ෆෙයාෆස්ට් වාර්තාගත කාලයකින් හිමිකම් මුදල් ගෙවයි සෑම පැයකදීම රථවාහන හිමිකම් මුදල් ඉල්ලීම් 1,100 ක් ඉටුකෙරේ

Fairfirst - Motor Claims Pix 1

2020 නොවැම්බර් 02, කොළඹ: රථවාහන අනතුරකට පසුව ඒ සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීමට අදාළ ක්‍රියාවලිය, ගනුදෙනුකරුවෙකුට සාමාන්‍යයෙන් සැලකිය යුතු කාලයක් වැයවන හා දුෂ්කර ක්‍රියාවලියකි. මෙම තත්ත්වය මැනැවින් වටහාගත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කලකට ඉහතදී, Click2Claim (C2C) නමින් විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කළේ ය. මෙහිදී රක්ෂණ හිමියාට අනතුර සම්බන්ධයෙන් ස්වයං-තක්සේරුවක යෙදී, තම දුරකථනය මගින් එම හානිය වීඩියෝගත කර සජීවී ලෙස ෆෙයාෆස්ට් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. මේ වනවිට මෙම Click2Claim ක්‍රමය නිසා ෆෙයාෆස්ට් සමාගම මෙරට ඉක්මනින්ම හිමිකම් මුදල් ඉල්ලීම් පියවන සමාගම බවට පත්වී ඇති අතර, පැයකදී හිමිකම් මුදල් ඉල්ලීම් 1,100 ක් දක්වා වේගයකින්, සාමාන්‍යයෙන් දිනකට ඉල්ලීම් 1,800 ක පමණ සංඛ්‍යාවක් සඳහා හිමිකම් මුදල් ගෙවීම සිදුකරයි.

මේ ආකාරයට රක්ෂණ ක්ෂේත්‍රයට නව ආදර්ශ සපයමින් ඉදිරියට යන ගමනේදී තම ප්‍රමුඛතම වගකීම වන්නේ කාර්යක්ෂම, වේගවත් හා සාධාරණ ලෙස හිමිකම් මුදල් ඉල්ලීම් සපුරාලීම බව ෆෙයාෆස්ට් සමාගමේ විශ්වාසය වේ. එය ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින් තම සුපුරුදු ජීවන රටාවන් වෙත නැවත යොමුවීමට අවස්ථාව ලබාදීමකි. අනතුරක් සිදුවූ පසු, එම අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණෙන නිලධාරියෙකු විසින් තක්සේරුව සිදුකරනු ලැබීම සාමාන්‍ය ක්‍රමවේදය වී පැවති යුගයක, ෆෙයාෆස්ට් සමාගමේ නව ප්‍රවේශය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. නව ක්‍රමවේදය යටතේ ගනුදෙනුකරුවන්ට අනතුර සිදුවූ ස්ථානයට වී, තක්සේරුකරණ නිලධාරියා පැමිණෙන තෙක් කාලය ගෙවීමට සිදුවීමේ අවශ්‍යතාව මුළුමනින්ම අහෝසි වී ගිය අතර, එය මේ වනවිට හිමිකම් මුදල් ගෙවීම අතිශයින් වේගවත් කරන සාර්ථක විසඳුමක් බවට පත්වී තිබේ.

මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ, සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක ෆෙයාෆස්ට් ඇමතුම් මධ්‍යස්ථානය තත්පර 3 කට අඩු කාලයකදී ගනුදෙනුකරුගේ ඇමතුමට පිළිතුරු දීමත් සමගිනි. ඉන් අනතුරුව හිමිකම් මුදල් ක්‍රියාවලිය සම්බන්ධ විශේෂඥයන් වෙත ඇමතුම යොමුවන අතර, හිමිකම් මුදල් ඉල්ලීම සම්බන්ධ ක්‍රියාවලිය දුරස්ථ ලෙස ආරම්භ වේ. එම නිසා, රිය අනතුරකට පසුව රක්ෂණ හිමියා කළ යුතු වන්නේ 0112 428 428 අමතා, අනතුර නිසා සිදුවී ඇති හානිය තම ස්මාර්ට්ෆෝන් දුරකථනය ඔස්සේ සජීවී වීඩියෝ දර්ශන මගින් අදාළ නිලධාරීන්ට පෙන්වා දීම පමණි. මෙම ක්‍රියාවලිය ස්මාර්ට්ෆෝන් සහ අන්තර්ජාල සම්බන්ධතාව හරහා සිදුවන නිසා අනතුරේ ස්වභාවය අනුව, විනාඩි 10 ක් තරම් කෙටි කාලයකදී හානිය තක්සේරු කර අදාළ මුදල ගෙවීමට අවස්ථාව ලැබේ.

 

 



 

 

මීට අමතරව, දයාව මුල්කර ගනිමින් ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් තවදුරටත් පහසු කරවීමේ උත්සාහයේ ප්‍රතිඵල ලෙස, අතිරේක සේවාවන් රැසක් හඳුන්වා දීමටද ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු කර ඇත. මහමගදී සිදුවන කාර්මික දෝෂ ආදියේදී පැය 24 පුරා සහය ලබාදීම සහ දිවයින පුරා 100 කට අධික EasyFix ගරාජ වලදී මුදල් ගෙවීමකින් තොරව, වගකීමක් සහිතව වාහන අලුත්වැඩියා කරගැනීමට අවස්ථාව සලසා දී තිබීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

මෙරට වඩාත් නිර්මාණශීලී රක්ෂණ සමාගමක් බවට පත්වීමට සමත් වීම නිසා එක් අතකින් ෆෙයාෆස්ට් සමාගමට ක්ෂේත්‍රය තුළ වේගයෙන් ඉදිරියට යාමට අවස්ථාව ලැබී ඇති අතර, අනික් අතින් ගනුදෙනුකරුවන්ටද එමගින් ඉමහත් පහසුවක් සැලසී තිබේ. සෑම විටම ‘සාධාරණ සහ ඉක්මන්’ විසඳුම් ලබාදීමටත්, දයාව, අව්‍යාජත්වය, වගකීම් සහගත බව සහ සුරක්ෂිතතාව (විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට සිදුවී ඇති පසුබිමක) යන වටිනාකම් වලට මුල්තැන දී කටයුතු කිරීමටත් ෆෙයාෆස්ට් කැපවී සිටී.

සාපේක්ෂව කෙටි ඉතිහාසයක් සහිත සන්නාමයක් වුවද,  වෙළඳපොළ තුළ ශක්තිමත් ලෙස ස්ථාවර වීමටත්, ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය තුළ පුරෝගාමී භූමිකාවක් ඉටුකිරීමටත් ෆෙයාෆස්ට් සමත් වී ඇත. මෑතකදී පැවති ‘Global Banking & Finance Awards 2020’ සම්මාන උළෙලේදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මාර්ගගත රක්ෂණ සමාගම’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වීම, ෆෙයාෆස්ට් සමාගමේ නවෝත්පාදන සාර්ථකත්වයට මනා සාක්ෂියකි. එමෙන්ම ‘Insurance Business Asia’ මගින් ප්‍රකාශයට පත්කරන ලද ‘2020 Top Insurance Workplaces in Asia-Pacific’ ලැයිස්තුවට එක්වීමට සමත් වූ එකම ශ්‍රී ලාංකික සමාගම වන්නේද ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමයි. මීට අමතරව ලොව පුරා විසිරුණු ෆෙයාෆැක්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගම් අතර වඩාත්ම නිර්මාණශීලී සමාගම ලෙස ඇගයීමට ලක්වීමටත්, ‘Top 100 Brands Directory in Sri Lanka 2020’ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වූ කෙටිම ඉතිහාසයක් සහිත සන්නාමයන් අතරින් එකක් බවට පත්වීමටත් ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි.

මෙරට ප‍්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන ෆෙයාෆස්ට් සමාගම වර්තමානය වන විට දිවයින පුරා ව්‍යාප්ත වී ඇති අතර පරිපූර්ණ ශාඛා ජාලයක්, සේවා සහකරුවන් සහ වෙළඳපොළේ ප‍්‍රමුඛතම රක්ෂණ තැරැව්කරුවන් සමග එක්වී මෙරට ජනතාවට රක්ෂණ සේවාවන් සමුදායක් තිළිණ කරමින් සිටී. ෆෙයාෆස්ට් සමාගම යනු කැනඩාව පදනම් කරගත් ෆෙයාෆැක්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමකි. ලොව රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ෆෙයාෆැක්ස් සමූහය මේ වනවිට අතිසාර්ථක ලෙස රක්ෂණ හා ප‍්‍රාරක්ෂණ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමින් ගෝලීය මට්ටමේ ප‍්‍රාරක්ෂණ සම්බන්ධතා පවත්වාගෙන යන ප‍්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත්වී ඇත. විශේෂයෙන්ම අග්නිදිග ආසියාව, නැගෙනහිර යුරෝපය, මැදපෙරදිග සහ බ‍්‍රසීලය වැනි රටවල් හා කලාපවල එය දිනෙන් දින පුළුල් වෙමින් පවතී.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව