තිරසාර ව්‍යාපාරයක් වෙනුවෙන් කැපවුණු ක‍්‍රිස්බ්‍රෝ වෙතින් හරිත සත්කාරයක්

Crysbro Haritha Sathkara 2

 




 

 

ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සිය තිරසර ව්‍යාපාරික පිළිවෙත් ආරක්ෂා කර ගනිමින් පරිසරය රැක ගැනීම සඳහා වන කැපවීම මැනවින් පෙන්නුම් කර ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ප‍්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශයන් අතර වන කි‍්‍රස්බ්‍රෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන යටතේ සමාගමට අයත් ගම්පොළ කුකුළු මස් සැකසුම් කර්මාන්ත ශාලා පරිශ‍්‍රය ආශ‍්‍රිතව කායා පැළ 250කට අධික සංඛ්‍යාවක් අලූතින් රෝපණය කිරීමට පසුගියදා පියවර ගන්නා ලදි.

ශ‍්‍රී ලංකාවේ හරිත ඝනත්වය ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතින අවස්ථාවක ක‍්‍රිස්බ්‍රෝ සිය ආයතන පරිශ‍්‍රය තුළින් සමාජයට ලබා දුන් යහපත් පණිවිඩය අන් ආයතනයන්ට ද ආදර්ශයක් වන බව නොරහසකි. පාරිසරික දත්තයන්ට අනුව 1990 සිට 2011 වන විට මෙරට කාබන් ඩයොක්සයිඞ් විමෝචනය 43කින් පමණ වර්ධනය වී ඇත. මෙම තත්වය අවබෝධ කර ගෙන සිටින ක‍්‍රිස්බ්‍රෝ සමාගම සිය තිරසාර ව්‍යාපාර දැක්ම ශක්තිමත් කරමින් සමාගමේ හරිත සත්කාරය වැඩසටහන ඔස්සේ තෝරා ගත් පාරිසරික සංවේදී කලාපයන්වල අලූතින් පැළ 3500කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝපණය කර ඇත.

ක‍්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා ‘‘ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම ලෙස ක‍්‍රිස්බ්‍රෝ ලාංකීය සමාජයේ සෑම සාධනීය අංගයක් වෙත පිවිස ඒ සඳහා අපට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට නිරතුරුව කැපවී සිටිනවා. එමෙන්ම අපේ අනාගත පරපුර පිළිබඳව අවධානය යොමු කරමින් තිරසාර ව්‍යාපාරික පිළිවෙතක් සහිත සමාගමක් ලෙසට පරිසරයට සිදු කළ හැකි ඉහළම සත්කාරය කිරීමටත් අපි බැඳී සිටිනවා. අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලිය ගෙන බැලීමේදී ද සමස්ත ක‍්‍රියාවලිය තුළ අප විසින් ක‍්‍රියාත්මක කරනු ලබන තිරසාර හා පාරිසරික හිතකාමී ක‍්‍රියාවලිය ලංකාවේ කුකුළු මස් නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි නිරත ව සිටින සෑම සමාගමකටම ආදර්ශයක් සපයනවා. ක‍්‍රිස්බ්‍රෝ සමූහයේ දැක්මට අනුව සාධනය කළ යුතු මූලික ඉලක්කයන් වන පාරිසරික තිරසාර බව, ප‍්‍රජා සෞඛ්‍ය, සමාජ ආර්ථික සාධාරණත්වය සහ ආර්ථික ලාභදායීත්වය යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සමාගම සෑම වසරකදීම වැඩසටහන් රැසක් ලංකාවේ විවිධ පළාත් කේන්ද්‍ර ගත කරගනිමින් ක‍්‍රියාවේ යොදවනවා. අපගේ ප‍්‍රමුඛතම නිෂ්පාදනය වන නැවුම් කුකුළු මස් නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා සරු පසක්, ජීවයෙන් පිරුණු ශාක පද්ධතියක්, පිරිසිදු ජල ප‍්‍රභවයන් අවශ්‍ය වෙනවා. අප ශ‍්‍රී ලාංකාවේ විශිෂ්ටතම කුකුළු මස් සන්නාමය ලෙස ජනතා සම්මානයට පාත‍්‍රවන්නේ ඉහත සාධක රැක ගැනීමටත් ප‍්‍රවර්ධනය කිරීමටත් අප විසින් ගනු ලබන ඉහළම අවධානය නිසයි. සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය පුරාම පරිසරයට සිදුවන හානිය ඉතාම අවම මට්ටමක පවත්වාගෙන යා හැකි තාක්ෂණයක් ක‍්‍රිස්බ්‍රෝ සතු වීම පසුගිය 50 වසර තුළ අප ලද විශිෂ්ට ජයග‍්‍රහනයක් ලෙස පෙන්වා දිය හැකියි’’ යනුවෙන් පැවසීය.

