2025 පෙබරවාරි 06, කොළඹ: දේශගුණික වශයෙන් සුහුරු නව්‍ය විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ දැවෙන අභියෝගවලට මුහුණ දීම සඳහා පුද්ගලික අංශයේ, රජයේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ ප්‍රධාන පාර්ශ්වකරුවන් එක්රැස් කරමින්, දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයක් උදෙසා රාජ්‍ය-පෞද්ගලික-මහජන සංසදය කොළඹදී රැස්විය.
දේශගුණ සුහුරු කෘෂිකර්මාන්තයේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයට ඇති බාධක ජය ගැනීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව සංවිධානය කරන ලද මෙම සංසදය, සංවාද සහ සහයෝගීතාවට පහසුකම් සැලසීමේ උපායමාර්ගික වේදිකාවක් ලෙස සේවය කළේය. ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම, කාබන් විමෝචනය අඩු කිරීම සහ ජාතික දේශගුණික ඉලක්ක සඳහා සහාය වීම උදෙසා ප්‍රතිපත්ති, නියාමනයන්, මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් නවෝත්පාදනයන් කෙරෙහි සාකච්ඡාවන්හිදී අවධානය යොමු කරන ලදි.
පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. ඩී. එස්. ජයතුංග මහතා, සංසදයේ වැදගත්කම ඉස්මතු කරමින් මෙසේ පැවසීය: “අපේ කාලයේ ඇති අත්‍යවශ්‍ය අභියෝගයකට මුහුණ දීමේදී සාමූහික ක්‍රියාකාරිත්වයේ තිබෙන බලය මෙම සංසදය විසින් අවධාරණය කරයි. රාජ්‍ය, පෞද්ගලික සහ ප්‍රජා අංශවල විශේෂඥතාව සහ සම්පත් ඒකාබද්ධ කිරීමෙන්, කෘෂිකර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සහ මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් සඳහා තිරසාර ජීවනෝපායන් සුරක්ෂිත කිරීම සඳහා නව්‍ය විසඳුම් ආරම්භ කිරීමට මෙමගින් අපට හැකිය.”
FAO හි සහකාර නියෝජිත (වැඩසටහන්) නලින් මුණසිංහ මහතා සිය ආරම්භක දේශනයේදී මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සන්ධිස්ථානයක පවතී. මෙම සංසදය වැනි සහයෝගී උත්සාහයන් මගින්, අනාගත පරම්පරාවන් සඳහා, ජීවනෝපායන් ආරක්ෂා කරන සහ ආහාර සුරක්ෂිතතාව සහතික කරන තිරසාර, දේශගුණික විපර්යාස ප්‍රතිරෝධී වර්ධනයක් අපට සාක්ෂාත් කරගත හැකිය.”
කෘෂිකාර්මික ඵලදායිතාවට බාධා පමුණුවන අක්‍රමවත් වර්ෂාපතනය, දීර්ඝ නියඟය, උෂ්ණත්වය ඉහළ යාම සහ පළිබෝධ ව්‍යාප්තිය වැනි දේශගුණික විපර්යාසවල බලපෑම් ඇතුළු ප්‍රධාන අභියෝග සංසදයේ සැසිවාරයන් මගින් ඉස්මතු කරන ලදී පරිසමාප්ත “පෞද්ගලික අංශය සමග සම්බන්ධත්වය ගොඩනැගීමට ඇත් බාධක තක්සේරු වාර් තාව සොයාගැනීම් සංසදයේ පාර්ශවකරුවන් විසින් වලංගු කරන ලද අතර පෞද්ගලික අංශයේ ආයෝජන බලමුළු ගැන්වීම සඳහා ක්‍රියාකාරී විසඳුම් අතරට සුවිශේෂයෙන් සම්පාදනය කරන ලද ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, මූල්‍ය දිරිගැන්වීම් සහ වැඩිදියුණු කළ සම්බන්ධීකරණ යාන්ත්‍රණ ඇතුළත් විය.
දේශගුණික වශයෙන් සුහුරු කෘෂිකර්මාන්තය සඳහා සහයෝගී මාර්ග සිතියමක්
සංසදයේ ප්‍රධාන ප්රතිදානවලින් එකක් වූයේ ක්‍රියාත්මක කළ හැකි මාර්ග සිතියමක් පිළිගැනීමයි. එමගින් පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගනු ලැබේ:
- පෞද්ගලික අංශයේ ආයෝජන සීමා කරන බාධක ආමන්ත්‍රණය කිරීම;
- රාජ්‍ය-පෞද්ගලික-ප්‍රජා සහයෝගීතාව වර්ධනය කිරීම;
- ජාත්‍යන්තර දේශගුණික මූල්‍යකරණය ඉහළ නැංවීම;
- දේශගුණික වශයෙන් සුහුරු කෘෂිකර්මාන්තයේ යහභාවිතාවන් වර්ධනය කිරීමට සහ ඒ සඳහා උත්සාහයන් විධිමත් කිරීමට ඩිජිටල් පද්ධති සංවර්ධනය කිරීම.
මේ සඳහා පවතින උනන්දුව පවත්වා ගැනීම සහ කොටස්කරුවන් අතර අඛණ්ඩ සංවාදය හා සහයෝගීතාව සහතික කිරීම සඳහා පෞද්ගලික අංශයේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීම ද මාර්ග සිතියම මගින් අවධාරණය කරන ලදී.
ගෝලීය විශේෂඥතාව සහ දේශීය ක්‍රියාකාරිත්වය
දේශගුණ සුහුරු කෘෂිකර්ම ආයෝජන සැලසුම් පිළිබඳ විශේෂඥ මැදිහත්වීම් මෙම සංසදයේදී ඉදිරිපත් කරන ලදි. විසඳුම් සකස් කිරීම සඳහා සියල්ලන් ඇතුළත් කරගන්නා ප්‍රවේශයක් සහතික කරමින්, විද්‍යාර්ථීන්, සිවිල් සමාජය සහ මූල්‍ය අංශයේ පාර්ශවකරුවන් ඔවුන්ගේ දැක්ම බෙදා ගත්හ.
ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කිරීම, තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ ජාතික දේශගුණික කැපවීම් සාක්ෂාත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක සහ අනාගතයේ සිදුවන මුලපිරීම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සංසදයේ අරමුනයි.