2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් හි නායකත්ව කණ්ඩායමට සම්මාන ත‍්‍රිත්වයක්

1200px-Bharti_Airtel_Limited_logo.svg

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගමක්’ ලෙස මෑතකදී පැවති 2020 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී අඛණ්ඩව තෙවන වරටත් සම්මානයට පාත‍්‍ර වූ අතර එහිදී සමාගමේ නායකත්ව කණ්ඩායම සම්මාන ත‍්‍රිත්වයක් දිනා ගැනීම විශේෂයෙන් කැපී පෙනින.

ඒ අනුව, එයාර්ටෙල් ලංකා සේවා මෙහෙයුම් හා අවදානම් කළමනාකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර – චමින්ද වනසිංහ, නීතිය හා නියාමන අංශය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකාර – සේනානි ඉරුගල්බණ්ඩාර සහ පාරිභෝගික පසුගෙවීම් අලෙවි අංශ ප‍්‍රධානී, ඉස්ෆාර් අන්වර්ඞීන් මෙසේ සම්මානයට පාත‍්‍ර වූයේ සමාගමේ විවිධ ක‍්‍රියාකාරී විශේෂඥතාවයන්ගෙන් යුත් කණ්ඩායම් සාර්ථකව මෙහෙයවීමට ඔවුන් දැරූ ප‍්‍රයත්නයන් උදෙසාය.

සිය කණ්ඩායම ලබා ගත් ජයග‍්‍රහණ සමරමින් අදහස් දක්වන භාරතී එයාර්ටෙල් ලංකා හි, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ”පොහොසත් සංස්කෘතිකමය වටපිටාවක් සහිත සමාගමක් ලෙස පිළිගැනීමට ලක් වීම ගැන අප ආඩම්බර වෙනවා. ඒවගේම මෙලෙස නිරන්තරයෙන් පිළිගැනීමට ලක් වීම ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස අප සමාගම ලබා ඇති කීර්ති නාමය නැවත වතාවක් සනාථ කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

මෙම විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේ අරමුණ වන්නේ, නායකත්ව හැකියාව ඇගයීමේ ක‍්‍රම සහ කළමනාකරණ ශෛලිය, ක‍්‍රියාත්මක කිරීම සහ අවංකභාවය ආදිය මැන බැලීම තුළින් ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම කළමනාකරුවන් බිහි කරන පරිසර පද්ධතියක් හා සංස්කෘතියක් ගොඩ නැගීම හා අර්ථ දැක්වීමයි. මෙම නිර්දේශිත කළමනාකරුවන් තක්සේරු කරනු ලබන්නේ ජාත්‍යයන්තර ප‍්‍රමිතියකට හා ඇගයීමේ ආකෘතියක් මත පදනම් වූ ප‍්‍රධාන කළමනාකරණ නිර්ණායකවලින් අනතුරුව ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් සමඟ කළ සම්මුඛ සාකච්ඡුාවකින්ය.

එයාර්ටෙල් හි සුවිශේෂී සේවා සංස්කෘතිය පැවත එන්නේ එහි වටිනාකම් හා සාරධර්ම වලිනි. සමාගම පරිශීලකයින්ගේ සහ සේවකයින්ගේ අවශ්‍යතා තේරුම් ගැනීමට සැමවිටම උත්සාහ කරන අතර එහි සිටින විවිධ තරාතිරමේ සේවකයින් ආයතනය තුළ ඇති සංස්කෘතිකමය වෙනස පිළිගනිමින් සැමටම ගරු කරමින් කටයුතු කරයි.

 

 

 



 

 

ඵලදායී කළමනාකරණය ප‍්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ‘Lead Right’ වැනි ප‍්‍රමුඛ වැඩසටහන් ඇතුළුව, සමාගමේ සෑම මට්ටමකම සිටින සේවකයින්ගේ නිපුණතා සංවර්ධනය කිරීම එයාර්ටෙල් කණ්ඩායමේ තවත් තීරණාත්මක අංගයකි.

විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙල යනු ක්ෂේත‍්‍රයේ සිටින විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා ඇගයීමට ලක් කිරීම සඳහා පවත්වනු ලබන සම්මාන උළෙලක් වන අතර නායකත්ව විශිෂ්ටත්වය ඇගයීම සඳහා කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadership Academy) විසින් එය වාර්ෂිකව පවත්වනු ලබයි. ඉහළ කාර්යසාධනයකින් යුතු සංස්කෘතියක් තුළින් ඊළඟ පරම්පරාවේ නායකයින් බිහි කිරීමේදී සමාගමේ විශ්වාසනීයත්වය හා භාවිතාවන් පිළිබඳව මෙම ‘විශිෂ්ටතම කළමනාකරුවන් සහිත සමාගම’ යන සම්මානයෙන් සම්මානයට පාත‍්‍ර කරයි.

භාරතී එයාර්ටෙල් ලංකා සමාගම

2009 ජනවාරි 12 වැනි දින ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියන 01ක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හ`ඩ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර ස`දහා www.airtel.lk වෙත පිවිසෙන්න.

 

 

 

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව