ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය: අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම

World AMR Week 2024

වර්තමානයේ ලොව අභිමුව පවතින දැවැන්තම මහජන සෞඛ්‍ය අවදානමක් වන ප්‍රතිජීවක විරෝධතාව සැළකිල්ලට ගනිමින් නොවැම්බර් 18 සිට 24 දක්වා වූ සතිය ලෝක ප්‍රතිජීවක විරෝධතා දැනුවත්කිරීමේ සතිය ලෙස නම් කිරීමට ජගත් ප්‍රජාව පියවර ගෙන තිබේ. අධ්‍යාපනය, උපදේශනය සහ ක්‍රියාත්මකවීම යන තේමාව යටතේ මෙවර ප්‍රතිජීවක විරෝධතාව වෙනුවෙන් යුහුසුළුව පියවර ගැනීමට ඒ හරහා අභිප්‍රේරණයක් ලබාදෙයි.
 



 
ශ්‍රී ලංකාවේ දායකත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛමතම තිරසර මාංශ ආහාර නිෂ්පාදන සමාගම වන නිව් ඇන්තනීස් සමූහය ද මෙම ගෝලීය අරමුණට සහාය දක්වමින් ප්‍රජා දැනුවත් කිරීමේ සහ විශේෂයෙන්ම ප්‍රතිජීවක අමුද්‍රව්‍ය එදිනෙදා ජීවිතයට භාවිතයට ගැනීම අවම කිරීම ඇතුළු සෞඛ්‍ය හිතකර තෝරාගැනීමේ වෙනුවෙන් ජනතාව සවිබලගැන්වීමේ පියවර රාශියක් ගැනීමට කටයුතු යොදා තිබේ. ප්‍රතිජීවක අන්තර්ගතවලින් තොර නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට හඳුන්වාදී ඇත‍ෙ නිව් ඇන්තනීස් සමූහය, සිය අමුද්‍රව්‍ය සපයාගැනීම සහ ගොවිපොළ භාවිතාවන් පිළිබඳ පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කරන දේශීය සමාගමකි. ප්‍රතිජීවක නිසා සිදුවන බලපෑම හුදෙක් වෛද්‍ය හේතුවලින් ඔබ්බට ගමන් කරන වඩාත් පුළුල් ආර්ථික, පාරිසරික සහ සමාජයීය අභියෝග ගණනාවක් නිර්මාණය කරන අතර, දශක ගණනාවක සෞඛ්‍ය සහ සංවර්ධනය අඩපණ කිරීමට ද ඊට ඇති හැකියාව පවතියි.

ප්‍රතිජීවක විරෝධතාව නිසා ඇතිවන අවදානම

බැක්ටීරියා, වෛරස්, දිලීර සහ වෙනත් පිළිල ආදියට එරෙහිව මීට ඉහතදී භාවිත කළ ප්‍රතිකාර තවදුරටත් කාර්යක්ෂම නොවන තත්ත්වය, ප්‍රතිජීවක විරෝධතාව යනුවෙන් හැඳින්වේ. ඒ අනුව එවැනි හේතුමත ඇතිවන රෝග සුවකළ නොහැකි හෝ සුවකිරීම ඉතාම අසීරු තත්ත්වයකට පත්වේ. සෞඛ්‍ය පුරෝකථන අනුව වර්ෂ 2050 වනවිට ප්‍රතිජීවක විරෝධතාව නිසා වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 10 ඉක්මවනු ඇත. එය වර්තමානයේ පිළිකා රෝග නිසා සිදුවන ගෝලීය මරණ සංඛ්‍යාවට සමාන ය.

ආර්ථික දත්ත අනුව, ප්‍රතිජීවික විරෝධතාව පාලනය කිරීමට නොහැකි වීමේ ආර්ථික  හානිය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 100ක් පමණ වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා තිබේ. දීර්ඝකාලීන රෝගී තත්ත්ව වැඩිවීම නිසා සිදුවන ඵලදායීතා හායනය, අධික සෞඛ්‍ය පිරිවැය සහ ප්‍රතිජීවක විරෝධතාව නිසා සෞඛ්‍ය සේවා පද්ධතියට ඇතිවන පීඩනය ආදිය මෙම ආර්ථික හානියට හේතුවනු ඇත.

මහජන දැනුවත්භාවය වැඩිකිරීම

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගය වැනි වෛරස ආසාදන සුවකිරීමට පවා ප්‍රතිජීවක උපකාරීවනු ඇතැයි බොහෝදෙනා අතර මිත්‍යා මත පවතින පසුබිමක ප්‍රතිජීවක විරෝධතාවයේ බරපතලකම තේරුම්කරදීම අභියෝගයකි. ගෝලීය සමීක්ෂණ අනුව පෙනීයන ආකාරයට ප්‍රතිජීවක ප්‍රතිකාර පිළිබඳ බහුතරයකට ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිජීවක ප්‍රතිවිරෝධතා සතිය සහ “Go Blue for AMR” වැඩසටහන හරහා මහජනතාවට, සෞඛ්‍ය සේවා සම්පාදකයින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට (පෞද්ගලික අංශය සහ උපදේශන සමූහ ද ඇතුළුව) පැහැදිලි සහ වගකීම් සහගත තීරණ ගැනීමට බලපෑම් කෙරේ.

“Go Blue” වැඩසටහනට අනුව ප්‍රතිජීවක විරෝධතාව පිළිබඳ සිදුකෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී සියලු දෙනා නිල්පැහැ ඇඳුම්වලින් සැරසී ප්‍රජා සාකච්ඡාවලට සහභාගී වන අතර, වගකීම් සහගත ප්‍රතිජීවක භාවිතය පිළිබඳ අධ්‍යාපනික ප්‍රචාරක මාධ්‍ය උපයෝගී කරගනු ලැබේ. මෙම දැනුවත්කිරීමේ වැඩසටහන් හරහා මහජනයා අතර දැනුම බෙදාදීමට අමතරව, අනාගතයේදී ප්‍රතිජීවක විරෝධතා ප්‍රතිපත්ති වෙනුවෙන් උපදේශන කාර්යභාරයක් ඉටුකිරීමට ජනතාව බලගැන්වීම ද අරමුණු කරයි.

දැනුම බෙදාදීමේ සහ උපදේශනයේ අවශ්‍යතාව

ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමේදී අධ්‍යාපනය සහ උපදේශනය අත්‍යවශ්‍යම අංග දෙකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන ආකාරයට ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමේදී මහජන, සත්ත්ව සහ පාරිසරික සෞඛ්‍ය යන ත්‍රිවිධ අංශවල ඒකාබද්ධතාව වැදගත් වේ. විශේෂයෙන්ම ප්‍රතිජීවක විරෝධතාවයේ බලපෑම නිසා යම් ක්ෂේත්‍රයක සිදුවන බලපෑමක් අනෙක් ක්ෂේත්‍රවලට ද වැඩි බලපෑමක් සහිතව පැතිර යා හැකි නිසා කෘෂිකර්මාන්ත, මහජන සෞඛ්‍ය සහ පරිසර යන ක්ෂේත්‍රය ඒ වෙනුවෙන් එකට එක්ව ක්‍රියාකළ යුතු බව ද අවධාරණය කෙරේ.

උදාහරණයක් ලෙස සත්ත්ව පාලනයේදී ප්‍රතිජීවක යොදාගැනීම, ප්‍රතිජීවක විරෝධතාවට තුඩුදෙන ප්‍රධාන හේතුවක් ලෙස පිළිගැනේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රටවල් දැනටමත් සත්ත්ව පාලනයේදී ප්‍රතිජීවක භාවිතය අවම කිරීමට පියවර ගෙන තිබේ. එමෙන්ම ප්‍රතිජීවක විරෝධතාවයේ අවදානම පිළිබඳ පාරිභෝගික දැනුවත්භාවය වැඩිවීමත් සමඟ වගකීම් සහගත ලෙස නිෂ්පාදනය කරන ලද ආහාරපාන වෙනුවෙන් ඇති ඉල්ලුම ද වැඩිවී ඇති නිසා ආහාරපාන නිෂ්පාදන කර්මාන්තය ද ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමේදී තීරණාත්මක කාර්යභාරයක් සිදුකරයි. ශ්‍රී ලංකාව තුළ නිව් ඇන්තනීස් සමූහය ද දැනටමත් ඒ වෙනුවෙන් ආදර්ශමත් ව්‍යාපාර ක්‍රියාවලියක නිරත වේ.

 

ක්‍රියත්මකවීම

ඇතැම් සාවද්‍ය මතවලට එහෙිව මහජන දැනුවත් භාවය වර්ධනය කිරීම, ප්‍රතිජීවක විරෝධතා නිරීක්ෂණය කිරීමේ පද්ධති ශක්තිමත් කරමින් දත්ත එක්රැස්කිරීම, ප්‍රතිජීවක විරෝධතාවේ නව උපනතීන් නිරීක්ෂණය කළ හැකි වාර්තාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, නව ප්‍රතිජීවක, එන්නත් සහ රෝග විනිශ්චය උපාංග වෙනුවෙන් ආයෝජනය සහ විවිධ ක්ෂේත්‍ර තුළ ප්‍රතිජීවක වගකීම් සහගත ලෙස භාවිත කිරීමට දිරිමත් කිරීම ආදිය මේ වසරේ ප්‍රතිජීවක විරෝධතා සතිය මගින් අපේක්ෂිත ය.

එහිලා ප්‍රතිජීවක භාවිතය සහ පාරිභෝගික දැනුවත්භාවය වැඩිකිරීම වෙනුවෙන් විනිවිදභාවයකින් ක්‍රියාත්මක වීමේ ප්‍රමුඛ වගකීමක් සෞඛ්‍ය සහ ආහාරපාන කාර්මාන්තවලට පැටවේ. නව පර්යේෂණවලට අරමුදල් සැපයීමේ සිට, මහජන සෞඛ්‍ය වැඩසටහන්වලට අනුග්‍රහ දැක්වීම මෙන්ම වඩාත් සරලව ගතහොත් වගකීම් සහගත ලෙස ප්‍රතිජීවක භාවිතයට අදාළ ප්‍රතිපත්ති අනුගමනය කිරීම දක්වා නිසි පියවර ගැනීම තුළින් ඊට සහාය දැක්වීම එම ක්ෂේත්‍රවලට හැකිවේ. ප්‍රතිජීවක වගකීම් සහගත ලෙස භාවිතයට ගැනීම වෙනුවෙන් උපදේශන ක්‍රියාමාර්ග ගැනීම යනු හුදෙක් නීතිමය අනුකූලතාවන්ට යටත්වීමෙන් ඔබ්බට ගිය දීර්ඝකාලීන තිරසරභාවය, ව්‍යාපාර අවංකත්වය සහ නිරෝගිමත් ජනතාවක් බිහිකරගැනීම වැනි අරමුණු සාක්ෂාත් කරගැනීමට දරන උත්සාහයක් බව එවැනි අනාගතවාදී ආයතනවල දැක්ම ලෙස හැඳින්විය හැක.

අනාගතය

ප්‍රතිජීවක විරෝධතාව මගින් ඇතිකරන බැරෑරුම් අභියෝග හමුවේ ඊට එරෙහිව වහාම ක්‍රියාත්මක විය යුතුව තිබේ. ලෝක ප්‍රතිජීවක විරෝධතා සතිය මගින් මෙම සටනට පුද්ගල මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින් ද දායක වීමේ වැදගත්කම අවධාරණය කෙරේ. ප්‍රතිජීවක විරෝධතාව සබැඳී පර්යේෂණවලට අරමුදල් සැපයීම, ශක්තිමත් ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය, පුළුල් මහජන දැනුවත්කිරීම ආදී පියවර තුළින් ප්‍රතිජීවක විරෝධතා මැඬපැවැත්වීමට හැකිවනු ඇත. අනාගත පරම්පරාව වෙනුවෙන් ප්‍රතිජීවකවල ඵලදායීත්වය රැකගැනීම යනු රාජ්‍ය නිලධාරීන්ගේ සිට සෞඛ්‍ය සේවකයින් සහ පාරිභෝගිකයින් දක්වා වූ අප සියලු දෙනා මත පැටවුණු බරපතල වගකීමකි.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අවස්ථාව සහ වගකීම අප සියලු දෙනා සතු ය. තිරසර භාවිතාවන් සඳහා මහජන දැනුවත් කිරීම හා උපදේශනය ඇතුළු ප්‍රතිජීවක විරෝධතාව මැඬලීමට අප ගනු ලබන සෑම පියවරක්ම අනාගත සෞඛ්‍ය, ආර්ථික ස්ථායීතාව සහ සමස්තයක් ලෙස ජීවන තත්ත්වයේ ගුණාත්මකබව ආරක්ෂා කිරීමට ගනු ලබන ඉදිරි පියවරකි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඬක් නැඟීමට හැකිවීම නිව් ඇන්තනීස් සමූහයට සතුටට කාරණයකි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව