යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’

Pic 2 Union Lifestyle Bonus
රක්ෂණයේ රැකවරණය සමග ජීවිතයේ සතුට අත්විඳින්න
යුනියන් ඇෂුවරන්ස් සමාගම ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ නමින් සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ජීවිත රක්ෂණයක් මගින් ලැබෙන සුරක්ෂිත බව සමගින්ම ජීවිතයේ සතුට උපරිමයෙන් විඳ ගැනීම සඳහා රක්ෂණ හිමියන්ට අවස්ථාව ලබාදීම මෙම වැඩසටහනේ ඉලක්කය වේ.
ශ‍්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහයේ සාමාජික සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් මෙරට වසර 30 ක කාලයක් සම්පූර්ණ කිරීමට සමත් වූ එකම පෞද්ගලික රක්ෂණ සමාගමයි.  දශක තුනක් තිස්සේ ශ‍්‍රී ලාංකිකයන්ට හොඳම රක්ෂණ විසඳුම් පිරිනැමූ එම සමාගම 2020 නව වසරේදී ජීවිත රක්ෂණයක වැදගත්කම පිළිබඳ පණිවිඩය නවමු මුහුණුවරකින් ජනතාව අතරට රැගෙන යාම සඳහා ‘යුනියන් ලයිෆ් ස්ටයිල් බෝනස්’ වැඩසටහන දියත් කර ඇත.
මෙම සීමිත දීමනාව තුළදී මෙරට ප‍්‍රමුඛ පෙළේ සන්නාමයන් සමග අත්වැල් බැඳගෙන, හෝටල්, සංචාරක සේවා, සෞඛ්‍ය සේවා සහ තාක්ෂණික උපාංග ආදිය සඳහා ගනුදෙනුකරුවන්ට 40% ක් දක්වා වට්ටම් පිරිනැමීමට යුනියන් ඇෂුවරන්ස් පියවර ගෙන තිබේ. මෙම වැඩසටහන 2020 ජනවාරි 01 දින සිට 2020 දෙසැම්බර් 31 දක්වා ක‍්‍රියාත්මක වන නිසා රක්ෂණ හිමියන්ට වසර පුරාම මෙම වාසි අත්විඳිය හැකි වනු ඇත. 2020 මාර්තු 31 දිනට පෙර මිලදීගන්නා රක්ෂණ සඳහා මෙම දීමනාව වලංගු වන අතර, මාසික වාරිකය රු. 15,000/- ට වඩා වැඩි රක්ෂණ සඳහා පමණක් මෙම දීමනාව හිමි වේ.
‘යුනියන් ලයිෆ් ස්ටයිල් බෝනස්’ වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) සෙනත් ජයතිලක මහතා මෙසේ පැවසී ය. “රක්ෂණ හිමියන් අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට නිසි ඇගයීම ලබා දිය යුතු බව අප සෑම විටම විශ්වාස කරනවා. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වල අයට ජීවිතයේ සතුට උපරිමයෙන් විඳගැනීම සඳහා අවස්ථාව සලසා දීමට අප නිරතුරුව කටයුතු කරන්නේ ඒ නිසයි. මේ නවතම වැඩසටහන මගින් රක්ෂණ හිමියන්ට සංචාර, නවාතැන්, සෞඛ්‍ය සේවා සහ නවතම තාක්ෂණික උපාංග යනාදිය සඳහා 40% ක් දක්වා වට්ටම් හිමිවෙනවා. මෙය ඔවුන්ට තම පවුලේ අයට නිසි රැකවරණයක් සහ සුරක්ෂිත අනාගතයක් හිමිවන නිසා ලැබෙන සිතේ සැහැල්ලූවද සමගින් වසර පුරාම වාසි රැසකුත් අත්විඳින්නට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. මෙමගින් අපගේ රක්ෂණ හිමියන්ට තම වර්තමාන ජීවිතයේ සතුට කැප කිරීමෙන් තොරව අනාගතය සුරක්ෂිත කරගැනීමට අවස්ථාව ලබාදීමට අපට හැකිවී තිබෙනවා. ඉදිරියේදීත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම රැකවරණයක් සමගින් හොඳම ප‍්‍රතිලාභ හිමිවන රක්ෂණ සැලසුම් හා ප‍්‍රවර්ධන වැඩසටහන් හඳුන්වා දීම යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අපේක්ෂාවයි.”
‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන යටතේ  Cinnamon හොටල් සමූහයට අයත් හික්කඩුව, හබරණ සහ මහනුවර වැනි ජනප‍්‍රිය සංචාරක නගර වල ඇති හොටල වලදී යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට 30% සහ 40% දක්වා වට්ටම් හිමිකරගත හැකි වේ. එමෙන්ම Cinnamon Air මගින් තෝරාගත් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා 20% ක් දක්වා වට්ටම් හිමිවන අතර Air Asia වෙතින්වි දේශ ගුවන් ගමන් සහ හෝටල් වෙන්කරවා ගැනීම් සඳහා 10% ක් දක්වා වට්ටම් හිමිවනු ඇත. Nawaloka Premier Wellness Centre
මගින් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට සෞඛ්‍ය සේවාවන් සඳහා වට්ටම් හිමි වේ. තවද නවීනතම ජංගම දුරකථන, ප‍්‍රක්ෂේපණ යන්ත‍්‍ර, ස්පීකර්, සහ ඡුායා පිටපත් යන්ත‍්‍ර වැනි උපකරණ සඳහා John Keells Office Automation (JKOA) වෙතින් සුවිශේෂී වට්ටම් හිමිවන අතර ඇස් කන්නාඩි සහ අවු කන්නාඩි සඳහා Vision Care වෙතින් 10% ක වට්ටමක්ද, Eric Rajapakse Opticians වෙතින් 15% ක වට්ටමක්ද හිමිවනු ඇත. මේ සියල්ල සමගින්, ‘යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ සඳහා සුදුසුකම් ලබන රක්ෂණ හිමියන්ට 2020 වසර කිසිදා අමතක නොවන මතක රැසක් තිළිණ කරන වසරක් බවට පත්වනු නොඅනුමාන ය.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. අත්දැකීම් බහුල හා උද්‍යෝගීමත් වෘත්තිකයන් කණ්ඩායමක්, ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක් සහ ලොව ඉහළම තලයේ ප‍්‍රති-රක්ෂණ සමාගම් සමග ඇතිකරගත් හවුල්කාරීත්වයන් වැනි සාධකවලින් පන්නරය ලබන යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට ජාත්‍යන්තර තලයේ රක්ෂණ සේවාවන් රාශියක් මෙරටට හඳුන්වා දී ඇත.
වැඩි විස්තර ඔබගේ පුද්ගලික මූල්‍ය උපදේශකවරයා වෙතින් විමසන්න. නැතිනම් 011 2 990 009 අමතන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව