ඩෙල් ටෙක්නොලොජිස් විසින් සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයින් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ Road to Rights පදනම සිය දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා දැනුම ලබා දෙමින් ශ්‍රි ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද ඊට සහය විණි.
වෙරළ තීරය ආශ්‍රිතව කිලෝ ග්‍රෑම් 196 කට වැඩි ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරගැනිමෙන් පසුව ඒවා ලොරි රථවල පටවා ප්රතික්රීකරණ මධ්‍යස්ථාන වෙත යවනු ලැබිණි.
ඔක්තෝබර් මාසයේ සෙනසුරාදා දින හතරකදී දියත් කෙරුණු මෙම ව්‍යාපෘතිය මගින් ගාල්ල, ත්‍රිකුණාමලය සහ කළුතර යන වෙරළ තීරයන්ද, අවසන් වශයෙන් උස්වැටකෙයියාව වෙරළද තීරයද පිරිසිදු කෙරිණි. මෙම වෙරළ පිරිසිදු කිරීමේ සමස්ත සත්කාර්යය තුළින් ටොන් 1 කට අධික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් එක් රැස් කර ගත හැකි විණි.