ක‍්‍රිස්බ්‍රෝ සිය නිෂ්පාදනයන් හි ගුණාත්මක බව පිළිබඳව ඉහළම සැලකිල්ලක් දක්වන බැවින් ආහාර නිෂ්පාදනයට අදාළ අන්තර්ජාතික ප‍්‍රමිතීන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම කුකුළු මස් නිෂ්පාදන ජාලයෙහි කිසිදු අපද්‍රව්‍යක් පරිසරයට මුදා නොහැරීමේ ප‍්‍රතිපත්තිය ^zero-wastage policy& සහ ISO 9001:14000 ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය පිළිපැදීම මගින් සියලූ ක‍්‍රියාවලීන් සෑමවිටම පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාමට ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය කටයුතු කර ඇත.

එමෙන්ම නවෝත්පාදනයන්ට පිවිසෙමින් නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වන අපද්‍රව්‍ය යළිත් නිෂ්පාදන ක‍්‍රියාවලියේ විවිධ අවස්ථාවන්ට භාවිතා කළ හැකි වන ලෙස අතුරු නිෂ්පාදනය ඇති කිරීම සඳහාත් ක‍්‍රිස්බ්‍රෝ පියවර ගෙන ඇත. සමාගම් පරිශ‍්‍රයන් හිදී පමණක් නොව ක‍්‍රිස්බ්‍රෝ සමග සම්බන්ධ වී සිටින සියලූ කුඩා කුකුළු ගොවිපළ හිමියන් සහ ගොවි ජනතාව සඳහාද ඔවුන්ගේ නිෂ්පාදන ක්ෂේත‍්‍රය අනුව පරිසර හිතකාමී පිලිවෙත් අනුගමනය කිරිමට ඔවුන් දිරි ගන්වා ඇත.

ක‍්‍රිස්බ්‍රෝ ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශයට අයත් දිරි සවිය, ප‍්‍රජා අරුණ, සිසු දිරිය, සුව ශක්ති, සහ ක‍්‍රිස්බ්‍රෝ Next Champ වැඩසටහන් විවිධ ක්ෂේත‍්‍රයන් ඔස්සේ සමාජය සවිබල ගැන්වීමෙහි නිරතව සිටී. ක‍්‍රිස්බ්‍රෝ දිරි සවි වැඩසටහන මගින් සහල් සහ බඩ ඉරි`ගු ගොවීන් 1200කටත් කුඩා කුකුළු ගොවිපළ හිමියන් 250කට අධික පිරිසකට සෙත සලසන අතර ඔවුන්ගේ අස්වැන්න වෙළෙඳපොළ මිල ගණන් යටතේ සෘජුව මිලදී ගනී. සිසු දිරිය වැඩසටහන මගින් මේ වන විට අභ්‍යාසලාභී පත්වීම් 200කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇති අතර සෑම වසරකදීම සමාගමේ සියලූ සේවක සේවිකාවන්ගේ දූදරුවන් වෙත පාසල් පොත් සහ උපකරණ පරිත්‍යාග කෙරේ. එමෙන්ම පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විශිෂ්ට සාමාර්ථ හිමිකර ගත් සේවක සේවිකාවන්ගේ දූ දරුවන් වෙත ශිස්‍යත්ව ද පිරිනැමේ. සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කැපවූ සුවශක්ති වැඩසටහන මගින් මේ වන විට සෞඛ්‍ය සායන 20කට වැඩි සංඛ්‍යාවක් සංවිධානය කර ඇත. එමෙන්ම ග‍්‍රාමීය රෝහල්වල යටිතල පහසුකම් නැංවීම සඳහා ද මෙම වැඩපිළිවෙළ යටතේ ආධාර කෙරේ.

CRYSBRO Next Champ වැඩසටහන අනාගත ඔලිම්පික් පදක්කම්ලාභීන් බිහිකිරීමේ ප‍්‍රමුඛතම වැඩසටහනයි. දිවයින පුරා විසිර සිටින දක්ෂ පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ජාතික ඔලිම්පික් සංගමයේ සහයෝගය ඇතිව ඔවුන්ගේ දක්ෂතා නැංවීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව පිරිනැමීම මින් සිදුවේ.

වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව j ^vertically-integrated& තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැුසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව