ශ්‍රී ලංකාවේ අනාගත ව්‍යාපාර අවශ්‍යතා සඳහා සිස්කෝ සිය තාක්ෂණික යටිතල පහසුකම් පද්ධතිය පුළුල් කරයි

Sudhir Nayar, Cisco

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට සිය කැපවීම වඩාත් පුළුල් කරමින් සිස්කෝ ඩිජිටල් තාක්ෂණික පද්ධතිය මත ව්‍යාපාරික සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීමේ සිස්කෝ හි සේවා සමූහයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මීට අමතරව, සිස්කෝ විසින් දැනට ශ්‍රී ලංකාවත් සමඟ පවතින හවුල්කාරීත්වයන් තවත් වර්ධනය කර ගනිමින් කොවිඞ්-19 වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ අලූත් තත්වය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සවිබල ගැන්වීමට සිය ජාලකරණයන් පුළුල් කිරීමට කටයුතු කරනු ඇති අතර ඩිජිටල්කරණය හා තිරසාරත්වය ඇතුළත් ශ්‍රී ලංකාවක් යන රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ද උපකාරී වනු ඇත.

වසංගතයට පෙර පවා, දියුණු වෙමින් පවතින තොරතුරු තාක්ෂණය මත පදනම් වූ BPM අංශය 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කිරීමත් ජනගහනයෙන් 149% ක් වැනි ඉහල ප‍්‍රතිශතයක ජංගම දුරකතන වෙළෙඳපොළක් පැවතීමත් නිසා දැනුමින් සපිරි ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබුනි. වසංගත තත්වයත් සමඟ ශ්‍රී ලංකාව අද වන විට නව නීති රීති හා හැසිරීම් වලට හැඩ ගැසී ඇති අතර පාරිභෝගිකයින් ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව දැඩිව කැපවීමෙන් හා හුදකලා වීම හා ස්වාධීනව කටයුතු කිරීම සහ සබඳතාවන්ගෙන් තොරව අවම ස්පර්ශයක් සහිත විකල්ප වලට නැඹුරු වීමක් දක්නට ලැබේ.

 




 

වේගයෙන් පරිණාමය වන මෙම පරිසර පද්ධතිය තුළ, වෙනස්වන වෙළෙඳපොළ තත්වයන්ට අනුව හැඩ ගැසීමට ආයතයනවලට ඇති හැකියාව ඔවුන්ගේ සාර්ථකත්වය තීරණය කරනු ඇත. මෙය හඳුනාගනිමින්, ශ්‍රී ලංකාවේ කුඩා හා මහා පරිමාණ ව්‍යාපාරයන් අතර ඊ-වාණිජ්‍ය, සංචාරක, තොරතුරු තාක්ෂණය සහ නිෂ්පාදන වැනි ප‍්‍රධාන ක්ෂේත‍්‍ර තුළින් පුළුල් ප‍්‍රදේශයක් පුරි විසිරී සිටින ඩිජිටල් පාරිභෝගික අවශ්‍යතාවන් සපුරාලීමට ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යුහයන් නැවත සකස් කරමින් සිටී. ඔවුන් විසින් ඔවුන්ගේ ක‍්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීම, හයිබි‍්‍රඞ් ආකෘති යොදා ගැනීම සහ ඔවුන්ගේ ව්‍යාපාර වඩාත් කාර්යක්ෂම හා අනාගත අර්බුදවලට ඔරොත්තු දීම සඳහා ඔවුන්ගේ සැපයුම් ජාල ස්වයංක‍්‍රීය බවට පත් කරයි.

සිස්කෝ සිය නවතම  “Resilient Distributed Enterprises” (RDE) වැඩසටහනෙ හි කොටසක් ලෙස වඩාත් දැනුවත්භාවයකින් යුතු ක‍්‍රියා සඳහා ආරක්ෂක විශ්ලේෂණය තුළින් අනවසර ඇතුල්වීම්, තර්ජන හා නීති උල්ලංඝනය කිරීම් ආදිය හඳුනා ගැනීම ඇතුළුව සමාගම්වල ආරක්ෂණ ක‍්‍රියාවලිය එක් ස්ථානයකට ගෙන ඒමේ ප‍්‍රවේශය සහිත ජකදමා-බ්එසඩැ වේදිකාවක් වන SecureX සේවාව හඳුන්වා දෙයි. තවද, සිස්කෝ විසින් කෘතිම බුද්ධිය මගින් බලාත්මක වන (AI-powered), software-as-a-service වේදිකාවක් වන Intersight Workload Optimizer වෙත ප‍්‍රවේශය ලබා දෙන අතර එමගින් ආයතනවලට බුද්ධි මට්ටමේ කළමනාකාරීත්වයක් ලබා දෙමින් තොරතුරු තාක්ෂණ මෙහෙයුම් සරලව හා ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මත වීමට ඉඩ ලබා දෙයි.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කරා යන ගමනට සහාය වීම සඳහා සිස්කෝ විසින් හඳුන්වා දෙන වැඩසටහන් හි නවතම ප‍්‍රයත්නය වන්නේ මෙයයි. සිය ව්‍යාපාර සඳහා RDE හැකියාවන් වර්ධනය කිරීමට අමතරව සිස්කෝ සිය ජාලකරණ ඇකඩමිය හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් දැනුමෙන් යුත් ශ‍්‍රම බලකායක් නිර්මාණය කිරීමට අඛණ්ඩව සහාය දක්වයි. මෙම වැඩසටහන ආරම්භයේ පටන් මේ වන විට 33,500කට ආසන්න සිසුන් සංඛ්‍යාවක් පුහුණු කර ඇති අතර 2020 දී APJ කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව සිස්කෝ ජාලකරණ වැඩසටහන වේගයෙන් ක‍්‍රියාත්මක වන රටක් ලෙස පෙන්වා දිය හැකිය. 2021 වසර අවසාන වන විට සිසුන් 50,000ක් දක්වා වැඩි කිරීමට සිස්කෝ අරමුණ කර ගෙන සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව