ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදය: කුඩා තේ වතුහිමියන් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඵලදායීතාවයේ වැදගත්ම අංශයයි

Image 2 (3)

සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න විසිනි

සමස්තයක් ලෙස කුඩා තේ වතුහිමියන් පන්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරා සිලෝන් ටී (Ceylon Tea) නිෂ්පාදනයට හා නිමැවුම් සඳහා කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය සැලකිය යුතු දායකත්වයක් සපයයි. මේ නිසා අපගේ තේ කර්මාන්තයේ ‘කොඳු නාරටිය’ ලෙස අප ඔවුන් හඳුන්වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ වගා කළ හැකි භූමි ප‍්‍රමාණයෙන් 16%ක් තේ ක්ෂේත‍්‍රයට අයත් වේ. මෙයින් කුඩා තේ වතුහිමියන්ට මුළු තේ වගා බිම්වලින් 60%ක් අයත් වන අතර රටේ නිෂ්පාදනය කරන සමස්ත තේ ප‍්‍රමාණයෙන් 70%කට වඩා වැඩි ප‍්‍රමාණයක් සඳහා ඔවුන් දායකත්වය ලබා දෙයි. තේ පාලන පනතට අනුව රට පුරා ඇති පර්චස් 20ත් අක්කර 10ත් අතර තේ ඉඩම් ‘‘කුඩා තේ වතු’’ ලෙස සැලකේ.

මා ද කුඩා තේ වතුහිමියෙක්. මගේ ගමන මම ආරම්භ කළේ 1977 දී අක්කර 2ක තේ ඉඩමකින්. අද වන විට, මම කුඩා තේ වතු තුනක් පවත්වා ගෙන යනවා වගේම ශ්‍රී ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ලෙස ද කටයුතු කරනවා. පසුගිය දශක තුන හෝ ඊට වැඩි කාලයක් පුරාවට කුඩා තේ වතු පවත්වා ගෙන යෑම එතරම් පහසු කටයුත්තක් වුයේ නැත. ඔබගේ තේ වගා කර ඇති භූමි ප‍්‍රමාණය කුඩා හෝ විශාල හෝ වේවා භූමිය මනාව කළමනාකරණය කරන බව සහතික වීම, තේ දළු නිවැරදිව නෙලා ගැනීම හා සීලෝන් ටී හි ගුණාත්මකභාවය පවත්වා ගෙන යාම ආදිය ඔබට දිනපතා හමුවන ප‍්‍රධාන අභියෝග වේ.

වර්තමානයේදී වැටුප්, ඵලදායීතාවය, අස්වැන්න හා ගුණාත්මකභාවය ආදිය පිළිබඳව තේ කර්මාන්තය හා තේ සමාගම් මහත් අපහසුතාවයකට පත් කරමින් විශාල වශයෙන් කරුණු ඉදිරිපත් වෙමින් පවතී. එනිසා, හොඳම භාවිතාවන් උකහා ගැනීමට සහ ඉදිරියට යන තිරසාර මාර්ගයක් සොයා ගැනීමට උපකාර කිරීම සඳහා කුඩා තේ වතු හිමියන්ගේ දෘෂ්ටිකෝණයෙන් යමක් බෙදා ගැනීම වැදගත් යැයි අපට හැඟුණි. අප මෙම ක්ෂේත‍්‍රය කළමනාකරණය කරමින් පැවති ආකාරයේ මූලාදර්ශී වෙනසක් කර්මාන්තයක් වශයෙන් සාමුහිකව සහතික කිරීම අත්‍යාවශ්‍ය වේ

කර්මාන්තයේ වෙනසකට තුඩුදෙන මූලික සාධක

දිවයින පුරා කුඩා තේ වතු බහුලව දක්නට ඇත. බොහෝ පහතරට තේ සපයනු ලබන්නේ රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර යන ප‍්‍රදේශවල ඇති තේ වතුවලින්ය.  කෑගල්ල සහ මහනුවර පුරා මැදරට තේ පැතිර පවතින අතර උඩරට කුඩා තේ වතු බොහොමයක් දක්නට ලැබෙන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කය හා ඌව පළාත කේන්ද්‍ර කරගනිමින්ය.

කුඩා තේ වතු හිමියන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ ඉඩම්වල කළමනාකරුවන් සහ අස්වනු නෙලන්නන් ලෙස කටයුතු කරයි. කුඩා තේ බිම් කොටසක් කළමනාකරණය කිරීම පහසුය, ඔබ සතුව බිම් කොටසක් තිබේ නම්, ඔබ සහ ඔබේ පවුලේ අය ඊට නැඹුරු වනු ඇත. තේ බිම් කොටස විශාල වන තරමට කළමණාකරණය කිරීම ද පුළුල් වේ – එහිදී වඩාත් විශාල තේ සමාගම් ක‍්‍රියාත්මක කරන මූලික කරුණුවලට බෙහෙවින් සමානත්වයක් දක්වයි. කෙසේ වෙතත්, ප‍්‍රාදේශීය වැවිලි සමාගම් (RPCs) නමින් හැඳින්වෙන විශාල තේ සමාගම් මෙන් නොව සේවකයකු සම්බන්ධයෙන් වන්දි ගෙවීමේදී කුඩා තේ වතු හිමියන් ‘සාමූහික ගිවිසුමකට’ බැඳී නොමැත. 1950 ශ්‍රී ලංකා කාර්මික ආරවුල් පනත අනුව සාමූහික ගිවිසුම යන්නෙන් අදහස් වන්නේ ඕනෑම ක්ෂේත‍්‍රයක සේවකයින්ගේ රැකියාව පිළිබඳ කොන්දේසි සම්බන්ධ ගිවිසුමක් ලෙසයි. තේ කර්මාන්තය තුළ, මෙම ගිවිසුම ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ සේවක වැටුප් පිළිබඳ වන අතර සෑම වසර දෙකකට වරක් ඒ පිළිබඳව නැවත සාකච්ඡුා කරනු ලබයි.

එළැඹෙන වසරේ මුල් භාගයේදී වැටුප් පිළිබඳ සාකච්ඡුා ළඟා වෙත්ම කර්මාන්තයේ ක‍්‍රියාකාරීන් සියලූ දෙනා ඉදිරියේදී වැදගත් තීරණ ගැනීමට සිටින බවක් පෙනේ. මෙහිදී බොහෝ දෙනාගේ එකඟතාවයක් ඇති බව පෙනෙන එකම කරුණ නම් ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් එය ඉක්මනින් සිදු විය යුතු බවත් ය. මෙම සටන සෑම වසර දෙකකට වරක් සිදු වන අතර අවාසනාවකට මෙහි ජයග‍්‍රාහකයන් නැත. සිටින්නේ පරාජිතයින් පමණි. නමුත් එවැනි ගිවිසුමකට බැඳි නැති අප වැනි කුඩා තේ වතු හිමියන්ට අපගේ සේවකයින්, කර්මාන්තය හා සිලෝන් තේ නාමයේ උරුමය වෙනුවෙන් නිවැරදි යැයි සිතෙන තීරණ ගැනීමට ස්වාධීන අයිතියක් ඇත.

 

 



 

 

වැටුප් ගෙවීම් අනුපාතය සඳහා සාමුහික ගිවිසුම මිණුම් දණ්ඩක් ලෙස අප භාවිතා කරන තෙක් එක් වැදගත් වාසියක් අපට අත් වනු ඇත. එනම්, වැටුප් ගෙවීමේ ආකෘතිය පිළිබඳ තීරණය කිරීමට අපට නිදහස තිබීමයි. අපට සාමූහික ගිවිසුම කියන්නේ එක් මාර්ගෝපදේශයක් පමණයි. එබැවින් අපගේ ප‍්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ව්‍යාපාරයක් ලෙස තිරසාරව පවත්වා ගෙන යන අතරතුර කම්කරුවන්ට ආකර්ෂණීය වැටුප් ක‍්‍රමවේදයක් අපට ලබා දිය හැකි බව සහතික කිරීමටයි.

කුඩා තේ වතුහිමියන්ගේ උගත හැකි පාඩම්

අප වැඩ කරන ආකාරය මෙසේ දැක්විය හැකියි: මූලික වශයෙන්, තේ අස්වනු නෙලන්නන්ට ඔවුන් නෙලන සෑම තේ දළු කිලෝවකටම රුපියල් 30/-ක් ගෙවනු ලැබේ. සමහර අස්වනු නෙලන්නන් හොඳ දිනයකදී සාමාන්‍යයෙන් කිලෝග‍්‍රෑම් 30ක තේ අස්වැන්නක් නෙලනු ලබයි. හොඳ දිනයක් යනු කාලගුණය, පස සහ අස්වනු නෙලන ආකාරය යන සියල්ල අපට වාසිදායක අයුරෙන් පවතින දිනයකි. සෑම තේ පඳුරකින්ම දින 7-10ත් අතර තේ දළු නෙළීම සිදු කරයි. මෙයින් අදහස් වන්නේ, එක් තේ පඳුරකින් මාසයකට අවම වශයෙන් තුන් වතාවක් තේ දළු නෙලන බවයි. තේ වත්තකින් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා තේ දළු නෙලන්නන්ගේ විශේෂඥතාවය පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඔවුන් හැරුණු විට, කායික ශ‍්‍රමය අරමුණු කරගත් වල් නෙලීම, පොහොර යෙදීම සහ වතු යටිතල පහසුකම් නඩත්තු කිරීම වැනි කාර්යයන්වල නිරත වන දෛනිකව රුපියල් 1000ක වැටුපක් ලබන ක්ෂේත‍්‍ර සේවකයින් අපට සිටින අතර ඔවුන් දිනකට පැය 8ක් පමණ වැඩ කරයි.

ඉහත පෙන්වා දී ඇති පරිදි, තේ අස්වනු නෙලන්නන් සඳහා වන අපගේ ගෙවීමේ ක‍්‍රමය තෘප්තියක් නැති ස්ථාවර දෛනික වැටුප් ආකෘතියකට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටී. ඒ වෙනුවට සෑම තේ අස්වනු නෙලන්නෙකුටම ඔවුන් නෙලන තේ දළු කිලෝග‍්‍රෑම් ගණනට ගෙවනු ලැබේ. මෙය ඵලදායීතාව හා බැඳුණු වැටුපක් ලෙස හැඳින්විය හැකිය. මගේ පෞද්ගලික අත්දැකීම් අනුව කියනවා නම්, නෙලා ගත් තේ අස්වැන්න මත පදනම්ව වැටුප් ගෙවීමේ හැකියාව ඔවුන්ට මෙන්ම මට ද නිදහසකි. මෙය මාගේ තේ ඉඩම් වඩා හොඳින් කළමනාකරණය කිරීමට සහ ඉහළ ප‍්‍රතිඵල ලබා ගැනීමට ඉවහල් වූ අතර මා උනන්දුවක් දක්වන වෙනත් වැඩ ක්ෂේත‍්‍රයක් වෙත පිවිසීමට ද එය කාලය ලබා දී ඇත. නිදසුනක් ලෙස, ජාතික පෙර පාසල් සංවර්ධන පදනම පිහිටුවීමේ මගේ ආශාව ලූහුබැඳීමට මට හැකි විය. මෙම පදනමේ අරමුණ වන්නේ, වතු ප‍්‍රජාවන් තුළ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමයි.

පසුගිය වසර කිහිපය තුළ කුඩා තේ වතුහිමියන්ගේ තේ ඉඩම්වල වැඩ කරන තේ අස්වනු නෙලන්නන් ව්‍යවසායකයින් බවට පත් වී ඇත. කාර්යක්ෂමතාව සහ නිෂ්පාදිතය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන අස්වනු නෙලන්නන් ‘වෙනසක් ඇති කිරීමේ නියෝජිතයින්’ බවට පත්ව ඇත.

වසර ගණනාවක් පුරා, කුඩා තේ වතු හිමියන්ගේ අංශය කාලයට සරිලන පරිදි පරිණාමනය වී ඇතත් ඵලදායීතාවයට ප‍්‍රමුඛතාව හෝ ප‍්‍රමාණවත් ප‍්‍රතිලාභ ලබා නොදෙන මූලික වැටුප් ක‍්‍රමයක් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට බල කිරීම මගින් අපගේ කර්මාන්තයේ සෙසු කොටස් දියුණුව කරා යෑම වැළැක්වීම අවාසනාවකි.

එබැවින්, ප‍්‍රාදේශීය වැවිලි සමාගම්වලට (RPC) තිරසාර අයුරින් මෙහෙයුම් අඛණ්ඩව පවත්වා ගෙන යෑමට හැකි වීම අත්‍යවශ්‍ය වේ. එම අංශයේ බිඳවැටීම ඉහළම ගුණාත්මක ප‍්‍රමිතීන් සහ නව්‍යකරණය සඳහා එහි ඇති හැකියාව පිළිබඳ සමස්ත කර්මාන්තයේ කීර්ති නාමයට විශාල අවදානමක් ඇති කරයි.

එපමණක් නොව, සියලූ පාර්ශවයන්ට මෙම උභතෝකෝටිකයට පළමුව හා කඩිනම්  විසඳුමක් අවශ්‍ය බව පැහැදිලිය. වැටුප් ආකෘතිය සංශෝදනය කළ යුතුය. කුඩා තේ වතුහිමියන් ලෙස අපගේ අත්දැකීම් මෙම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂියක් වන අතර එය නොසලකා හැරිය යුතු නොවේ. අප සියලූ දෙනාම අපගේ තේ වෙනුවෙන් පෙනී සිටින අය වන අතර අපගේ කර්මාන්තයේ එක් අංශයකට සිදු වන පීඩාව අවසානයේ අප සැමට බලපානු ඇත. මූලාදර්ශී වෙනසක් අවශ්‍ය අතර එය ආරම්භ කළ හැක්කේ දීර්ඝ කාලයක් තිස්සේ සිදු නොවී පවතින, කම්කරුවන්ට වැටුප් ගෙවන ආකාරය පිළිබඳ යාවත්කාලීන කිරීමකින් පමණි.

(කතුවරයා සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපතිවරයාය. කුඩා තේ වතුහිමියන්ගේ සංගමය යනු දිවයිනේ කුඩා තේ වතුහිමියන්ගේ දියුණුව සහ සංවර්ධනය ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් සංවිධානයකි. 2018 දී කුඩා තේ වතුහිමියන් රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 70%කට වඩා දායක වී ඇත.)

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව