරීක්ෂණ උපකරණ ආදිය දුෂ්කර ප්‍රදේශ වලට සහ ගම්වලට රැගෙන යමින් ජනතාවට ඔවුනගේ සෞඛ්‍ය ගැටළු වෛද්‍ය වෘත්තිකයින් සමඟ සාකච්ඡා කිරීමට හා පරීක්ෂා කරවා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.

මෙම වැඩසටහන මගින් සේවා සැපයූ නගර අතරට පුතුකුඩිරුප්පු, පහළකුඩපිටිය, අව්කන, බිබිලේ, බඩල්කුඹුර, දිවුලන්කඩවල, පඬුවස්නුවර, මහපතන, සහ රුවන්වැල්ල අයත් වේ. මෙමගින් මගින් මුලතිව්, වව්නියා, අනුරාධපුර, මොණරාගල, පොළොන්නරුව, කුරුණෑගල, නුවර හා රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය විය.

මෙමගින් ප්‍රතිලාභ ලැබූ බොහෝ පිරිස් ප්‍රදේශයේ ගොවි පවුල්වල අය, එනම් වී ගොවීන්, තේ වතුවල කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයයි. එම බොහෝ පිරිස්හට සෞඛ්‍ය පරීක්ෂණ හා වෛද්‍ය සේවා සඳහා තිබූයේ සීමිත ඉඩ පහසුකම්ය.

සෑම ‘වෛද්‍ය හමුව’ කඳවුරකදී ම සහභාගී වන්නන්ට අහඹු ලෙස හා නිරාහාරව සිට ලබා ගන්නා රුධිර පරීක්ෂණ, ඊ.සී.ජී. පරීක්ෂණ, රුධිරගත කොලෙස්ටරෝල් පරීක්ෂණ, නිධන්ගත වකුගඩු ආබාධ හඳුනා ගැනීමේ මුත්‍රා පරීක්ෂණ සහ රුධිර පීඩනය පරීක්ෂා කරවා ගැනීමට ද අවස්ථාව ලබා දෙන ලදී. මීට අමතරව ඔවුන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය හා ඇස්වල පෙනීම ද පරීක්ෂා කෙරිණි.

සමාගම සඳහන් කලේ බෝ නොවන රෝග (NCDs) හඳුනාගැනීම සඳහා පරීක්ෂාවන් සිදුකිරීම, එවන් රෝග පාලනය සඳහා සුදුසු ඖෂධ නියම කිරීම, සහ බෝ නොවන රෝග වළක්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන උපදෙස් නිසි පරිදි ලබා දීම, අරමුණු කර ගනිමින් මෙම ‘වෛද්‍ය හමුව’ වැඩසටහන් දියත් කළ බවයි.

මේ දක්වා සෙලින්කෝ ලයිෆ් විසින් රට පුරා පැවැත්වූ 400 කට අධික ‘වෛද්‍ය හමුව’ කඳවුරු මගින් 150,000 කට අධික ජනතාවක් ප්‍රතිලාභ ලබා තිබේ. මෙම වෛද්‍ය කඳවුරු සුදුසුකම් ලත් පළපුරුදු රාජ්‍ය සහ පුද්ගලික අංශවල වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක්, වෘත්තීය දෘෂ්ටි පරීක්ෂකයින් සහ වෛද්‍ය රසායනාගාර නියෝජිතයින් විසින් පවත්වනු ලබයි.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස වර්ල්ඩ් ෆයිනෑන්ස්’ විසින් පිදුම් ලැබූ අතර, 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම’ ලෙස 17 වන වසරටත් සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් සමාගම, 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇති අතර, 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත මිලියනයක් ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව