බ‍්‍රෑන්ටෙල් ලංකා ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සූර්ය බල ශක්ති උපාංග (PV) සැපයුම්කරුවා’ ලෙස ප‍්‍රමුඛතම ගෝලීය ආයතනයක් මගින් සහතික ලබයි

Joint Forces for Solar award 2020 (1)

ගෝලීය සූර්ය සහ බලශක්ති ගබඩා කර්මාන්තය සහතිකකරණයේ ප‍්‍රමුඛතම ආයතනයක් වන Joint Forces for Solar Global (JF4S) විසින් ‘තොග’ ගැනුම්කරුවන් සඳහා ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම PV සැපයුම්කරුවා’ යන සහතිකකරණය බ‍්‍රෑන්ටෙල් ලංකා පෞද්ගලික සමාගමට ලබාදෙමින් එම සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.

ජර්මනියේ බොන් නුවර මුලස්ථානය කරගත් මූලික දත්ත මත පදනම් වන සමීක්ෂණ සහ උපදේශන සේවා ලබාදීමේ ගෝලීය විශේෂඥයෙකු වන EUPD රිසර්ච් සමාගම මෙම සහතිකකරණය ලබාදී ඇත. 2020 වසරේදී ලබාදුන් මෙම සම්මානය සඳහා ගෝලීය බලශක්ති පරිවර්තී වෙළඳපොළවල් 73 ක ඉංජිනේරු, ප‍්‍රතිසම්පාදන සහ ඉදිකිරීම් ගනුදෙනුකරුවන් සහ ව්‍යාපෘති සංවර්ධකයින් පිළිබඳව සිදුකළ තක්සේරු සහ සමීක්ෂණ පාදක කරගෙන තිබේ.

බ‍්‍රෑන්ටෙල් ලංකා සමාගම විසින් ප‍්‍රමුඛතම ගෝලීය සන්නාම වලට අයත් සූර්ය බලශක්ති උපකරණ බෙදාහරින අතර SMA සහ GoodWe ඉන්වර්ටර් JA Solar PV පැනල මෙන්ම KBE solar DC කේබල මෙම සන්නාම අතරට අයත් වේ. මෙමගින් මෙම ක්ෂේත‍්‍රයේ සිටින කීර්තිමත් ගෝලීය නිෂ්පාදකයින්ගේ අසමසම පුනර්ජනනීය බලශක්ති විසඳුම් සහිත අනර්ඝ නිෂ්පාදන මෙම සමාගම විසින් පාරිභෝගිකයින්ට ලබාදෙයි.

 

 




2020 සම්මාන ලබාදීමට ගැනුම්කරුවන් සහ අනිකුත් පාරිභෝගිකයින් වෙත ලබාදුන් ප‍්‍රමාණික සහ ගුණාත්මක ප‍්‍රශ්නාවලියක් මගින් එක්රැස් කරගෙන තිබෙන දත්ත භාවිතා කර ඇති අතර එහි පිළිතුරු විවිධ ප‍්‍රමිතීන් වලට අනුකූල වනසේ EUPD සමීක්ෂණ කණ්ඩායම විසින් විශ්ලේෂණය කර තිබේ. මේ අනුව, සමාගමක් සඳහා ලබාදෙන තක්සේරුව සඳහා කළමනාකරණ ස්වභාවය, සවිකිරීම (kWp/ MWs), අදාළ දිනය දක්වා සම්පූර්ණ කර තිබෙන ව්‍යාපෘති ප‍්‍රමාණය, ඉදිරියට සම්පූර්ණ කිරීමට තිබෙන ව්‍යාපෘති ප‍්‍රමාණය සහ සමාගමේ අනිකුත් අදාළ වන තොරතුරු මෙන්ම අවසාන පාරිභෝගිකයාගේ අත්දැකීම සහ නිර්දේශ යන කරුණු අදාළ කරගෙන ඇත.

ගැනුම්කරුවන්ට ලැබෙන ප‍්‍රමිතිය ගැන සලකා බැලීමේදී අලෙවියෙන් පසුව අවසාන පාරිභෝගිකයාට අදාළ භාණ්ඩයෙන් ලැබෙන තෘප්තිය, සවිකර තිබෙන PV පද්ධතියේ ගුණාත්මක තත්ත්වය, ලබාදී තිබෙන සේවාවේ ගුණාත්මක තත්ත්වය, අලෙවියෙන් පසු ලබාදෙන සේවාවේ ගුණාත්මක තත්ත්වය සහ සමස්තයක් ලෙස සම්පූර්ණ සේවාවෙන් ලබාදෙන තෘප්තිය යන කරුණු සැලකිල්ලට ගන්නා බව සම්මාන ප‍්‍රදානය කරන සමාගම් සඳහන් කර ඇත.

බ‍්‍රෑන්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම විසින් විශාල ව්‍යාපාරික ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයක් සඳහා තාක්ෂණික සහ අගය එකතුකළ සේවා ලබාදෙයි. අලෙවි අංශ සරල සහ වේගවත් කිරීම සඳහා සමාගම විසින් ලෝකය පුරා තිබෙන ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාම සමග ඒකාබද්ධවී තිබේ. පසුගිය වසර 17 ක කාලය පුරා ශාඛා සහ දිවයින පුරා විහිදුණු වෙළඳ නියෝජිත ජාලය හරහා සමාගමේ විශේෂඥ අලෙවි සහ තාක්ෂණික සහාය කණ්ඩායම පාරිභෝගිකයින්ට උපරිම සේවාවක් ලබාදීමට සමත්වී ඇත.

copper සහ fibre network cables, passive network components, සූර්යබල ඉන්වර්ටර්, PV පැනල, point-of-sale තර්මල් ප‍්‍රින්ටර් සහ ඩිජිටල් smart board විසඳුම් මාලාවක් ලොව ප‍්‍රමුඛතම ගෝලීය නිෂ්පාදකයින් සමග සම්බන්ධ වෙමින් බ‍්‍රෑන්ටෙල් සමාගම මෙරට පාරිභෝගිකයින්ට ලබාදෙයි. එසේම, E-tel Mini පරිගණක, ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක සහ Corning සඳහා මෙරට ජාතික බෙදාහරින්නා වන්නේද බ‍්‍රෑන්ටෙල් සමාගමයි.

 

 

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව